ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන ක්රීඩකයින් දෙදෙනෙකු වන කඩුලු රකින ක්රීඩක සහ ආරම්භක පිතිකරු වන කුසල් ජනිත් පෙරේරා සහ වේග පන්දු යවන ක්රීඩක බිනුර ප්රනාන්දු ආබාධ හේතුවෙන් ඉන්දියානු තරගාවලියෙන් ඉවත් වන බව ශ්රී ලංකා ක්රිකට් අද නිවේදනය කළේය.
ඒ අනුව ඉන්දියාවට එරෙහි එක්දින හා විස්සයි 20 තරගාවලියෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත් වනු ඇත. පුහුණුවීමේදී ඔහු දකුණු උරහිසේ ආබාධ තත්වයකට ලක්වී තිබිණි.
මේ අතර, වේගවත් පන්දු යවන ක්රීඩක බිනුර ප්රනාන්දු ඊයේ (15) පැවති පුහුණු සැසියකදී ඔහුගේ වම් වළලුකරේ ආබාධයකට ලක් වූයේය. එය පාර්ශවීය අස්ථි බිඳී යෑමක් බව ශ්රී ලංකා ක්රිකට් නිවේදනය කළේය. එබැවින් ශ්රි ලංකා ඉන්දියා එක්දින සහ විසයි 20 තරගාවලයෙන් බිනුර ප්රනාන්දු ද ඉවත් වී ඇත.