සූරියවැව නුවන් ජයසේකර –
වැල්ලවාය නගරයේ සිට මොණරාගල දිස්ත්‍රික්කය පුරා කොවිඩ් හෝ වෙනත් අසාධ්‍ය රෝගීන්ට, ගැබිණි මවුවරුන්ට, වයෝවෘද පුද්ගලයින්ට රෝහල වෙත පැමිණීම සඳහා නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් නොමිළයේ ටැක්සි සේවාවක් ක්‍රියාත්මක කිරීමට වෙල්ලස්සේ මනුස්සකම සමාජ සත්කාර පදනම කටයුතු කර තිබේ.
වෙල්ලස්සේ මනුස්සකම සමාජ සත්කාරක පදනමේ නිර්මාතෘ,වැල්ලවාය ප්‍රාදේශී සභාවේ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රී යූ.එස්.පී.බණඩාර ගේ අදහසකට අනුව ඔහුගේ විදේශීය හිතවතුන් පිරිසක් එක්ව මෙම සමාජ සත්කාරය දියත් කර තිබේ.
රෝගීන් රැගෙන යන සේවාවට අමතරව වැල්ලවාය නගරයට පැමිණෙන ඕනෑම වයෝවෘද පුද්ගලයෙකුට, ඕනෑම රෝගියෙකුට, ගැබිනි මාතාවන්ට මෙන්ම ආබාධිත පුද්ගලයෙකුට මෙම ටැක්සි සේවාව ක්‍රියාත්මක බවත්, නිවෙස්වල සිට හදිසි අවස්ථාවන්ට ලක්වන අයට මෙන්ම රෝහලට යන්න අපහසු, වෙනත් හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් වාහන පහසුකම් ලබා ගැනිමට නොහැකි ආර්ථික දුෂ්කරතා ඇති ඕනැම කෙනෙකු සඳහාත් මෙම සේවාව නොමිළයේ ක්‍රියාත්මක බව යූ.එස්.පී.බණඩාර කීවේය.
“අද වන විට පවතින කොරෝනා තත්වය හේතුවෙන් හදිස්සියට හයර් එකක් යන්න කතා කරගන්න වාහනයක් නැති තත්වයක් උදා වෙලා. හැමෝම බයෙන් ජිවත් වෙන්නේ. ඒ නිසා තමයි අපි නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම ටැක්සි සේවාව දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ.
ඒ නිසා අපේ මේ පහත දුරකතන අංක වලට කතා කිරීමෙන් ආබාධිත පුද්ගලයන්ට, වයෝවෘ පුද්ගලයන්ට, ගැබිණි මවුවරුන්ට, කුඩා දරුවන්ට සම්බන්ධ සේවාවන් සඳහා නිසි සේවා සැපයිමට අප බලාපොරොත්තු වනවා “ යැයි යූ.එස්.පී.බණඩාර වැඩි දුරටත් පැවසිය.
නොමිළයේ ක්‍රියාත්මක මෙම ටැක්සි සේවාව ලබා ගැනිමට 0552280008, 0768701088 / 0762806888 අංකවලට ඇමතීමෙන් හැකි බවත් ඔහු කීවේය.