බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව වෙනුවට ස්පුට්නික් !

SLMA writes to the President on vaccination strategy

by Lanka Sara Editor
ජූනි 3, 2021
in පුවත්
vaccines
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා මේ වනවිට කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති රෝගීන් ලක්ෂ 6ට දෙවන මාතාව ලබාදීමට රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කරන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය ඔවුන්ට දැනට මෙරටට ගෙන්වා අති ස්පුට්නික් එන්නතෙන් එම මාත්‍රාව ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කඩිනම් සායනික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රජජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි.

ඊයේ දිනයේ ජනාධිපතිවරයා වෙත වත්මන් වසංගත තත්ත්වය හමුවේ කඩිනමින් ගත යුතු පියවර පිළිබඳ ව යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය තවදුරටත් පවසන්නේ විද්‍යානුකූලව ස්පුට්නික් එන්නත් පළමු මාත්‍රාව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ලබා ගැනීමේ හැකියාවක් පවතින බව පෙනී යන බවයි.

මෙහිදී කඩිනම් සායනික පරීක්ෂණයක් සඳහා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් රෝගීන් සිය දෙනකුට ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා දී ඔවුන්ගේ ප්‍රතිදේහ මට්ටම සති දෙකකට පසුව පරීක්ෂා කිරීමෙන් මෙම තීරණය සඳහා සාධණීය සායනික ප්‍රතිඵලයක් ගත හැකි බව පෙන්වා දෙයි. එසේම එන්නත්කරණයේදී රජය මේ වනවිට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල සිටින ඉදිරිපෙළ අවදානමේ පසුවන පුද්ගලයන් සඳහා විධිමත් එන්නත්කරණයක් සිදු කිරීම අගයන අතර සෙසු පුද්ගලයන් සඳහා එන්නත්කරණයේදී පවතින අඩුපාඩු අවම කරගෙන ඊට නිසි ක්‍රමෝපායක් සකස් කළ යුතු බව ජනාධිපතිවරයා වෙත අවධාරණය කර තිබේ. එහිදී විශේෂයෙන් අධි අවදානමක් පවති කණ්ඩායම් සඳහා ප්‍රමුඛත්වය එන්නත්කරණයේදී ලබා දීමෙන් ඉදිරියේදී මෙවැනි හදිසි රට වසා දැමීමේ තත්ත්වයන් මඟ හැර ගත හැකි වන බව ද වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

“ලෝකයේ වෙනත් රටවල සහ ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවලට අනුව කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 73ක් සිදුවන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අතරය. සමස්තයක් ලෙස සිදුවන කොවිඩ් මරණවලින් සියයට 83කට හේතුවන්නේ වෙනත් රෝග සංකූලතා පවතින පුද්ගලයන් අතරය. දැනට පවතින පර්යේෂණ දත්ත මඟින් පැහැදිළිව පෙනී යන කරුණක් වන්නේ මෙම එන්නත්කරණය මඟින් රෝගීන්ට කොවිඩ් වෛරසය මාරාන්තික මට්ටමට පත්වීමෙන් වළක්වා ගත හැකි වන බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එසේ නොමැතිව කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීමට නම් රටේ ජනගහණයෙන් විශාල කොටසකට මෙම එන්නත. ලබා දිය යුතුය. එවැනි පසුබිමක් තුළ අප මේ මොහොතේ කළ යුත්තේ කොවිඩ් හේතුවෙන් සිදුවන සංකූලතා සහ මරණ අඩු කිරීමය. එහිදී අදාල අවදානම් සහගත කණ්ඩායම්වලට එන්නත් ලබා දීම අතිශයින්ම වැදගත්ය. මෙම විද්‍යාත්මක කරුණු සැලකීමේදී වයස අවුරදු 60ට වැඩි පුද්ගලයන්ට එන්නතේ ප්‍රමුඛතාව හිමිවිය යුතුය. එසේම වෙනත් රෝග සංකූලතා පවතින වයස අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායම්වලට ඊළඟ ප්‍රමුඛතාව හිමි විය යුතුය.

එසේ නොමැතිව මහජනතාව වැඩිපුර ගමන් බිමන් යන ජනාකීර්ණ තැන් ඉලක්ක කරගෙන සියලු දෙනා එන්නත්කරණයෙන් මෙම එන්නතෙන් ලැබෙන අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකිය.

එසේම ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය දැනට සිදු කරගෙන යන අවදානම් ලෙසින් සැලකෙන ග්‍රාම නිලධාරී වසම් ඉලක්ක කරගෙන සිදු කරන එන්නත්කරණය අනුමත නොකරයි. මේ වනවිටත් ඔවුන් තුළ රෝගය පැතිර තිබීමේ අවදානමත් ඔවුන් තුළ ප්‍රතිදේහ ගොඩ නැගී යම් ප්‍රතිශක්තියක් ගොඩ නැගී තිබෙන්නට ඉඩබොහෝ දුරට ඉඩ ඇත. ඒ වෙනුවට සමාජයේ ඉහත කී අධි අවදානම් සහිත වයස්ගත පුද්ගයන්ට එන්නත ලබා දීමට පියවර ගත යුතු අතර වෙනත් රෝග තත්ත්ව සහිත පුද්ගයන් වෙත ලබා දීම සඳහා රජයේ රෝහල්වලටද සමාන එන්නත් කොටසක් වෙන් කළ යුතුයි. එසේම ආර්ථික මධ්‍යස්ථානවල , පොදු මඟී ප්‍රවාහන සේවකයන් යැනි අවදානම් සහගත කාණ්ඩ සඳහා ද සමාන ප්‍රමුඛතාව ලබා දීම වැදගත්ය.“යනුවෙන්ද ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය සඳහනා කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චන්දිමාල් සාද දැමූ ෂැංග්‍රිලා හෝටලය නූලෙන් බේරෙයි !

Next Post

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ රෑ පුරා වැසි… වැඩිම වැස්ස කලුතර දිස්ත්‍රික්කයට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.