ආහාර හිඟයක් සම්බන්ධව කුමණ ප්‍රශ්නකාරී තත්වයක් මතුවුවද රට තුළට විදේශයකින් ගන්නා පොහොරවල ප්‍රමිතිය කිසිම ආකාරයකින් වෙනස් නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ලංකාසරට පැවසීය.
රටේ ජෛව විවිධත්වය, පරිසරය සහ ශාඛ සත්ත්ව ප්‍රජාව ආරක්ෂා කළ කිසිම ක්ෂුද්‍රජීවියෙක් සහිත කාබනික ද්‍රව්‍ය කොටසක් රට තුළට ගෙන ඒම තහනම් කරමින් බලාත්මක කළ 1704 ප්‍රමිතිය වෙනස් කිරීමට ඉඩ නොදෙන බවත් ඒ සඳහා විෂය පිළිබඳ වගකීම දරන රටේ සියලුම විද්වත් වෘත්තිකයින් එක් මතකය සිටින බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
සංඛ්‍යාලේඛණ ප්‍රකාරව ගිය කන්නයේ අස්වැන්නෙන් අතිරික්තයක් රට තුළ ඇති බවත් ඒ තත්වය තුළ මහ කන්නයේ අස්වැන්න අඩු වුවද රටේ ආහාර හිඟයක් ඇතිවීමේ ඉඩක් නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
නමුත් මේ වනවිට එම අතිරික්ත අස්වැන්න ඇත්තේ මහාපරිමාණ වී මෝල් හිමියන් කීපදෙනෙකුගේ ගබඩාවල බැවින් ඒ සම්බන්ධව රජය පාර්ශවයෙන් මැදිහත් වී මෙම ව්‍යාපාරිකයන් සමග සාධාරණ අවබෝධතාවයකට පැමිණියහොත් ගැටලුව යම් පමණකට සමථයකට පත් කරගත හැකි බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.