අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසි කෙනෙක් රටට ජනතාවට ආදරය නෑ. ඒ අයගේ එකම පරමාර්ථය හොඳින් හෝ නරකින් තමන්ගේ මඩිය තරකර ගැනීම පමණයි….. මිහින්තලා රජමහා විහාරාධිපති පවසති….

by Lankasara Editor English
ඔක්තෝබර් 9, 2023
in පුවත්
කිසි කෙනෙක් රටට ජනතාවට ආදරය නෑ. ඒ අයගේ එකම පරමාර්ථය හොඳින් හෝ නරකින් තමන්ගේ මඩිය තරකර ගැනීම පමණයි..... මිහින්තලා රජමහා විහාරාධිපති පවසති....
Share on FacebookShare on Twitter

රටේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ දේශපාලඥයෝ නොව රට විනාශ කිරීම සඳහා තව දුරටත් කැස කවමින් සිටින ත්‍රස්තවාදී කණ්ඩායමක් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පැවැසූහ.

මේ කිසි කෙනෙක් රටට ජනතාවට ආදරය නෑ. ඒ අයගේ එකම පරමාර්ථය හොඳින් හෝ නරකින් තමන්ගේ මඩිය තරකර ගැනීම පමණයි. තවදුරටත් මේ තත්වය දරන්න බැරි නිසයි අපි ත්‍රෛනිකායික මහාසංඝරත්නය එකතු වෙලා මේ රට, රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියට එන්න කතිකාවක් ඇති කර ගත්තේ යනුවෙන් ද උන්වහන්සේ පැවසූහ.

ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුවේ ශ්‍රී ලාංකික ජාතිය බලගන්වන රට හදන මග ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ මස 14 දින මිහින්තලා රජ මහ විහාර පරිශ්‍රයේදී එළිදක්වන බව උන්වහන්සේ පැවසූහ.

අද 09 දින එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මහනුවරදී මල්වතු අස්ගිරි මහනාහිමිවරු වෙත පිළිගැන්වීමෙන් අනතුරුව උන්වහන්සේ මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ උන්වහන්සේ මෙසේද කීහ, නිදහසේ සිට තට්ටු මාරු ක්‍රමයට මේ රට පාලනය කළ බලලෝභී කණ්ඩායම් මේ වන විට මේ රට බංකොලොත් රටක් බවට පත් කරමින් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අහෝසි කර තිබෙනවා.

අද මේ රටේ ජාතික ආරක්ෂාව පවා දැඩි තර්ජනයකට ලක්වෙලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවට අනුව ත්‍රිවිද හමුදාව ලක්ෂය දක්වා අඩු කරන්න යනවා. අඩුම වශයෙන් පොලිස්පතිවරයෙක්වත් පත් කරගන්න බැරි ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ.

මේ රට පාලනය කරන දේශද්‍රෝහී කණ්ඩායමෙ කිසි කෙනෙක් ගෑවිලාවත් නැති නව රාජ්‍ය පාලනයක් ඇති කරන එක තමයි අපේ උත්සාහය. ඒ උත්සාහයේදී අපි අලුත් පක්ෂ හදන්නේ නෑ. මේ රටට වින කරන පක්ෂ අහෝසි කරන්නයි අපි උත්සාහ කරන්නේ. මේ රට පාලනය කරන අය අතර තියන්නේ වංචාව දූෂණය බලලෝභය විතරයි. අපි බලාපොරොත්තු වන නව පාලනයේ දී ජේ.ආර්ගෙ වියවස්තාවේ සිට සියලු දේ අහෝසි කළ යුතුයි. මේ රට පාලනය කරන්න 225 ක් අවශ්‍ය නෑ.25 ක් හොඳටම ඇති. මේ වසර 75 ක් තිස්සේ පාලකයෝ කියන කණ්ඩායම රටට මොනවද කළේ. බංකොලොත් රටක් බවට පත් කිරීම විතරයි කළේ. මේ පාර්ලිමේන්තුව කියන මහලු මඩමේ ඉන්න සියලු දෙනා ඉවත් කොට නව නායකත්වයක් යටතේ රට ගොඩ ගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව.

අපි එකතු වුණොත් ඒක කරන්න පුළුවන්. මේ වැඩේට මහා සංඝරත්නය විතරක් නෙමෙයි සියලුම ආගම්වල නායකයන්, ජනතාව අපි එකතු කරගන්නවා. පන්සල් වලට මල් වට්ටි පලතුරු කූඩ අරගෙන එන දේශපාලනඥයෝ ප්‍රතික්ෂේප කරන්න කියලා අපි මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරනවා. අපේ පන්සල් වලට එන්න එපා කියලා ඒ අයට අපි කියනවා.
මේ රට මේ වැටිල තියෙන තත්වයට අපිත් වගකියන්න ඕනේ. දැන්වත් මේ තත්ත්වයෙන් අත්මිදෙමු කියලා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රටට ආදරේ කරන මහා සංඝරත්නය ප්‍රමුඛ සියලුම දෙනාට එළඹෙන 14 වෙනිදා මේ රටේ සංස්කෘතිය ආරම්භයේ මූලස්ථානය වූ මිහින්තලා රජමහා විහාර භූමියට එන්න කියලා අපි ආරාධනා කරනවා යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

මෙම අවස්ථාවට ජාතික සංඝ සම්මේලනයේ භාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන, ජාතික භික්ෂු එකමුතුවේ නියෝජිත පූජ්‍ය පාහියංගමුවේ ආනන්දසාගර හිමිවරු ද එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිළිනොච්චිය අධිකරණයේ නඩුබඩු ගබඩාවෙන් කේරළ ගංජා කිලෝ 120 ක් අතුරුදහන් වීමේ සිද්ධිය නිසා ප්‍රධාන නිලධාරීන් තුනකගේ විදෙස් ගමන් තහනම් වෙයි

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට ගෙන්වන්න මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමෙන් කෝප්  සභාපති රංජිත් බණ්ඩාර ලිස්සයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.