මහාවීර දිනය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුකා පෙරේරා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කරන රේණුක පෙරේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (5) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ නිවසේ දී ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් අද උදෑසන ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළේය.







