බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙස් ගැලවෙන සත්කාරය කළ මිනුවන්ගොඩ සැලොන් කඩේ සේවිකාවක් 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට….

by editor
සැප්තැම්බර් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හා පොලිසිය මගහැර සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ සේවිකාවන් දෙදෙනාගෙන් එක් සේවිකාවක් අද (13) මිනුවන්ගොඩ පොලිසියට භාරවීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කර අධිකරණ නියෝග මත මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේය.

ලෙස මිනුවන් ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ලලනී එම්. බුලත්සිංහල අද එම (13) නියෝග කළාය .

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිනුවන්ගොඩ කලවාන අංක 14/ඒ. පදිංචි සඳුනි හංසිකා පියුමාලි (22) නමැති එම රූපලාවන්‍ය ආයතනයේ සේවය කළ සේවිකාවකි.

එහිදී පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් රූපලාවණ්‍යායතනයේ හිමිකාරිය සහ අනෙක් සේවිකාව අධිකරණ නියෝගද නොසලකා හරිමින් තවමත් සැඟවී සිටින බැවින් ඔවුන්ට විදේශගතවීම තහනම් කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් එහිදී ඉල්ලා සිටියේය .

ඒ අනුව එම කරුණු සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරිය රූපලාවන්‍යාගාරයේ හිමිකාරියට සහ අනෙක් සේවිකාවට විදේශ ගතවීම තහනම් කරමින් නියෝග නිකුත් කළ අතර ඊට අමතරව ඔවුන්ගේ දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට හා ඡායාරූප ජනමාධ්‍ය ඔස්සේ පළ කරන ලෙසට පොලිසියට නියෝග කෙරිණ .

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

මෙම අවස්ථාවේදී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන රංජිත් දිසානායක සහ අෂාන් ලක්මාල් මෙම රූපලාවණ්‍යාගාරය තුළ දී පැමිණිලිකාර කාන්තාවගේ හිස කෙස් සැකසීම සඳහා ගල්වන ලද ආලේපන සහ අනෙකුත් ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේදී විත්තිකාර සේවිකාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියන්ති ලියනාරච්චි අධිකරණයට කරුණු දක්වමින් මෙම තරුණිය එම රූපලාවණ්‍යාගාරයේ පුහුණුවීම සඳහා එහි සේවයට ගොස් සිටින අයෙකු බැවින් අදාල සිදුවීමට මෙම තරුණියගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය මෙම සිදුවීමට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය .

මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක වජිරා ශාමලී සහ උප පොලිස් පරීක්ෂක කේ. ජී .කේ. අභයරත්න සැකකාර සේවිකාව අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයවිය .

අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් නීතිඥවරුන් වන රංජිත් දිසානායක සහ අෂාන් ලක්මාල් මහත්වරුන් පෙනී සිටිය අතර සැකකාර සේවිකාව වෙනුවෙන් නීතිඥ ප්‍රියන්ති ලියනාරච්චි මහත්මිය පෙනී සිටියාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ රැළිවලට සෙනග සපයන “මෑන් පවර් ” ආයතන බිහිවෙයි… ප්‍රධාන අපේක්ෂකයෙකුගේ රැළියක් සඳහා පුද්ගලයෙකුට 3000යි… දෙවන පෙළ අපේක්ෂකයෙකුට 1500යි… හිටපු අධිකරණ ඇමති හෙළි කරයි…

Next Post

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක රත්තරන් කුඩු පන්නන්න හැදූ පුද්ගලයෙක් කටුනායක දී අත් අඩංගුවට…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.