බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුසගින්නට පාන් කෑල්ලක් ගන්න රොක්වුන නිරායුධ අසරණයින් 100ක් වෙඩි තබා මරා දැමූ පසු… තවත් මේ යුද්ධයෙන් මුන් අපේක්ෂා කරන්නේ මොනවා ද?

ගාසා හි මරණ ගණන 30000 පනී... මිලියන 2.3 ජනගහනයෙන් සියයට 99ක් අඩුම තරමින් එක් වරක් හෝ අවතැන් වෙලා...

by editor
මාර්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

මනුෂ්‍යත්වයේ අඳෝනාව තීව්‍ර කරමින්  ගාසා තීරය ගිලගත්  අශිෂ්ඨ ම්ලේච්ඡත්වය තවම නැවතී නෑ. බටහිර තිරිසන්කමේ රැකවරණය යටතේ තවමත් ඊශ්‍රයාලයේ   සමූහ ඝාතන ක්‍රියාත්මකයි. අපට මානව හිමිකම් ගැන උගන්වන්න එන නිරුවත් වානරයින්  ශිෂ්ඨාචාරයේ  ඉතිහාසය ආපස්සට හරවා තියනව බව යළිත් වේදනාවෙන් ලියා තබනවා.

බ්‍රහස්පතින්දා එනම් ඊයේ (29)  දිනයේ දී  ඊශ්‍රායල හමුදාව විසින් සිදු කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් සියයකට අධික සංඛ්‍යාවක් මිය ගිහින්.  ගාසා තීරයේ සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ආධාර රැගෙන පැමිණ තිබූ ට්‍රක් රථ වටා පාන් කෑල්ලක් ගන්නට  රැස්ව සිටි කුසගින්නේ පෙළෙන අසරණ පලස්තීන ජනතාවට මෙසේ වෙඩි ප්‍රහාර එල්ල කර ඝාතනය කර ඇති බවයි.

පාන් කෑල්ලක් හොයාගෙන පැමණ වෙඩි පහර කා ජිවිතය බේරාගන්න දිවයන මිනිස්සු…

ඊට වඩා කාලකණ්ණි කතාවක් අපට අහන්න ඉතිරි වෙලා නෑ… ජීවිතය පමණක් ඉතිරි කරගෙන ඉන්න නිරායුධ අසරණයින්  බඩගින්නට කෑම ටිකක් ගන්න ආධාර ට්‍රක් එකක් ලඟට එකතු වුනාම ඒ මිනිස්සුන්ව වෙඩි තියලා මරන්න පුලුවන් විදිහේ යුද්ධයක්… ඒ වගේ යුද්ධයකින් දිනා ගන්න පුලුවන් මොනවද කියන ප්‍රශ්නය දැන් ලෝකය ඉදිරියට ඇවිත්.

ගාසා නගරය ආසන්නයේ වූ මෙම සිදුවීමෙන් සියයකට අධික පිරිසක් මිය ගොස් තවත් 280 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධව විවිධාකාරයේ වාර්තා පල වෙමින් තිබෙනවා. ඊශ්‍රායල හමුදාව විසින් ආධාර අපේක්ෂාවෙන් සිටි පිරිසට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කර ඇති අතර පුද්ගලයන් බොහෝ දෙනෙක් මිය ගොස් ඇත්තේ තදබදය නිසා හෝ ඉදිරියට ධාවනය කිරීමට උත්සාහ ගත් ට්‍රක් රථවලට යට වී බව පවසා තිබෙනවා.

තවත් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුනේ සොල්දාදුවන් වෙඩි තැබුවේ ට්‍රක් රථවලින් ඉවතට ගොස් මුරපොලකට තර්ජනය කළ කුඩා කණ්ඩායමකට පමණක් බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ගාසා තීරය තුළ සති කිහිපයකින් සිදු වුනු ලොකුම විනාශය මෙයයි. සටන් විරාමයක් පිළිබඳව සහ තමන් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ අරමුණින් කටාර් හි පැවැත්වෙන සාකච්ඡාවලට මෙම සිදුවීමෙන් බලපෑමක් ඇතිවනු ඇති බව හමාස් සංවිධානය පවසනවා. එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ද ඒ හා සමාන මතයක් දරන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තවත් නම් අපේක්ෂාවක් නැත….

ඊශ්‍රයාල පැහැදිලි කිරීම

කෙසේවෙතත් සිදු කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල නිලධාරියෙකු ද ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එදින මීටර සියගණනක් දුරින් සිදුවීම් දෙකක් සිදුව ඇති බවයි. පළමුවන සිදුවීම නම්, ට්‍රක් රථවලින් ආධාර ගැනීමට උත්සාහ කිරීමේදී ඇති වුනු තෙරපීම නිසා විශාල පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවයි.

ට්‍රක් රථ ඉවතට යාමත් සමඟ දෙවන සිදුවීම සිදු වූ බව, එනම් රැස්ව සිටි සමූහය තුළ සිටි ඇතැම් පුද්ගලයින් අනවශ්‍ය කලබලකාරී ලෙස හැසිරෙන බවට හැඟුණු භට පිරිස් ඔවුන් වෙත ළඟා වී වෙඩි තබා මරා දැමූ බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

ගාසා බලධාරීන් විසින් නිවේදනය කර තිබෙන ජීවිත හානි සංඛ්‍යාව ඔහු පිළි නොගත් නමුත් ඔහු විසින්  කිසිදු ජීවිත හානි සංඛ්‍යාවක් ලබා දුන්නේ ද නෑ. පසුව පැවති සාකච්ඡාවකදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පවසා සිටියේ ට්‍රක් රථවලින් ආධාර සැපයුම් ඉවත් කිරීමේ දී     ඇති වූ තෙරපීම හේතුවෙන් බොහෝ මරණ සහ තුවාල ඇති වූ බවත් පසුව පිරිස විසුරුවා හැරීම සඳහා අනතුරු ඇඟවීමේ වෙඩි තැබූ බවත් ය.

ලෝක අප්‍රසාදය

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර ඇති අතර ප්‍රංශ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Christophe Lemoine පවසා තිබුනේ සිවිල් වැසියන්ට ආධාර බෙදා හැරීමේ දී ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය යටතේ ඊශ්‍රායලය වගකිව යුතු බවයි.

ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ ඇති ව තිබූ තත්වය පෙන්නුම් කරන වීඩියෝ පට සමාජ මාධ්‍යවලට බෙදා හැර ඇති අතර එම වීඩියෝ පට වල බොහෝ මළ සිරුරු මෙන්ම තුවාල ලැබූ පුද්ගලයින් පටවා ඇති ට්‍රක් රථ පෙන්නුම් කර තිබෙනවා. එමෙන්ම තුවාල ලැබූ රෝගීන්ට රෝහල් බිමේ වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන ආකාරය දැක්වෙන වීඩියෝ පට ද අන්තර්ජාලයේ සංසරණය වනවා.

පලස්තීන සෞඛ්‍ය අංශයට අනුව මාස 05 කට ආසන්න කාලයක් තුළ යුද්ධය නිසා පුද්ගලයන් 30000 ඉක්මවූ සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. එමෙන්ම ගාසා තීරයේ බොහෝ ප්‍රදේශ මේ වනවිට සුන්බුන් බවට පත් වී ඇති අතර එහි මිලියන 2.3 ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් එක් වරක්වත් අවතැන් භාවයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රියා විරහිතව ඇති ගුවන් යානා 08 වෙනුවෙන්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 565ක් බදු කුලී ගෙවලා… විගණනය හෙළි කරයි!

Next Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධයට චෝදනා ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අත් අඩංගුවට!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.