බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෘත්තීය අධ්‍යාපන කොමිසම ප්‍රතික්ෂේප කරද්දීත් ඇමති ඩලස් හිස්බුල්ලාගේ මඩකලපු සරසවියට අනුමැතිය දීලා

by Lanka Sara Editor
දෙසැම්බර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මහත් ආන්දෝලනයට ලක් වූ මඩකලපුව ශාරියා විශ්ව විද්‍යාලයට වෘත්තීය පුහුණු ආයතනයක් ලෙසවත් ලියාපදිංචි කිරීමට සුදුසු තත්ත්වයේ නොපවතින බැවින් එවකට වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කළද එවකට තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යවරවයා ලෙස කටයුතු කළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම විරෝධතා පිළිබඳව සැලකිල්ලක් නොදක්වා එයට අනුමැතිය ලබා දී ඇති බව අනාවරණය වේ.

අමාත්‍යවරයා මෙසේ තමන්ට ඇති බලතල ප්‍රකාර ව අනුව 2013 වසරේ මැයි 02 වැනිදා බැටිකලො කැම්පස් යන ආයතනයට මෙසේ අනුමතිය ලබා දී ඇති බව පසුගියදා මේ පිළිඳව විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.

විගණන දෙපාර්තමේනතුව විසින් සකස් කරන ලද විශේෂ විගණන වාර්තාවක් මේ වනවිට විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත යොමු කොට ඇති අතර එයින් විගණකාධිපතිවරයා නීතිපතිවරයාගෙනේ ඉල්ලා සිටින්නේ මෙම මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන අධිකාරිය සහ ලංකා බැංකුවේ නිලධාරින් විසින් වැරදි පිළිවෙත් අනුගමනය කොට ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ය.

මෙම විගණන වාර්තාවේ විශේෂ කරුණු රැසක් සඳහන් වන අතර එහිදී විගණකාධිපතිවරයා මතු කරන ඇති තවත් කරුණක් වන්නේ වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස ක්‍රියාක්මක කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නැති මෙම ආයතනය ට අමාත්‍ය අනුමැතිය ලැබීමත් එයින් පසුව 2014 වසරේදී තාක්ෂණ සරසවියේ උපකුලපතිවරයා, තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සහ මඩතලපුව විශ්ව විදයාලය අයත් වන හීරා පදනම අතර ත්‍රෛයිපාර්ශ්වීය ගිවිසුමක් ලෙස තුන් අවුරුදු අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද අමාත්‍යංශය මැදිහත් වී ඇති බවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එක් සිසුවකුගෙන් රුපියල් 216000ක මුදලක් අයකරන බවට වූ සඳහන හේතුවෙන් මේ අවබෝධතා ගිවිසුම සඳහා අමාත්‍යංශ ලේකම්වරයාද තමඅනුමැතිය ලබා දී නොමැති බවව එම විගණන වාර්තාවේදී අනාවරණය වී තිබේ.

එසේම හිටපු අමාත්‍යවරයකු සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතාගේ නායකත්වය යටතේ පිහිටුවා ඇති හීරා පදනම නම් ආයතනය සමාජ සේවා අයාකනයක් ලෙස ලියාපදිංචි කොට ඇති අතර එම ආයතනය සඳහා මහවැලි ඉඩම් අක්කර 35ක් බද්දට ගැනීමේදී සහ ලංකා බැංකුවේ ගිණුම් ආරම්භ කිරීමේදී ක්‍රියා කර ඇත්තේ නීත්‍යනුකූලව නොවන බවද සඳහන් කොට ඇත.

මෙම හීරා පදනමට පුද්ගලයන් දෙදෙනකු විසින් අවස්ථා 15කදී රුපියල් මිලියන 313ක මුදලක් ලැබී ඇති බවත් එම මුදල් පිළිබඳව කිසිදු නියාමනයක් සිදුව නොමැති බවද විගණන වාර්තා මින් අනාවරණය කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මැද සංචාරකයන් ගෙන්වන්න ආයතන 80ක් සූදානමින්

Next Post

කොවිඩ්වලට හෙළ ඔසුවක් සොයා ගත් බව කී තැනැත්තා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි නෑ…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.