දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොවිඩ් ප්‍රතිකාර රෝහලේ රොගීන්ට 10 දා දහවල් ලබාදුන් ආහාරවල පණුවන් සිටින බවට පැමිණිල්ලක් රෝගීන්ගෙන් සෞඛ්‍ය නිලධාරීන් වෙත ලැබී තිබේ.
මීට පෙර මෙම රෝහලේ ආහාර පිළිබඳව පැමිණිලි හයක් ලැබී තිබූ අතර එම පැමිණිලිවල සඳහන් වූයේ එම ආහාර රෝගීන්ට අනුභව කළ නොහැකි තත්ත්වයක පවතින බවය.
එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පොරොන්දු වී තිබුණද මේ දක්වා ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීමත් සමගම රෝගීන්ට ලබා දුන් දිවා ආහාරයේ පණුවන් සිටි බවට තවත් පැමිණිල්ලක් ලැබී තිබේ.
මේ පැමිණිල්ලද විභාග කරණ බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් රෝගීන්ට පොරොන්දු වී තිබේ.