සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොටු පනින්න ගිය කෙහෙළියටත් ජනාධිපති අරමුදලින් ලක්ෂ 110ක්… දේශපාලකයින් ජනාධිපති අරමුදල කෑ හැටි නලින්ද පාර්ලිමේන්තුවේ කියයි!

by editor
දෙසැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දරිද්‍රතාවයෙන් පීඩා විඳන දරුවන්ට ලිපි ද්‍රව්‍ය ලබා දීම සඳහා රුපියල් හය දහසක මුදලක් වෙන් කිරීම සම්බන්ධව රජය ගත් තින්දුව පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී විවාදයක් පැවැත්වුනේය. දෙමව්පියන්ගේ දරිද්‍රතාවය දරුවන්ගේ අධ්‍යාපනය පවත්වා ගැනීමට බාධාවක් නොවිය යුතුය යන්න රජයේ අදහස බවත් ඒ හේතුවෙන් මේ තීන්දුව ගත් බවත් ආණ්ඩුව කීවේය.

ඒ විවාදය අතර දරුවන්ට ලබා දෙන මේ ප්‍රදානය සඳහා මුදල් ප්‍රතිපාදන උපයා ගැනීම සහ මේ වෙනුවෙන් ඇති අරමුදල් අවකාශ ගැන කරුණු දක්වමින් විවාදයට එක්වුන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනතාව හෝ පාර්ලිමේන්තුව නොදැන 2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදල දේශපාලකයින්ට කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු හෙළි කළේය.
ජනාධිපති අරමුදලේ මුදල් මිලියන ගණනින් දේශපාලකයින්ට වෙන් කළ ආකාරය සම්බන්ධව දීර්ඝ විස්තරයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

ඔහු විවාදය අතර කළ හෙළිදරව්ව මෙසේය.

“අපි දරුවන්ට උදව් කරන්න හදන වෙලාවේ මේ කියන්නේ. අපේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුලුවන් අරමුදලක් තියනවා 1978 අංක 07 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. මේ පනත 78 නොවැම්බර් මාසේ සම්මත කරන විට බොහොම පැහැදිලිව කියලා තියනවා උදව් කළ යුතු ප්‍රවර්ග කීපයක්.
1 දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා
2 අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා
3 ආගම නංවාලීම සඳහා හෝ ආගමික වත් පිළිවෙත් පවත්වා ගැනීම සඳහා
4 ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා
5 ජනාධිපතිවරයා හෝ මණ්ඩලය තීරණය කරන ආකාරයට සුබසිද්ධිය හෝ යහපත පිනිස වෙනත් යම් කාර්යයන් සඳහා

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ප්‍රධාන වශයෙන්ම දුප්පත්කමට සහන සලසන්න, අධ්‍යාපනයට ආගම සහ ජාතිය වෙනුවෙන් සේවය කළ අයට තමයි මේ ජනාධිපති අරමුදලින් සහන සලසන්න පුලුවන්. මේ මා ලඟ තියෙන්නේ “2005 -2024 ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු.”

මේ ජනාධිපති අරමුදලින් ආධාර ලබා ගත්ත කට්ටිය. අපේ ගම්වල හෘද සැත්කමකට හරි, පිලිකා රෝගයකට හරි මේ ජනාධිපති අරමුදලින් ආධාර ගන්න ගියාම ඒ මුදල ගන්න කොච්චර දුෂ්කර ද කියන එක ආණ්ඩුවෙ හිටියත් විපක්ෂයෙ හිටියත් ඔබතුමාලා දන්නවා. මම කියන්නම් නම් ටිකක්. ඔය මහත්වරු තෝරන්න මොන කැටගරිය යටතෙ ද මේ ගෙවිම් කරලා ඇත්තේ කියලා.

පී. හැරිසන්
පියසේන ගමගේ
සුමේදා ජයසේන
මනෝජ් සිරිසේන
පී දයාරත්න
එස්.සී මුතුකුමාරණ
වාසුදේව නානායක්කාර
සරත් අමුණුගම
එස් බී නාවින්න

මේ ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත්ත අයගේ නම්වලින් කොටසක්. මේ අයගේ නම් කෙලින්ම තියනවා. තව නම් කීපයක් තියනවා, සොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ.”

එක්කෙනෙක් ජේපීඩිපීකේ ජයසේකර. මෙතන තියෙන්නේ කුරණෑගල දිස්ත්‍රික්කයෙන් ආපු ජේපීඩිපීකේ ජයසේකර කවුද. අපි දන්න ජයසේකර එක්කෙනයි ඉන්නේ. දයාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕනේ.. මෙතන තියෙන්නේ ජේපීඩීපීකේ ජයසේකර කියලා.

කළුතර දිස්ත්‍රික්කයේ එච්.එම්.පී.එන් ද සිල්වා. මෙහෙම නමක් ඡන්ද ව්‍යාපාරයේ තිබුණෙ නෑ. හැබැයි පියල් නිශාන්ත ද සිල්වා තිබ්බා. එයා තමයි මේ. පියල් නිශාන්ත ද සිල්වා.

ඊලඟට එස්.ඒ.ඩී.එස් ප්‍රේමජයන්ත. ගෙදර ලිපිනය තියෙන්නේ නුගේගොඩ. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී. කවුද?. සුසිල් ප්‍රේමජයන්ත.

මේ නම ටිකක් හොයාගන්න අමාරු වුනා. කවුද මේ ඊඒඅයිඩීඩී පෙරේරා. බස්නාහිර පලාත් සභාවේ හිටපු මහ ඇමති. ඉසුර දේවප්‍රිය ධර්මසේන පෙරේරා.
“මේ කට්ටියක්.. තව ඉන්නවා…”

එස්.ඒ. ජගත් කුමාර – රු. ලක්ෂ 10යි
කේ පී එස් කුමාරසිරි – රු 953,430
ජයලත් ජයවර්ධන – රු ලක්ෂ 10යි
නාමල් ගුණවර්ධන – රු ලක්ෂ 10යි
ධර්මදාස බණ්ඩා – රු ලක්ෂ 10යි
විදුර වික්‍රමනායක – රු ලක්ෂ 15යි
විමලවීර දිසානායක – රු ලක්ෂ 30යි
ලකී ජයවර්ධන – රු ලක්ෂ 16.2යි
පී චන්ද්‍රසේකරන් – රු ලක්ෂ 14යි
ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි
ජෝසප් මයිකල් පෙරේරා – රු ලක්ෂ 27යි
ටී බී ඒකනායක – රු ලක්ෂ 48යි
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි
ජයන්ත වීරසිංහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක – රු ලක්ෂ 90යි
ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි
රංජිත් අලුවිහාරේ – රු ලක්ෂ 8.6යි
රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි
කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි. කාමරෙන් කාමරේට පනින් ගිහින්. මේ තියෙන්නේ විදේශ රටවල ප්‍රතිකාර ගන්න ගිහින් වියදම් වුන මුදල්.
එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි
රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි
දි මු ජයරත්න – රු ලක්ෂ 300යි

මේ ජනාධිපති අරමුදලේ මුදල්. එතකොට අපේ ගමක කෙනෙක් ලක්ෂ දෙක හමාරක් තුනක් හතරක් ගන්න මොනතරම් මහන්සි වෙනව ද?. මේ ගත්තේ මොන කැටගරි එක යටතෙ ද?. දුප්පත් කම අඩු කරන්න ද?. ආගමට සේවය කරන්න ද?. ඤාණය වර්ධනය කරන්න ද?. ලක්ෂ සීය දෙසීය දෙසිය පනහ තුන්සීය මේ අයට දීලා තියනවා. නැති බැරි මිනිස්සු. පරම්පරාවම අරන් තියෙන්නේ මෙතනින්. එහෙම තමයි ජනාධිපති අරමුදල පාවිච්චි කරලා තියෙන්නේ.

මේ මණ්ඩලයේ සභාපති වෙන්නේ ජනාධිපතිවරයා. 2005 සිට 24 වෙනකම් මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ මේ මණ්ඩලයේ සභාපතිකම දරලා තියනවා. ඔබතුමාලගෙ කාලෙත් මේ මණ්ඩලය මෙහෙම දීලා තියනවා. මේවා පාර්ලිමේන්තුව සහ රටේ ජනතාව දන්නේ නෑ.

අපි වියදම් කරන්නෙ මුදල් මවලා නෙමෙයි…

එපමණක් නෙමෙයි. මේ රටේ මේ දරුවො වෙනුවෙන් මුදල් වියදම් කරන්න තිබුණු මුදල්. අපි මුදල් මවල නෙමෙයි මේ දෙන්නේ. මේ මහා භාණ්ඩාගාරයෙ තිබුණු මුදල් එක පැත්තකට වියදම් අඩු කරලා ඒ මුදල් මේ රටේ ජනතාවගේ දරුවන් වෙනුවෙන් යොදවනවා.

මෙන්න වියදම්කරලා තියන හැටි. 2022 සැප්තැම්බ්ර් 21 සිට 2024 සැප්තැම්බර් 30 දක්වා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම් එකතුව ගත්තොත් රුපියල් එකසිය විසි එක් ලක්ෂ දස දහස් එකසිය විස්සයි අවුරුද්දකට. මේ වියදම් තමයි අග්‍රාමාත්‍යතුමිය ඇම්බියුලන්ස් එහෙම භාරදිලා අඩු කරලා තියෙන්නේ. මේ තමයි ජනතාවගේ බදු මුදල් වියදම් කරලා තියෙන හැටි තමුන්නාසෙලා. කවුද මේව පාවිච්චි කළේ. දිනේෂ් ගුණවර්ධන. අග්‍රාමාත්‍යවරයා හැටියට. කොතැන ද අග්‍රාමාත්‍ය කාර්යාලය තියෙන්නේ. එතන ඉඳන් ජාතික රෝහලට කොපමණ කෙටි දුරද තියෙන්නේ. ඉහලින්ම තියන පුද්ගලික රෝහල් තියෙන්නේ අතේ දුරින්. එහෙම තියෙද්දි අග්‍රමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය සේවා වියදම රුපියල් ලක්ෂ 121ක්.

මේවා නතර කරන්න තමයි ජනතාව අපට බලයක් දුන්නේ. ඒව අපි කරමින් ඉන්නවා. අපි දන්නවා භාණ්ඩ හිඟයක් තියනවා. දැන් කෑ ගහනවා පොල් කන්න නෑ… හාල් කන්න නෑ කියලා. නමුත් ඒ හඬේ යටින් තියෙන්නේ හොරා කන්න නෑ කියන එක.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රිය අනතුරින් මිය ගිය 17 හැවිරිදි දියණියගේ මරණ පරීක්ෂණය සඳහා වෙනත් නමකට අධිකරණ නියෝගයක් ලබාගෙන….

Next Post

“මගේ සියලු අධ්‍යාපන සුදුසුකම් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා…” සජිත් කියයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.