ව්‍යාජ ලොතරැයි ටිකට්පත් අලෙවි කළ පුද්ගලයෙක් කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ලොතරැයි ටිකට් පත් 232ක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල පොලිසියට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 26 හැවිරිදි වල්ලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.







