සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කොරෝනා මරණ ගැන තීරණ වෙනස් කරන්න එපා”

ජාතික සංවිධාන එකමුතුවෙන් ජනපතිට ඉල්ලීමක්

by Lanka Sara Editor
නොවැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ආගමික අන්තවාදී පිරිස්වලට අවනතව කටයුතු කරන බව පෙනෙන්නේ යැයි කියන ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් පරිදි කොවිඞ් වසංගතය නිසා මිය යන අයගේ මළ සිරුරු පිළිබඳ තීරණ වෙනස් නොකරන ලෙස ජාතික සංවිධාන එකමුතුව ජනපතිගෙන් ඉල්ලීමක් කරයි.

ලිපියක් යොමු කරමින් එහි කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා මේ බව කියා සිටී.

අතිගරු ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
ජනාධිපතිතුමනි,

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලිම් අනුව රටේ, නීති, රෙගුලාසි හෝ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ වරද පිළිබදව

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආගමික අන්තවාදී පිරිස්වලට අවනතව කටයුතු කරන බව පෙනෙන යම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් පරිදි කොවිඞ් වසංගතය පාලනය කිරීමට අදාළ නිරෝධායන පටිපාටි වෙනස් කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවට මහජන මතයක් ඇතිවී ඇත. සමාජ මාධ්‍යවල පළවන තොරතුරු අනුව කෝවිඞ් – 19 වෛරසය ආසාදනයක් නිසා මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීමට විරුද්ධව යම් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම විරෝධතා ඉදිරිපත් කොට ඇත.

පසුගිය දින පාර්ලිමේන්තුවේ දීද ඊට අදාලව මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙපළක් විසින් ඉල්ලීම් ඉදිරිපත් කළ බව දැන ගැනීමට ලැබුණි. එම ඉල්ලීම්වලට අනුව ජාති ආගම් භේදයකින් තොරව වසංගතය නිසා මිය යන සියලු දෙනාගේ මළ සිරුරු භූමදානය නොකර ආදාහනය කළ යුතු බවට තාක්ෂණික කමිටුවක් විසින් ගෙන තිබූ තීරණය නැවත සමාලෝචනය කිරීම සඳහා ආණ්ඩුව විසින් තීරණයක් ගෙන ඇති බව අපට දැන ගන්නට ලැබී ඇත.

ඒ ආකාරයට ජාති හෝ ආගම් පදනමින් විවිධ අන්තවාදී මත දරණ පිරිස් විසින් කරනු ලබන පෙළඹවීම් වලට අනුව පවතින නීතියක්, රෙගුලාසියක්, පටිපාටියක් හෝ ප්‍රතිපත්තියක් වෙනස් කිරීමට හෝ සමාලෝචනය කිරීමට යම් රජයක් විසින් ක්‍රියා කරන්නේ නම් එය ඉතාම නරක පූර්වාදර්ශයක් බව ඔබතුමාට ඉතා කාරුණිකව පෙන්වා දීමට සිදුවේ. ඒ අනුව මෙම නිශ්චිත කාරණයට අදාළ පහත සඳහන් කරුණු ඔබතුමාගේ අවධානය පිණිස ඉදිරිපත් කරමු.

1 ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ විද්වත් සංවිධාන සහ අප රටේ විද්වතුන් ගේ අදහස් අනුව කොවිඞ් වසංගතය පාලනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග රටේ නිරෝධායන පනත ට අනුව සහ පොදු එකඟතාවට අනුව ඇතිකරගන්නා සම්මතයන් මත පදනම් විය යුතුය.

2 ඒ අනුව කොවිඞ් (19) වෛරසය භූගත ජලයට එක්වී පරිසරයට නිදහස් විය හැකි බවට සහ විශේෂයෙන්ම එම ජල මට්ටම පොළව මතුපිටට කිට්ටුව තිබෙන විට තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවට පවතින සාක්ෂි අනුව පොදු මහජන සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා කොවිඞ් වෛරසය ආසාදනය නිසා මිය යන්නවුන්ගේ සිරුරු භූමදානය කළ යුතු බවට විද්වතුන් ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් විසින් තීරණය කරනු ලැබීය.

3 එම තීරණය සමාලෝචනය කරන ලෙස මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව සහ විවෘතව කියා සිටියේ තාක්ෂණික කමිටුවේ තීන්දු අනුව කටයුතු කළ යුතු බවය.

4 තත්වය එසේ තිබියදී මුස්ලිම් මන්ත්‍රීවරුන් පමණක් භූමදානය කිරීම මළ සිරුරු භූමදානය කිරිම යනු තම ජනතාවගේ අයිතියික් ලෙස සලකා ඊට ඉඩ දිය යුතු බවට තර්ක ගොඩනගන්නේ ආගමික අන්තවාදී බලවේග සතුටු කිරීමට බව ඉතා පැහැදිලිව පෙනේ. අන්තවාදීහු සැම විටම තම ආගමට විශේෂිතව සැලකිය යුතු බවට සමාජ මතයක් ගොඩනැගීමට උත්සාහ කරන අතර එසේ නොවන වීට ඊට එරෙහිව සටන් කළ යුතු බවට මතයක් ගොඩනගති.

5 එවැනි ඉල්ලීම් ඉටුකිරීම නොව සලකා බැලීමට ඉදිරිපත් වීම මගින් පවා අන්තවාදී මතවාදය පෝෂණය වන බව තේරුම් ගැනීම් අමාරු නැත. ඒ මගින් අනාගතයේ දීද විවිධ කරුණු මුල් කරගෙන තම ආගමට අනුව තමාට විශේෂයෙන් සැලකිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කිරීම සහ ඒ මත පදනම්ව ගැටුම් ඇති කිරීම සාධාරණීකරණය කෙරෙනු ඇත.

6 මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය නොකළ යුතු බවට හෝ ආදාහනය කළ යුතු බවට ආණ්ඩුව විසින් තීරණයක් ගෙන නැත. එම තීන්දුව වසංගත තත්ත්වයට අදාළව පමණක් වලංගු වේ. ඒ බව අන්තවාදීන්ට හැර බහුතර මුස්ලිම් ජනතාවට තේරුම් ගත හැක.

එම නිසා මෙවැනි ඉල්ලීම් සලකා බැලීම්ට ඉදිරිපත් වීම පවා වැරදි ආදර්ශයක් බව ඉතා කාරුණිකව නැවත වරක් සඳහන් කරන අතර තාක්ෂණික කමිටුව විසින් මීට පෙර කරනු ලැබූ නිර්දේශය දේශපාලන පීඩනයන්ට යටත් වී වෙනස් කිරීම්ට ඉදිරිපත් නොවන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැදවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2020-11-06

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වලින් මැරුණු දෙන්…. ඔය මනුස්සය ගෙදරින් හෙල්ලුවොත් උඹව මරණවා..

Next Post

ට්‍රම්ප්ගේ ඡන්ද ප්‍රතිඑල නඩු මහාධිකරණයෙන් දෙවරක් හරවා යවයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.