තුෂාරී කළුබෝවිල –
දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ හා දකුණු පළාත්වල ද මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද තද වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇති වන බව දැක්වේ.
වැසි සමග තද සුළං හා අකුණු අනතුරු ද ඇති විය හැකි බැවින් විමසිලිමත් වන ලෙස අවධාරණය කෙරේ.