ප්‍රමාදවී පැමිණීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සුන්ග් ලී මහතා ඊයේ (22) දිනයේ චෝදනා කළේ තමාට නොවන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසයි.
ඒ අද (23) අමාත්‍යාංශයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.
පසුගිය අඟහරුවාදා කොළඹ පැවති වැඩසටහනකදී රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල්ඇ තුළු නිලධාරීන් පිරිසක් ප්‍රමාදවී පැමිණීම සම්බන්ධයෙන් එම අවස්ථාවට එක්වූ දකුණු කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සුන්ග් ලී දැඩි අප්‍රසාදය පළ කළේය.
එහිදී ඔහු සඳහන් කර තිබුණේ, “පොරොන්දු ඉටු කරන්න බැරි නම්.. මම මුණගැහෙන්න යන්නෑ. බිස්නස් ඉවරයි..” යනුවෙයි.
කෙසේවෙතත් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් අද ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ,
“අපි තුන්දෙනාම මෙතනට ආවේ හරියටම 9.30ට. 9.40 ට මගේ කතාව ඉවරයි. 9.40 සිට 10.45 දක්වා එතුමාගේ කතාව.වැඩසටහන දහවල් 12 ට අවසන් කළා. මට දෝෂාරෝපණය කළා කියන එක බොරුවක්. එක විනාඩියක්වත් පමා වුණේ නැහැ. සමස්ත ජනතාවම වේලාවට වැඩකරන්න ඕනේ. ඒකේ අඩුපාඩුවක් තියෙනවා. පුවත්පතකින් තමයි විකෘති පුවත දාලා තිබුණේ. අමාත්‍යාංශයේ වැඩ අපි අකුරටම ක්‍රියාත්මක කරනවා. අපිට මඩ නොගහා අපේ හොඳ රටට කියන්න. හොඳයි හොඳයි කියන එක තමයි කියන්න ඕනේ.”
මාධ්‍යවේදියෙක් – “ඔබතුමාලා මේ වැඩසටහන 9.30 ට පටන් අරගෙන.. ඇයි මාධ්‍යවලට උදේ 9ට ආරාධනා කළේ ?”
අනුප පස්කුවල් – “කැමරා හයිකරගන්න ඕනේ. 9.30ට එද්දී අපි තුන්දෙනාම එකට ආවේ.”
මාධ්‍යවේදියෙක් – “ඔබතුමා එනකොට නේද ඒ කොරියානු නිලධාරියා ප්‍රමාදය ගැන එතැනදී කිව්වේ ?”
අනුප පස්කුවල් – “නැහැ එහෙම එකක් නැහැ. සම්පූර්ණ රෙකෝඩින් එක බලන්න.”
මාධ්‍යවේදියෙක් – අද දහවල් 1.30ට CID එකට ඔබතුමා පැමිණිල්ලක් කරන්න යනවා කිව්වා.. මාධ්‍යවලට එරෙහිව. අද ඒක කැන්සල් වුණේ මොකද ?
අනුප පස්කුවල් – “මුලින් අපි මාධ්‍ය සාකච්ඡාවක් තියන්න ඕනේ. ඒ මත පදනම්ව අපි පැමිණිල්ල කරනවා.”
මාධ්‍යවේදියෙක් – “හෙට අනිවාර්යයෙන්ම CID එකට යනවාද ?”
අනුප පස්කුවල් – “හෙට අනිවාර්යයෙන්ම යනවා.. හෙට උදේ 10 ට.”
මාධ්‍යවේදියෙක් – “ඒ කියන්නේ උදේ 10ට හරියටම CID යනවා ?”
අනුප පස්කුවල් – “ඔව් වේලාවට කරන්න එපැයි වැඩේ. හරියටම 10 ට ගියේ නැත්නම් ඒකත් ලෙඩක්.”
දෙරණ –







