සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩා කාර්, වෑන්, බට්ටා ලොරි කොටඋඩ යවන දැඩි ටයර් හිගයක්!

තොග ඇති වෙළෙන්ඳෝ හිතු ගණන්වලට ටයර් විකුණති

by Lanka Sara Editor
පෙබරවාරි 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ටයර් වෙළෙඳපොලේ වැඩිම ඉල්ලුමක් පවතින ප්‍රමාණ සහිත ටයර් ආනයනය තහනම් කිරීම හේතුවෙන් දැඩි ටයර් හිගයක් නිර්මාණය වී ඇති බව වෙළෙන්දෝ සහ පාරිබෝගිකයෝ පවසති.

කලින් සමස්ත ටයර් වෙළෙඳපොලේම දැඩි හිගයක් පැවතුණද සෙසු වාහනප්‍රමාණය සඳහා පැවැති ආනයන සීමා සිහිල්කිරීම හේතුවෙන් මේ වනවිට කෙමෙන් එම ටයර් ආනයන සිදුවන නමුත් මෙරට වැඩිම වාහන ප්‍රමානයක් සඳහා භාවිත කරන ටයර් සඳහා තවදුරටත් ආනයන සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් සීමිත තොග පවතින වෙළෙඳුන් සියයට 50ක් පමණ වැඩි මිලකට ටයර් අලෙවි කරන බව පාරිභෝගිකයො පවසති.

මේ පිළිබඳව ලංකාසර කළ සොයා බැලීමේදී පෙනී ගියේ මෙරට අලෙවි වන සමස්ත ටයර්වලින් සියයට 10ත් 15ත් අතර වන වැඩිම ප්‍රතිශතය රිම් ප්‍රමාණ 12 සහ 13 වාහන සඳහා අවශ්‍ය වන ටයර්ය. වාර්ෂිකව මෙරටට අවශ්‍ය එවැනි ටයර් ප්‍රමාණය ලක්ෂ 1 1/2 – 2ත් අතර අගයක් ගනී.

ටාටා බට්ටා, මරුටි, වැගන් ආර්, කුඩා වෑන් වැනි කුඩා ප්‍රමාණයේ වාහන සඳහා මෙම ටයර් භාවිත වන අතර කුඩා පරිමාණ ව්‍යවසායකයන්, ගොවි ජනතාව තම නිෂ්පාදන බෙදා හැරීම සහ වානිජ කටයුතුවලට භාවිත කරන්නේ කුඩා ප්‍රමාණයේ ට්‍රක් රථ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම මෙරට සාමාන්‍ය ජනතාව අතර බහුලව ම භාවිත වන කුඩා ඉන්දියාවේ සහ ජපානයේ නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ කාර් සඳහා මෙන්ම කුඩා ප්‍රමාණයේ වෑන් රථ සඳහා ද භාවිත වන්නේ එම ප්‍රමාණයේ ටයර්ය.

කොවිඩ් වසංගතයක් සමඟ බිඳ වැටෙන ආර්ථිකය සම්බන්ධයෙන් කරන ලද විදේශීය ආනයනික ද්‍රව්‍ය පාලනය කිරිමේදී ටයර් ආනයනයටද සීමා පැනවිණි. මේ අනුව සියලුම ටයර් ආනයනය නැවැත්වූ අතර දේශීය නිෂ්පාදකයාට මෙම ඉල්ලුම සැපිරීම අපහසු විය.

“ශ්‍රි ලංකාවේ සමස්ත ටයර් නිෂ්පාදනයෙන් දේශීය ව නිපදවෙන්නේ. මෙය තව වැඩි කිරීමට අලුතින් හොරණ ආරම්භ කළ ටයර් නිෂ්පාදන සමාගමට හැකි වනු ඇතියි අපේකෂා කළත් තවමත් එම සමාගමට මෙරට ඉල්ලුම සුපරාලීමට තවත් කාලයක් ගත වෙවි. මේ තත්ත්වය නිසා අදටත් මෙරට ටයර් අවශ්‍යතාවෙන් සියයට 55ක් පමණම ආනයනය කිරීමට සිදුවෙනවා. පසුගිය වසර් අප්‍රියෙල් මාසයේදී දැමූ ආනයන සීමා මත ටයර් ගෙන්වීම සම්පූර්ණයෙන් නැවතුණා. රටේ පැවති තොග අහවර වීමත් සමඟ වෙළෙඳපොලේ ටයර් හිගයක් ඇති වුණා. මේ තත්ත්වය මත පසුගිය වසරේ අග භාගයේදි එනම් දෙසැම්බර් 24 වැනිදා සියලුම ටයර් සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කළා. එසේ වුවත් දෙසැම්බර් 31 වැනිදා යළිත් 12 සහ 13 රිම් ප්‍රමාණයේ ටයර් සඳහා රජය තහනමත් පැනවුවා. මේ නිසා කිසිදු අපනයනකරුවකුට ටයර් ගෙන්වීමට හැකි වුණේ නැහැ. මේ තත්ත්වය මත මෙරට වැඩිම ඉල්ලුමක් තිබෙන ටයර් ප්‍රමාණයේ විශාල හිගයක් නිර්මාණය වී තිබෙනවා.“ යයි මෙරට ප්‍රධාන ටයර් ආනයන සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් ලංකාසරට පැවසීය.
ඔවුන්ට පවතින එකම විකල්පය දේශීය නිෂ්පාදකයා වුවද එම ටයරය ඇතැම් වාහන හිමියන් ප්‍රිය නොකිරීම මෙන්ම ඔවුන්ගේ සැපයුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බරපතල හිගයක් වෙළෙඳපොලේ පවතින බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේ අවම වශයෙන් මෙරට නිෂ්පාදකයන් දෙදෙනකු හෝ මෙම ප්‍රමාණයේ ටයර් ප්‍රමාණවත් තරම් වෙළෙඳපොළට නිකුත් කරනතෙක් සීමා සහිත පසුබිමකින් හෝ ටයර් ආනයනයට ඉඩ දිය යුතු බවය . මේ වනවිටද ඇතැම් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ මෝටර් රථ හිමියන්ට ටයර් සොයා රට පුරා ඇවිදින්නට සිදුව ඇති බවත් තිබෙන වෙළෙඳුන් ළඟින් ඉතා වැඩි මිලකට ටයර් ලබා ගැනීමට හෝ වාහනය කොට උඩ තබාගෙන සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජිනීවා මානව හිමිකම් සමුලුව ගැන දෙමළ දේශපාලකයෝ කලකිරෙති…

Next Post

ශම්මි ද සිල්වා බුරා පනී… වාස් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සියලු තනතුරු අත්හරී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.