බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොටි ගණක් වටිනා තෙල් ටැංකි දෙකක් පසුගිය රජය සමයේ ලක්ෂ 13කට අබලි යකඩවලට විකුණලා… භූ ගත ටැංකියක් යකඩ හොරු ගොඩට අරන් යකඩවලට කපලා…

by editor
ජූනි 8, 2025
in පුවත්
හොරු යකඩවලට කපපු භූගත ටැංකිය...

හොරු යකඩවලට කපපු භූගත ටැංකිය...

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඛනිජ තෙල් සංස්ථාවට අයත්ව කදුරුවෙල පිහිටි තෙල් ගබඩා කිරීමේ ටැංකි අබිලි යකඩ බවට හුවා දක්වමින් එම තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථානයේ තෙල් ටැංකි දෙකක් අඩු මුදලට ටෙන්ඩර් කොට විකිණීම හා එම තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථානයේ විශාල තෙල් ගබඩා කිරීමේ තෙල් ටැංකියක් ටෙන්ඩර් පටිපාටියකින් තොරව හොර රහසේ ගොඩට ගෙන විකිණීමේ සැලසුම පිලිබඳ සොයා බැලීම සඳහා ජාතික ජනබලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි ඇතුළු කණ්ඩායමක් එම තෙල් ටැංකි පිහිටි කදුරුවෙල නගරයට ආසන්න ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (07) නිරත වූහ.

කදුරුවෙල ප්‍රධාන දුම්රිය ස්ථානායට පිටිපස පිහිටි මෙම තෙල් ගබඩා සංකීර්ණය 1986-87 කාලවලදී එවකට පැවති රජය විසින් පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙසට භාවිතා කර
තිබේ.

හොරු යකඩවලට කපපු භූගත ටැංකිය…

මෙම ඉන්ධන ගබඩා සංකීර්ණය තුළ ලීටර් 50,000ක් හා ලීටර් 28,000ක් ගබඩා කළ හැකි බාහිර ටැංකි දෙකක් හා ලීටර් 45,000ක් ගබඩා කල හැකි භූගත ටැංකියකින් සමන්විතව පැවතුණි. මෙපමණ ධාරිතාවයක් සහිත ටැංකි තුනක සාමාන්‍ය වෙළෙඳපල වටිනාකම රුපියල් කෝටි 3ක් ඉක්මවන්නේය.

කෙසේ නමුදු ඛනිජතෙල් නීති ගත සංස්ථාව විසින් එම මධ්‍යස්ථානයෙන් තෙල් බෙදා හැරීම් කටයුතු වසර ගණනාවක සිට නවතා දැමීමත් සමග එම තෙල් ටැංකි කිසිදු ප්‍රයෝජනයකින් තොරව අත් හැර දැමීම මත එම තෙල් ගබඩා කිරීමේ ටැංකි කැලෑ වැදී තිබුණි.

මේ අතර වාරයේ පසුගිය රජය මගින් 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 18 වෙනි දින මෙම ඉන්ධන ගබඩාව සතු ඉන්ධන ටැංකි 03 න් 02ක් අබිලි යකඩ වලට රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලකට කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික යකඩ සමාගමකට අලෙවි කර ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

එම ටෙන්ඩර් කර විකිනීමට කටයුතු කළ තෙල් ටැංකි දෙක ටෙන්ඩර් ලබාගත් සමාගම විසින් ටැංකි දෙක එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ටෙන්ඩර් නොකළ පොළොව යට තිබූ භූගත ටෙල් ටැංකිය කිසියම් පිරිසක් විසින් හොර රහසේ ගොඩට ගෙන එම ටැංකිය කපා දමා විනාශ කිරීමට පසුගිය සතියේ කටයුතු කර තිබේ.

එම විනාශය හා රජය සතුව තිබූ තෙල් ටැංකි විකිණීම පිලිබද සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි ඇතුළු පිරිසක් එම තෙල් ටැංකි පිහිටුවා තිබූ ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මෙලෙස කීය.

“මෙම තෙල් ටැංකි විකිණීම සම්බන්ධයෙන් වත්මන් රජයේ කිසිදු මැදිහත්වීමක් සිදුකර නැහැ. පසුගිය රජය මගින් මෙම ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඉතා වටිනා තෙල් ටැංකි දෙකක් ඉතා අඩු මිළට අබිලි යකඩ බවට හඟවමින් ටෙන්ඩර් කර පෞද්ගලික ආයතනයකට විකුණා තිබෙනවා.”

“මෙතන භූගත ටැංකියක් කිසිදු ටෙන්ඩර් දැමීමකින් තොරව තිබියදී කිසියම් පිරිසක් විසින් එම ටැංකිය පොළොවෙන් ගොඩට ගෙන විනාශ කරලා .මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට පොළොන්නරුව පොලීසියට පැමිණිලි කර තිබෙනවා, තිබෙනවා මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.” මන්ත්‍රීවරයා මෙහිදි පවසා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති සමාව නුදුන් සිරකරුවන් ගණනාවක් බන්ධනාගාර නිලධාරීන් කාලයක් තිස්සේ නිදහස් කරලා… ජනාධිපතිවරුන්ටත් බන්ධනාගාර ලොක්කන් ගහපු කුපාඩි ගේම CID විමර්ශනවලින් එළියට…

Next Post

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවකින් නිල් සහ කහ මැකෝ පැටවෙකු සොරකම් කරයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.