ඇමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි විස්ස කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කර නැති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අද (17) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
කුසල් මෙන්ඩිස් ඒ සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග කටයුතු කරන බවද තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇති තවත් ලේඛන ප්‍රමාණයක් ලබා දුන් පසු ඉදිරි දින දෙක තුළ දී ඔහුට වීසා ලැබෙනු ඇති බවත් එහිදී ඈෂ්ලි ද සිල්වා පැවසීය.
ඔහු පවසන්නේ කුසල් මෙන්ඩිස් ට පුහුණු තරගවලට සහභාගීවීමට අවස්ථාව ලැබෙතැයි තමා විශ්වාසකරන බවය.
20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජූනි 02 වනදා දකුණු අප්‍රිකාව සමග නිව් යෝර්ක් හීදී පැවැත්වෙයි.







