ජයකාන්ත ලියනගේ – බළපිටිය –
කැස්බෑවන් තිදෙනෙකු ඊයේ (03) උදෑසන කොස්ගොඩ, දූවේමෝදර වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ. එයට අමතරව දුර්ලභ ගණයේ මත්ස්‍යයෙකුද එම වෙරළ තීරයටම ගොඩගසා තිබියදී සොයා ගෙන ඇත.
මෙම කැස්බෑවන් තිදෙනාගේ සහ මත්ස්‍යයාගේ සිරුරු පරීක්ෂණ කටයුතු සදහා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත ලබාදෙන බව කොස්ගොඩ පොලීසිය කියයි.
පසුගියදා කොළඹට ආසන්න වෙරළ තීරයේදී ගිනිගත් රසායනික දව්‍ය අඩංගු නෞකාවේ බලපෑම මත මෙසේ කැස්බෑවන් මියයන බව පරිසර වෙදීහූ ප්‍රකාශ කරති.
නමුත් රාජ්‍ය අමාත්‍ය ආචාර්යය නාලක ගොඩහේවා ප්‍රකාශ කරන්නේ මෙසේ කැස්බෑවන් මිය යන්නේ මුහුදේ වාරකන් කාලය නිසා බවයි.
මියගිය කැස්බෑවන් තිදෙනාගේ සහ මත්ස්‍යයාගේ සිරුරු මුහුදට ගොඩගසා තිබූ අයුරු ඉහත ඡායාරූප වල දැක්වේ.