අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුලියාපිටියේ නිරෝධායන වෙමින් සිටි තාත්තයි පුතයි අම්පාර පොලේ බුලත් විකුණලා…

by editor
ඔක්තෝබර් 18, 2020
in පුවත්
Betel leaves at a market stall in Mahim, Mumbai, India.

Betel leaves at a market stall in Mahim, Mumbai, India.

Share on FacebookShare on Twitter

 සුසන්ත අමරබන්දු

කුලියාපිටිය ඌරුපිටිය ප්‍රදේශයේ නිවෙසක නිරෝධායනය වෙමින් සිටි දෙදෙනකු තවත් අයකු සමඟ ජීප් රියකින් අම්පාරට පැමිණ බුලත් විකුණමින් සිටින බව දැනගැනීමත් සමගම අම්පාර ප්‍රදේශයම කැළඹී ගියේය.

ඒ සමගම අම්පාර නගරයේ බුලත් කඩ 03ක්  වසා දැමීමට සෞඛ්‍යය බලධාරීන් කටයුතු කළ අතර  පොළට පැමිණ ජනතාව බියපත්ව ආපසු හැරී නිවෙස් වෙත ගියහ.
 මෙලෙස කුලියාපිටිය සිට බුලත් විකිණිමට පැමිණ ඇත්තේ නිරෝධනය වෙමින් සිටී වයස 58 හැවිරිදි පියකු සහ ඔහුගේ දහතුන් හැවිරිදි පුතුය. මෙම ගමනට තවත් අයෙකු  රියදුරකු ලෙස පැමිණ තිබේ.
වාර්තා වන ආකාරයෙන් සිද්ධිය මෙසේය. 
58 හැවිරිදි පුද්ගලයා ගේ බිරිඳ  03වනදා ඌරු පිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගීව තිබේ. එම මංගල උත්සවයට සහභාගි වූ පිරිසකට  කොරෝනා රෝගය වැළඳී තිබීම නිසා බුලත් විකිණීමට පැමිණි අයගේ බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනා නිවෙස් තුළ නිරෝධායනය කර තිබේ.
මෙම මංගල උත්සව පැවති ශාලාව වායුසමනය කර තිබුණු එකක් බැවින් එම වෛරසය පැතිරීමේ ඉඩකඩ වැඩි බව සෞඛ්‍ය බළධාරීන් විශ්වාස  කළ අතර අනතුරුව  ඌරුපිටිය ගම්මානයේ කොටසක් වසා දමනු ලැබීය.
බුලත් විකිණීමට පැමිණි අයගේ බිරියගේ පි.සි.ආර්. පරීක්ෂණය හෙට ( 19) දින සිදු කිරීමට නියමිතව තිබිණි. ඒ අතරවාරයේ ඇගේ සැමියා සහ පුතා නිරෝධනය වෙන කාල සීමාව තුල එනම් 17 දා සවස ඔවුන් කුලියාපිටියෙන් පිටත්ව කුරුණෑගල, නුවර, උඩුදුම්බර, මහියංගන බිබිල හරහා අම්පාරට පැමිණ ඇත. ඔවුන් උදෑසන දමන අම්බලංඔය හන්දියට පැමිණ අම්පාර සිට ගාල්ල බලා යන බස් රථයකට බුලත් පටවා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ බුලත් කඩයකට ද යවා තිබේ. ඔවුන් අම්පාරට එන අතර මාර්ගයේදී උඩදුම්බර පෙදෙසේ කඩයකින් තේ පානය කර තිබේ.
වෙළඳාම් කරමින් සිටින අතර  තම බිරිඳ නිරෝධනය වී සිටින බව මේ බුලත් වෙළන්දාගේ මුවින් පැන ඇත. ඒ ඇසීමත් සමග    බුලත් වෙළෙඳසලේ පුද්ගලයෙක් මේ සිද්ධිය අම්පාර නගරාධිපති චමින්ද සුගත්ට දැනුම් තිබේ.
අනතුරුව අම්පාර නගරාධිපතිවරයා මේ තැනැත්තාට  දුරකථනයෙන් අමතා ඇත.  ඔහු දුරකතනයට ද නිසි සේ පිළිතුරු නොදී කලබලයට පත්ව බුලත් විකිණීම නතර කර අම්පාරෙන් පිටත්ව යාමට උත්සාහ කර තිබේ.
පසුව අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායකගේ උපදෙස් මත මාර්ග බාධක වලට මේ පිළිබඳව දැනුම් දීම නිසා මංගලගම පොලිසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක සතරසිංහ   ඇතුළු නිලධාරීන් මේ පිය පතු අත්අංගුවට ගෙන ඇත. එම අවස්ථාවේදී ද ඔවුන්  ඇත්ත තොරතුරු වසන් කරමින්   පිටව යාමට උත්සාහ කළ නිසා කුලියාපිටිය ඌරුපිටිය භාර මහජන පරීක්ෂකවරුන් සම්බන්ධ කරගෙන  අදාළ තොරතුරු  තහවුරු කර ගැනිමට    පොලිසිය කටයුතු කළේය.
මේ වෙන   අම්පාර නගරයේ බුලත් කඩ තුනක් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් වසා දමා තිබේ. අදාල පුද්ගලයින් තිදෙනා  පානම නිරෝධන මධ්‍යස්ථානයක් වෙත යැවීමට කටයුතු කර ඇත.
මේ පිළිබඳ  අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්නගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායකගේ මග පෙන්වීමෙන් මංගලගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සතරසිංහ   ඇතුළු නිලධාරීන් සහ අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගේ උපදෙස් මත  වසංගත රෝග  විද්‍යාඥ වජිර රාජපක්ෂ , අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනි තමරා ලියනගේ, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එම්. අබේරත්න සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ටී. එම්. එස්. ප්‍රියදර්ශන, කේ. එම්.ඒ.සි.  ඩබ්ලිව් බණ්ඩාර, එම්.එල්.ටි. සම්පත්,  ජී. එම්. බී. කේ. ගජනායක යන නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අද ආසාදිතයන් 61ක් එක් වේ… මුලු ආසාදියන් 2075යි…

Next Post

මියගිය හඳුන් දිවියෙක් තේ වත්තකින් හමුවෙයි

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.