fbpx
සිකුරාදා, සැප්තැම්බර් 29, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුන්දි විහාරයේ ගැටලුව විසඳනවා… බෞද්ධාගමට මුල් තැන දෙනවා… ජනපති මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැක කියයි!

editor by editor
අගෝස්තු 30, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

උතුරේ කුරුන්දි විහාරයේ ගැටලුව විසඳීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙම ප්‍රදේශයට පිටතින් කිසිවෙක් හෝ රැගෙන නොපැමිණීමට   ප්‍රදේශයේ සිංහල, මුස්ලිම්  හා දෙමළ ජනතාව එකඟ  වී ඇති බවත් මින් පෙර   එම ප්‍රදේශයේ සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වූ බවත් පිටස්තරින් කණ්ඩායම් පැමිණිමත් සමග මෙම ගැටලු මතු වී තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඊයේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවූ ජනාධිපතිවරයා අනතුරුව අනුනායක හිමිවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් ඉදිරි ජාතික කටයුතු සිදුකරන බවය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක   ආණමඩුවේ ධම්මදස්සී හිමියන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ ද පවසා ඇත.

RelatedPosts

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ කතා කරන විට දැන් අප රටක් ලෙස  බංකොළොත්භාවයෙන් ඉවත් වෙමින් පවතිනවා. විදේශ ණය ප්‍රශස්තකරණ වැඩසටහන සමඟ මෙරට ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් ද ප්‍රතිසංස්කරණ වැඩසටන් රැසක් ආරම්භ කර තිබෙනවා.

අද දේශිය බැංකු අසීරු තත්ත්වයකයි තිබෙන්නේ. ඒ නිසා එම බැංකුවලින් මුදල් ලබාගන්න අපහසුතාවයක් තිබෙනවා. දේශිය බැංකු සියල්ලම වගේ ණය වී සිටිනවා. බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි අයහපත් ප්‍රතිඵල ලැබෙන්නේ ජනතාවටමයි. දෙවනුව අර්ථසාධක අරමුදලෙන් මහ බැංකුව බිල්පත් ලබාගෙන තිබෙනවා. එය දිගුකාලීන බැඳුම්කර බවට පත් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. එහිදී ලබාදෙන පොලිය පිළිබඳ පොඩි වෙනසක් ඇති වෙනවා. නමුත් එයින් තැන්පත්කරුවන්ට කිසිඳු හානියක් සිදු වන්නේ නැහැ. අර්ථ සාධක අරමුදලේ තැන්පත්කරුවන්ට සියයට 9ක පොලියක් ලබාදෙන බවට පසුගිය වසරේදී එකඟ වුණා. ඒ වගේම එම අවම පොළිය නීතියක් ලෙස සම්ම්ත කර දීමට මම පොරොන්දු වුණා.

එසේම නව මහ බැංකු පනතක් ගෙන ඒමට අප කටයුතු කරනවා. ඉන් අනතුරුව  අපට  ණය ලබා දුන් අනෙක් රටවල් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු පුද්ගලික ණය පිළිබඳ සාකච්ඡා කරනවා. එහිදී ණය ගෙවීමට දිගුකාලීනව අවස්ථාව ලබා ගැනීමට හෝ  නැතිනම් ණයෙන් කොටසක් අඩු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ පිළිබඳ සාකච්ඡා කර මෙම සැප්තැම්බර් මාසය අවසන් වන විට හෝ ඔක්තොබර් මුල් සතිය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු අවසන් කිරීමට අප  බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙම කටයුතුවලදී අප  බංකොළොත්භාවයෙන් නිදහස් බව  නිවේදනය වීමෙන් පසුව අපට නැවත පහසුවෙන් ආර්ථික ගනුදෙනු කිරීමේ අවස්ථාව උදා වෙනවා.

ශ්‍රී ලංකාවේ අපනයන ආනයනයට වඩා අඩුයි. ඒ නිසා රට තුළ තරගකාරී ආර්ථිකයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ඇති කළයුතුයි. කලාපය තුළ තරගකාරිත්වයක් ඇති කරීම තුළින් ආර්ථික වාසි අත් කර ගැනීමේ අවස්ථාව පවතිනවා.  ඉන්පසුව ණය ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරනවා.

1948 දී අපට කලාපයේ තිබු තැන අද අපට අහිමි වී තිබෙනවා. ඒ නිසා අනාගතය දෙස බලා ඊට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කළයුතුයි. මෙය ක්‍රමාණුකූලව කරගෙන යා යුතුයි. මට ලබාදිය හැක්කේ එහි ආරම්භය පමණයි. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මෙරට තරුණ පරපුර සූදානම් විය යුතුයි.

එම නායකත්වය අප විසින් ගොඩනැඟිය යුතුව තිබෙනවා.  නව දැක්මක් ඇති මෙන්ම තාක්ෂණය සමඟ ඉදිරියට යන පරපුරක් මේ සඳහා අවශ්‍යයි. දැන් කෘතිම බුද්ධිය පිළිබඳ ලෝකයම කතා කරනවා. එය බුද්ධ ධර්මයේ ද  සඳහන් වෙනවා. ථෙරවාද බෞද්ධ රටවල් අතරින් තවම කිසිඳු රටක් ඉදිරියට පැමිණ නැහැ. ශ්‍රී ලංකාව සමඟ බැලීමේ දී  තායිලන්තය ඉදිරියෙන් සිටිනවා. ශ්‍රී ලංකාව හා තායිලන්තය ඉදිරියට පැමිණිය යුතුයි. තායිලන්තය සමඟ නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ අනුව පළමු වතාවට ථෙරවාද බෞද්ධ රටවල් දෙකක් ආර්ථික වශයෙන් එකතු වීම සිදු වෙනවා. එම ගිවිසුමට ලබන වසරේ පෙබරවාරි මාසයේ දී අත්සන් තැබීමට මම තායිලන්ත රජයට ආරාධනා කළා. එම ගිවිසුමට ඓතිහාසික මහනුවරදී අත්සන් තැබීමට ඇති හැකියාව පිළිබඳ මම මහානායක හිමිවරුන්ගෙන් විමසා සිටියා. එදා සියමෙන් පැමිණ එම කටයුතු සිදු කළේ  එම ස්ථානයේ දි. මෙම කටයුත්තත් ඉදිරියට ගෙන යාමට එය හොඳ ආරම්භයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එයින් හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 7ක් හෝ 8ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාරකින් වී මෙක්ට්‍රික් ටොන් 10ක් නිපදවනවා. අපේ රටෙත් හම්බන්තොට වැනි  ප්‍රදේශවල වී මෙක්ට්‍රික් ටොන් 11ක අස්වැන්නක් ලබා ගන්නවා.

ඒ වගේම  බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙමින් අප මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කරන බව කිවයුතුයි. බෞද්ධ සිද්ධස්ථාන සියල්ලම ආරක්ෂා කිරීමට අප කැපවී සිටිනවා.

උතුරේ කුරුන්දි විහාරයේ ගැටලුව විසඳීමට අප කටයුතු කරමින් සිටිනවා. පිටින් කවුරුත් ගෙන එන්න එපා කියා එම ප්‍රදේශයේ සිංහල, මුස්ලිම්  හා දෙමළ ජනතාව එකඟ  වී තිබෙනවා. මීට පෙර එම ප්‍රදේශයේ සියලු ජන කොටස් සමගියෙන් ජීවත් වුණා. පිටස්තරින් කණ්ඩායම් පැමිණිමත් සමග මෙම ගැටලු මතු වී තිබෙනවා. වවුනියාවේ අපේ නායක ස්වාමීන්වහන්සේවත්  මේ පිළිබඳ දැනුවත් කර තිබෙනවා.

ඒ නිසා අප පිටස්තරින් කිසිවෙකුට එම ප්‍රදේශයට යාමට අවස්ථාව දෙන්නේ නැහැ. මෙම සියලු කටයුතු සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. එහිදී පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කිරීමටත් උපදෙස්  දී තිබෙනවා.

ඒ වගේම මහා විහාරයේ කැනීම් කටයුතු සිදු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. උතුරේ සිදුවන කැනීම් කටයුතුවල ද වාර්තා ලබා ගනිමින් එම කටයුතු  ඉදිරියට කරගෙන යනවා.

පැවති රජය විසින් හමුදාව යොදවා කැනීම් කටයුතු කඩිනමින් සිදු කළ බව ඔබ වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳ පරීක්ෂා කර තවම තීරණයක් ලබා දී නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබාදෙන තීරණය අනුව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා. ඒ වගේම එම ප්‍රදේශ ආරක්ෂා කිරීමට අප කටයුතු කරන බව ද කිවයුතුයි.

එමෙන්ම  සියලු බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට අප කටයුතු කරනවා. පළමුවෙන්ම පුරාවිද්‍යා ස්ථාන සොයා ගැනීම් සිදු කළයුතුයි. ඉන් අනතුරුව අප ඒ පිළිබඳ විමර්ශන සිදු කරනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අනෙකුත් ආගම්වල ද ගැටලු තිබෙනවා නම් ඒ පිළිබඳව ද අප අවධානය යොමු කරනවා.

නමුත් කිසිවෙකුට පිටතින් පැමිණ ගැටලු ඇති කිරීමට අප කිසිදු අවස්ථාවක ඉඩ තබන්නේ නැහැ. එම ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම සඳහා ඒ ඒ පළාත්වල ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.  ඒ ඒ පළාත්වල ආගමික නායකයන් එකතුවී කටයුතු කරනවා නම් මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වන්නේ නැහැ.

ඒ වගේම නව පනත් සම්පාදනය පිළිබඳව ද මේ වන විට බුද්ධ ශාසන අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටිනවා. ඒ පිළිබඳ මල්වතු පාර්ශවයෙන් හා අස්ගිරි පාර්ශවයෙන් සන්නසක් ලබාදුන්නා. ඒ ගැන අවධානය යොමු කරනවා. ඒ වගේම අනෙකුත් නිකායන්වලින්ද යෝජනා සහ අදහස් ඉල්ලා තිබෙනවා.

නිදහසට පෙරත් විහාර දේවාලගම් පනත ගෙනවිත් මෙවැනි නීති සම්පාදනය කළේ දළදා සමිඳුන් ආරක්ෂා කරගෙන මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙනුයි. එසේම 19 වන ශතවර්ෂයේ ද මෙවැනි නීති පැවතුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව ඉඩම් පිළිබඳ නීතියක් වසර 20කට පෙර සම්මත කර ගෙන තිබුණා. එහි සංයුතිය වෙනස් කිරීමට අප කටයුතු කළා. සෑම පළාතකින්ම එක් අයෙකු බැගින් නියෝජිතයන් 09 දෙනෙක් සහ මධ්‍ය ආණ්ඩුව නියෝජනය කරමින් විවිධ තනතුරු දරණ 12 දෙනෙකු ඒ සඳහා පත් කර තිබෙනවා.

ඊට අමතරව රටේ ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තික් සැකසිය යුතුයි. ඒ අනුව ඉඩම් භාවිතය පිළිබඳව නිශ්චිත නිගමනවලට පැමිණිය හැකියි. ඉඩම් සම්බන්ධයෙන් වෙනත් සංශෝධන කිසිවක් මෙහිදී අප සිදු කර නැහැ. ඉඩම් පිළිබඳ නීති සම්පාදනය කිරීම ජාතික මට්ටමින් සිදු කළ යුතුයි. එය ක්‍රියාත්මක කිරීම පළාත් සභාවට ලබා දෙනවා. ජාතික ඉඩම් කොමිසම ගන්නා තීරණය අනුව එම වැඩකටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.

හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

 

Tags: නවතම
Share80Tweet50

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ලින්ක්ඩ් ඉන් ඔස්සේ චීන ඔත්තුසේවා ගහන අමුතු ගේම

Next Post

ජී 20ට හැඩවෙන නව දිල්ලිය

RelatedPosts

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
පුවත්

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
පුවත්

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
medicine
පුවත්

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

සැප්තැම්බර් 28, 2023
Next Post
පූනේ හී පැවත්වෙන් ජී20 සමුළුව

ජී 20ට හැඩවෙන නව දිල්ලිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • නල්ලමලේ කන්සල්ටන්…

    නල්ලමලේ කන්සල්ටන්…

    409 shares
    Share 164 Tweet 102
  • නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක… අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව…

    247 shares
    Share 99 Tweet 62
  • දෙවියන්ගේ දියණිය…

    218 shares
    Share 87 Tweet 55
  • ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

    172 shares
    Share 69 Tweet 43
  • ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!

    263 shares
    Share 105 Tweet 66
  • රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

medicine

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

නවතම ලිපි

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ  දේශනය !

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ දේශනය !

by editor
සැප්තැම්බර් 28, 2023
0

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

by editor
සැප්තැම්බර් 28, 2023
0

ගෞරවයෙන් ගෙදර යන හැටි පොහොට්ටුවෝ ජනපතිට කියා දෙති…

පොහොට්ටුවෙන් අකුරු තුනේ ජනාධිපති අපේක්ෂකයෙක්… රංජිත් බණ්ඩාරගෙන් ඉඟියක්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

by editor
සැප්තැම්බර් 28, 2023
0

රටේ කාන්තාවන් බරපතල   පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

by editor
සැප්තැම්බර් 28, 2023
0

Douglas-Devananda

 ඉන්දීය ධීවර ආක්‍රමණිකයන් වළක්වා ගන්න… ඉන්දියාවට ගිහින් සාකච්ඡා කරන්න… ධීවර ඇමති උතුරේ දේශපාලකයින්ගෙන් ඉල්ලයි! 

by editor
සැප්තැම්බර් 28, 2023
0

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

gunshot-bullet

මීටියාගොඩ වෙඩි තැබීම කරන්දෙණිය සුදදාගේ කල්ලියේ වැඩක්… හේතුව වසර ගණනක් ඈතට දිවෙන කෝන්තරයක්! විමර්ශන අංශ කියයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

by editor
සැප්තැම්බර් 28, 2023
0

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

  • Trending
  • Comments
  • Latest
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

සැප්තැම්බර් 23, 2023
කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
  • අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
  • කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.