පසුගිය සෙනසුරාදා (10) කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදු කළ මර්සිඩීස් බෙන්ස් රථය පැදවූ පුද්ගලයා පොලිස් අත්අඩංගුවෙන් මිදී විදේශයකට පළා ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරයි.
ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාර සම්බන්ධතා පවතින ඔහු එදිනම මෙරටින් පිටවී ගිය බවට තොරතුරු වාර්තා පළවන අතර ඔහු විදේශ ගතවී ඇතිද යන්න තහවුරු කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදාළ තොරතුරු පරීක්ෂා කරමින් සිටින බව ද වාර්තා වේ.
මෙම අනතුර එදින පෙරවරු 6.00 ට පමණ සිදුව ඇත්තේ කොල්ලුපිටිය ස්වර්ණවාහිනි මාධ්‍ය ආයකනය ආසන්නයේදීය.එම අනතුරින් තුවාල ලත් 58 හැවිරිදි ත්‍රි රෝද රථ රියදුරකු ජාතික රෝහලට ඇතලු කිරීමෙන් පසුව මිය ගියේය. මෙම අනතුර සිදුවන අවස්ථාවේ කාන්තාවන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු රථයේ ගමන් කොට ඇති අතර ඔවුන් බීමතින් සිටින බවට පොලිසියට නිරීක්ෂණය වී ඇත. කොල්ලුපිටියේ රාත්‍රි සමාජශාලාවක සිටව ඔවුන් මෙලෙස පැමිණි බව අනාවරණය වී ඇති අතර රියදුරාද බීමතින් සිටි බවට පොලිසිය සැක කරයි.
අනතුරට පත් CBH 9538 මර්සිඩීස් බෙන්ස් රථය පැදවූ රියදුරා වයස අවුරු 26ක් වන මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රයිසුල් ලෙසින් හඳුනාගෙන ඇති අතර ඔහු කොලඹ 10 දේවානම්පියතිස්ස මාවතේ නිවසක පදිංචිකරුවෙකි. ඔහු ඩුබායි හි ව්‍යාපාර කරන මිතුරකුද සිට ඇත. මෙම පුද්ගලයා අනතුර වූ දිනයේම ඩුබායි බලා ගමන් කළ බවට මේ වවිට තොරතුරු ලැබී ඇති අතර එම තොරතුරු තහවුරු කර ගැනීමට අදාල පියවර ගනිමින් සිටී. කෙසේ වුවද මේ වනවිට ඔහු විදේශගත වීම වළකාලීම් නියෝගයක්ද ලබාගෙන තිබේ.
කොල්ලුපිටිය පොලිසිය තවදුරටත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.







