අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මැද සංචාරකයන් ගෙන්වන්න ආයතන 80ක් සූදානමින්

සංචාරක සභාපතිනිය පාර්ලිමේන්තු කමිටුවේදී හෙළි කරයි

by Lanka Sara Editor
දෙසැම්බර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා පහසුකම් සැපයීමට සංචාරක සේවා ස්ථාන 80ක් මේවන විට හදුනාගෙන තිබෙන බව සංචාරක සේවා අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසයි.

කෝවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව සංචාරක සේවා සැපයිය හැකි හෝටල් සහ සංචාරක කර්මාන්තයට අයත් ආයතවලට මේ සදහා ලියාපදිංචි විය හැකි බව ඇය පෙන්වා දුනි.

සෞඛ්‍ය බලධාරීන් සමග එම සේවා ආයතනයන්හි තත්ත්වය පරීක්ෂා කර බලා ඒවා අනුමත කළ හැකි බවත් සභාපතිනිය පැවසුවාය.

විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකිවන පරිදි ගුවන්තොටුපළ පළි විවෘත කිරීම සදහා කොවිඩ් මාර්ගෝපදේශ අනුව සැළසුම් සකස් කර ඇති බවත් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධව අද පස්වරුවේ (03) සෞඛ්‍ය බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මේබව පැවසුවේ සංචාරකයන් සදහා ගුවන් තොටුපළ කඩිනමින් විවෘත කිරීමේ අවශ්‍යතාව පිළිබද ඊයේ (02) පැවති සංචාරක අමාත්‍ය උපදේශක කාරක සභාවේදී චන්දිම වීරක්කොඩි ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

ෆයිසර් සමාගම විසින් නිපදවන ලද කෝවිඩ් එන්නත අනුමත කරන ලද පළමු රට ලෙස එක්සත් රාජධානිය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක යුරෝපය තුළද මෙම එන්නත ප්‍රචලිත වී සංචාරකයන්ගේ ප්‍රවර්ධනයක් ඇති වුවහොත් ගුවන් තොටුපල කඩිනමින් විවෘත කිරීමට සිදුවිය හැකි බවද අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය.

කමිටුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සිය අවධානය යොමු කළේය. මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ අතිගරු ජනාධිපතිතුමා විසින් පළමු වරට සංචාරකයනගේ ආරාක්ෂාව වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කර ඇති බවයි.

තවද මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම යෙදුමක් ( Mobile App) නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය පවසා සිටියාය. මෙම යෙදුමහි අන්තර්ගත පහසුකම් මගින් සංචාරකයා සිටින ස්ථානය සහ ළඟම ඇති පොලිස් ස්ථානය සමඟ සබදතාවය පවත්වා ගත හැකි බවත් මෙම ජංගම යෙදුම 2021 වසරේ හදුන්වා දෙන බවත් ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.

මෙහිදී අදහස් දක්වමින් මඩකලපුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාසමානික්කම් මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා නව වැඩපිළිවෙලක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන 4956 ක් දැනටමත් හඳුනාගෙන ඇති බවත් රාමායණ කතා පුවත සම්බන්ධ ශ්‍රී ලංකාවේ ස්ථාන ඉන්දියානු සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා දැනටමත් ඉන්දීය තානාපතිවරයා සමඟ කතා කර ඇති බවත් සභාපතිනිය මෙහිදී පැවසුවාය.

ගුවන්තොටුපල හා ගුවන් සේවා සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ විමසීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගුවන් තොටුපොළ මගී තදබදයට විසදුමක් ලෙස පළමු පන්තියේ මගීන්ට සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට පහසුකම් සැලසීම සඳහා වෙනම ප්‍රවේශ දෙකක් දැනටමත් ස්ථාපිත කර ඇති බවත් එය ගුවන් තොටුපල නැවත විවෘත කළ වහාම ක්‍රියාත්මක වන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

Next Post

වෘත්තීය අධ්‍යාපන කොමිසම ප්‍රතික්ෂේප කරද්දීත් ඇමති ඩලස් හිස්බුල්ලාගේ මඩකලපු සරසවියට අනුමැතිය දීලා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.