සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් නිසා ජීවිතයේ සතුට නැති කරගන්නවාට වඩා මිය යෑම හොඳයි..

ස්විට්සර්ලන්තයේ බෝවන  රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය  පිආත්‍රො වෙඅනට්සා

by editor
ඔක්තෝබර් 16, 2020
in පුවත්
ස්විට්සර්ලන්තයේ බෝවන  රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය   මහාචාර්ය  පිආත්‍රො වෙඅනට්සා (Prof. Dr. Pietro Vernazza)

ස්විට්සර්ලන්තයේ බෝවන  රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය  පිආත්‍රො වෙඅනට්සා (Prof. Dr. Pietro Vernazza)

Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර .

ස්විට්සර්ලන්තයේ බෝවන  රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන මහාචාර්ය  පිආතො වෙඅනට්සා (Prof. Dr. Pietro Vernazza) කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැක්වූ මතභේදාත්මක අදහස් පිළිබඳ දැඩි කතාබහක් මතුවිය .

ඔහු සමඟ ස්විට්සර්ලන්ත පුවත්පතක් කළ සම්මුඛක සාකච්ඡාවකට ලැබුන ප්‍රතිචාර  සංඛ්‍යාව හයසියයකට ආසන්න වූයේය.  එය ඔහුගේ අදහස් වල ඇති  තියුණු විචාරශීලී  බවට කදිම නිදසුනක් විය .

“මට සතුට ගෙන දෙන දේවලින් ඈත්වීමට  කෝවිඩ් වසංගතය බාධාවක් වන්නේ නම්, එම ජීවිතය තව දුරටත් ඉදිරියට ගෙන යාමට සුදුසු එකක් නොවේ “යැයි ඔහු වරක් කීවේය .

“මරණය යනු ජීවිතයේ නරකම දේ නොව., එබැවින් අප මෙම වෛරසය  සමග ජීවත් වීමට ඉගෙන ගත යුතුය  “ඔහු තවත් වරෙක කීවේය .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊට ප්‍රතිචාර දැක්වූ ජනමාධ්‍යවේදියකු ඔහුගෙන් අසා සිටියේ සියලුම මිනිසුන්ගේ  ජීවිතය රෝගවලින් බේරාගැනීම වෛද්‍යවරයකු ලෙස ඔබේ කාර්යභාරය නොවේද යන්නයි. ඊට ඔහු පිළිතුරු දුන්නේ අපූරු ආකාරයටය .

“එදිනෙදා  වෛද්‍ය අත්දැකීම් අපට උගන්වන්නේ සියලු මිනිසුන්  මිය යා යුතු බවයි. අපගේ කාර්යභාරය ට ද සීමාවන් තිබේ. බොහෝ වයස්ගත පුද්ගලයින් සිටින්නේ ද මියයාමට   සූදානමින් ය “.

Prof -Dr- Pietro-Vernazza
විශේෂඥ වෛද්‍යවරයකු වන මහාචාර්ය  පිආතො වෙඅනට්සා

මහාචාර්ය විශේෂඥ වෛද්‍ය වෙඅනට්සා ගේ අදහස් ස්විස්  සමාජය බැහැර නොකරන බවට ඇති ප්‍රධාන සාධකයක් වන්නේ  ඔහු අඛණ්ඩව ස්විස් මාධ්‍යයේ පෙනී සිටීමය. ඇතම් පුවත්පත් වලට ඔහු තීරු ලිපි අඛණ්ඩව සපයයි. මේ ඔහු ආර්ගව්ර් පුවත්පතට (Argauer Zeitung) සැපයූ ලිපියක අනුවාදයකි .

පසුගිය දින කිහිපය තුළ යම් තරමක නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ. හදිසියේම නව සංචරණ සීමා කිරීම් හා lockdown කිරීම් පවා ඉල්ලා සිටී. පවතින තත්ත්වය  විශ්ලේෂණය කිරීමට අපි උත්සාහ කරමු.

ආසාදිතයන් සංඛ්‍යාව අසා පුදුම නොවන්න…

එමෙන්ම මේ මොහොතේ ඉහළ ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ අපි පුදුමයට පත්ව සිටින්නෙමු. මෙම ලිපිය ලියන දිනට පෙර දින  පමණක්  එසේ ආසාදිත වූ සංඛ්‍යාව වාර්තාගත ලෙස 1464 දක්වා ඉහළ ගොස් තිබේ . ඉලක්කම් හතරේ සංඛ්‍යාවක් අඛණ්ඩව තුන් වතාවක් පෙන්නුම් කළ  අවස්ථාව මෙයයි. මුල් පළමු රැල්ල පුරාම  රෝගීන් සංඛ්‍යාව දිනකට දහසකට වඩා ඉහළ ගියේ එකොළොස් වතාවක් පමණි. දෙවන රැල්ලක්  ගැන දැනටමත් කතාබහ මතුවී ඇත. නමුත් හැඟීම වැරදිය. වර්තමාන ආසාදිත සංඛ්‍යාව,  වර්තමානයේ අනුගමනය කළ ක්‍රමවේදයන්හි   අතුරු ප්‍රතිඵලයි.

ආසාධිතයින් හැකි තරම් ඉක්මනින් හඳුනා ගැනීම හා ඔවුන් නිරෝධානගත කිරීම මෙතෙක් සිදු කෙරිණි. මෙම ක්‍රම උපායන් සාර්ස්  (Sars) හා  ඉබෝලා වැනි වසංගත යන්හි ද සාර්ථකව අත්හදා බැලිණි. එබැවින් දිනකට කෝවිඩ් පරීක්ෂණ පහළොස් දහසක් (15,000) දක්වා වැඩි කිරීම සාර්ථක බවක් පෙන්නුම් කරයි.

“ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීම යන්නෙන් අර්ථ වන්නේ  රෝහල්ගත වන්නන්ගේ සංඛ්‍යාව අඩුවීම බව පැහැදිලි කරුණකි .අපි උපාය මාර්ග හොඳින් ක්‍රියාත්මක කළෙමු. කෝවිඩ් වෛරසය වැළඳුණු සංඛ්‍යාවේ ඉහළ අගයක් පෙන්නුම් කළ බොහෝ අවස්ථාවල එය වැළඳුණු අය පෙන්නුම් කළේ මෘදු  රෝග ලක්ෂණයි. ඒවා පළමු රැල්ල තුළ වාර්තා නොකළ ලැයිස්තුවට ඇතුළත් වූයේ  නැත .

“ලොක්ඩවුන් “ යනු තේරුමක් නැති වැඩකි

කෙසේ වුවද උපායමාර්ග දිගුකාලීනව පවත්වාගෙන යාම කළ නොහැකි බව අප  දැන් යුරෝපයේ පුරා හඳුනාගත යුතුය. ලොක්ඩවුන් (lockdown)  හි අරමුණ යථාර්ථවාදී නොවේ. කෝවිඩ් වෛරසය  සෑම රටකම පැතිර ඇත. එය නැවැත්වීම  ගැන තවත් කතා කළ නොහැකිය. සීත සෘතුවක් සමඟ එම සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යනු ඇත .

කෝවිඩ් පරීක්ෂණ සඳහා පමණක් මාස 6ක් තුළ ප්‍රෑන්ක් බිලියනයක් වැයවිය. (රුපියල් බිලියන දෙසීයක් ).

නිරෝධාන ක්‍රියාවලිය මගින් ආර්ථිකයට එල්ල වූ බලපෑම සුළුපටු නොවේ. එමෙන්ම තවත් වැදගත් දෙයක් පැවසීමට  තිබේ.  සෞඛ්‍යය පද්ධතියට ඇති අවදානම අප හොඳින් හඳුනාගත යුතුය. මේ සඳහා රෝහල්වල විශ්වාසදායක දත්තයන් අපට අවශ්‍යයි. ඊට අමතරව  සනිපාරක්ෂක කටයුතු කෙරෙහි  වැඩි අවධානයක් යොමු කළ යුතුය. තවත් වැදගත්ම  කරුණක් වන්නේ ඉක්මනින් කෝවිඩ් රෝග වැළඳෙන කණ්ඩායම් පිළිබඳ අවධානයෙන් පසු වීමයි. ඊට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. ඇතැම් විට කෝවිඩ් වැළඳුණු මහලු පුද්ගලයින් තුළ පවා මෘදු රෝග ලක්ෂණ  පෙන්නුම් කිරීමට පුළුවන.

කොවිඩ් වෛරසය  කෙරෙහි අප තුළ  පවතින තිගැස්ම  කාලයත් සමඟ වැඩිවෙමින් පවතින බව පුදුමයට කරුණක් නොවේ. ඒ නිසා රෝගය වළක්වා ගැනීමට දැඩි නිරීක්ෂණයන් අවශ්‍යයි .

කොවිඩ්  ලෝකයෙන් තුරන් නොවේ.

“කොවිඩ් වෛරසය    ලොවෙන් අවසන් වන්නේ නැත. එය අපගේ ජීවිතයේ කොටසක් බවට පත්වෙනු ඇත . මිනිසාගේ  ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වසර මිලියන ගණනාවක පරිණාමීය ක්‍රමවේදයක් මත වර්ධනය වූවක් බව අප මතක  තබාගත යුතුයෙ.  එය මිනිසාට මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට උපකාරී වනු ඇත.“

මුඛ ආවරණ භාවිතය, විසබීජහරණ දියර භාවිතය, හෝ ප්ලාස්ටික් ආවරණය  භාවිතයට වඩා මිනිසාගේ  ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය මේ මොහොතේ අපට උදව් උදවු කරනු ඇතැයි මට ඒත්තු ගොස් තිබේ.

මිනිසාගේ  ප්‍රතිශක්තිකරණ පද්ධති පිළිබඳ විශ්වාසය තමන්න. එය බලවත් ව පැවතීම මේ අවස්ථාව කළමනාකරණය කරගැනීමට අපට උපකාරී වනු ඇත.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

 යුද හමුදාපති කුසලාන අවසන් සටනට චන්දිමාල් සහ සීක්කුගේ සැරසෙයි

Next Post

මොරටුමුල්ලේ කුසගිනිවත්තට සංචරණ සීමා පැනවේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.