අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා පැණිය ගැන වාද මැද අපේ පර්යේෂකයන් පිරිසක් කොත්තමල්ලි සහ වෙනිවැල්ගැටවල බලය විද්‍යාත්මකව තහවුරු කරති

by Lanka Sara Editor
දෙසැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බොහෝ දෙනකුගේ අවධානය කෑගල්ලේ වෙදදුරකු විසින් කොරෝනා මර්දනය සම්බන්ධයෙන් හැදූ පැණිය පිළිබඳව වාද විවාද කරද්දී අප කාලයක් පටන් භාවිත කරන දේශීය ඖෂධීය වට්ටෝරුවක් වන කොත්තමල්ලි සහ වෙනිවැල්ගැටවල අඩංගු ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට මෙන්ම සහ ප්‍රදාහ තත්ත්ව පාලනය කිරීමට සමත් සංයෝග ගණනාවක් එහි අඩංගුව පවතින බවට විද්‍යාත්මකව තහවුරු කිරීමට මෙරට තරුණ පර්යේෂක කණ්ඩාමක් සමත්ව සිටී.

මීයන් ඇසුරේ සිදු කරන ලද මෙම පර්යේෂණයෙන් ඔවුන් සියවස් ගණනාවක සිට මෙරට සාම්ප්‍රදායික ගෘහස්ත ඖෂධ වට්ටෝරුවක් ලෙස පානය කරන කොත්තමල්ලි සහ වෙනිවැල්ගැටවල අන්තර්ගත සංයෝග ගණනාවක් සිරුර තුළ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට සහ යම් ආසාදන හේතුවෙන් සිදුවන ප්‍රදාහ තත්ත්ව සමනය කිරීමට හේතුවන බව විද්‍යාත්මක පර්යේෂණ තුළින් තහවුරු කරගෙන ඇත.

මේ පර්යේෂණය සිදු කොට ඇත්තේ කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති සහ ප්‍රකට විද්‍යාඥයකු වන ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතාගේ මඟ පෙන්වීම මත කොළඹ විශ්ව විද්‍යාලයයේ අණුක ජීව විද්‍යාව ජෛව තාක්ෂණ සහ ජෛව රසායනය පිළිබඳ අධ්‍යයන ආයතනයේ සහ එම විශ්ව විද්‍යාලයයේ සත්ත්ව විද්‍යා සහ පරිසර අධ්‍යයන අංශයේ පර්යේෂකයන් කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් මහාචාර්ය ශිරෝමා එම් හඳුන්නෙත්තිගේ මෙහෙයවීම මත ශෂිකා දිනේත්‍රි කොතලාවල ගේ මූලිකත්වයෙන් සිදුව ඇත.

ඔවුන් තම පර්යේෂණ වාර්තාව මේ වනවිට ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවල ප්‍රකාශයට පත් කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පර්යේෂකයන් පිරිසිදු කොත්තමල්ලි ඇට වෙනිවැල්ගැට වෙළෙඳපොළින් ගෙන ඒවා නිසි ලෙස විද්‍යාත්මකව තහවුරු කර ගැනීමෙන් පසුව එක් ද්‍රව්‍යයකින් ග්‍රෑම් 30ක් බැගින් ගෙන පත අට එකට සිදුවාගෙන මිලි ලීටර 240ක කසාය ද්‍රාවණයක් සකස් කරගෙන ඇත.

එම ද්‍රව්‍ය පර්යේෂණාගාර මීයන් කණ්ඩායමකට ලබා දී ඇත්තේ මිනිස් බරට සමානුපාතික ව ගණනය කරන ලද මාත්‍රාවක් ලෙසිනි. එම මාත්‍රා ශරීරයේ අභ්‍යන්තර තත්ත්වය තුළ ක්‍රියාත්මක වන ආකාරය විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් නිරීක්ෂණයට ලක් කරනු ලැබ ඇත.

මෙම මීයන් තුළ ප්‍රදාහ ත්තත්ව ඇති කොට ඔවුන්ට එය සමනය කිරීමට ලබාදෙන බටහිර ඖෂධයක් වන ඉඩන්ඩොමෙතසීන් එක් කණ්ඩායමකට ලබා දී ඇති අතර අනෙක් මීයන් කණ්ඩායමට කොත්තමල්ලි වෙනිවැල්ගැට කසාය මාත්‍රා තුන බැගින් ලබා දී ඇත.

එයින් පෙනී ගොස් ඇති කරුණක් වූයේ මෙම කසාය ලබා දුන් මීයන් තුළ මෙම ප්‍රදාහ ත්ත්ව සෙසු කණ්ඩායම්වලට සාපෙක්ෂව අඩු වූ බව පැහැදිලිව හඳුනා ගෙන තිබේ.

මෙම පර්යේෂණයේ දී අනාවරණය වූ සුවිශේෂීම කරුණ වූයේ කොත්තමල්ලි සහ වෙනිවැල්ගැටවල පවතින ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමේ බලය එයට ලැබෙන ආකාරය පිළිබඳව හෙළිදරව් කර ගත හැකි වීමය.

පර්යේෂකයන් තම පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් කර ඇති ආකාරයට මෙම ඖෂධ අඩංගු සංයෝගයකට සත්ත්ව සෛල තුළ දී ආසාදනයක් වැඩි වීමට සහ එයට එරෙහිව ශරීරය තුළ ප්‍රතිදේහ හෝ ප්‍රතිදේහ ජනක නිපදවීමට බලපාන රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය වීම මෙල්ල කළ හැකි බවට අනාවරණය කරගෙන තිබේ. විශේෂයෙන් වෛරස වැනි ආසාදනයකදී එම ද්‍රව්‍යවල පවතින මෙ සුවිශේෂි ගුණය නිසා රෝග කාරකයකට එරෙහි ප්‍රතිදේහ නිපදවන ප්‍රතිද්හ ජනක නිෂ්පාදනය වැඩිවන බව එයින් සොයා ගෙන තිබේ.

පර්යේෂකයන් වැඩිදුරටත් තම පර්යේෂණ පත්‍රිකාවෙන් පෙන්වා දෙන්නේ කොත්තමල්ලි ඇටයේ පමණක් රසායනික සංයෝග 53ක් මේ වනවිට විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබ ඇති අතර එයින් මෙම ක්‍රියාවලිය සඳහා කවර රසායන ද්‍රව්‍ය හෝ සංයෝග හේතු වන්නේද යන්න පිළිබඳව පුළුල්ව පර්යේෂණ කළ යුතු බවය.

කෙසේ වුවද මෙයින් සියවස් ගණනාවක් අපේ පැරැණ්ණන් විසින් ආසාදන රෝගයක මුල් අවස්ථාවේදී එය සමනය කර ගැනීම සඳහා කොත්තමලිල්වල පිහිට පැතූ බවට මෙයින් පැහැදිළි සාකෂියක් සපයන බව පර්යේෂකයෝ පවසති.

වෙනිවැල්ගැට කඳෙහිද සංයෝග ගණනාවක් හඳුනා ගෙන ඇතත් එයින් කවර ආකාරයේ බලපෑමක් සිරුරේ වන්නේද යන්න පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කෙරෙන බව පර්යේෂකයන් ගේ අදහසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ලේ ඉතිහාසය ලියැවුණු රාජ්‍ය දේපල විකිණීමට එරෙහි විරෝධාතවයක් 

Next Post

මේ වනවිට කෝටි 600ක පීසීආර් කරලා…. සෞඛ්‍ය අමාත්‍යාංශ කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.