අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරේ ‘මහවිරු’ සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය. ඔහුගේ නිවසේ දි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
පෙරේදා පාර්ලිමේන්තුවේ කතා කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස පොහොට්ටුවේ පාලන ලේකම්වරයා ජාතිවාදය වපුරවන ආකාරය හෙළි කර තිබිණි.







