බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරිපිටි සමාගම් ඉදිරියේ බියපත් ආණ්ඩුවේ අවිචාරවත් හැසිරීම අමරසේකර ජනපතිට කියයි…

by editor
අගෝස්තු 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේම පිරිසක් සහ එක්ව කිරිපිටි සමාගම් විසින් එල්ල කළ තර්ජනයට බියවීම නිසා මේ බිහිසුණු ආර්ථික අවපාතයක් සහිත අවස්ථාවේ දී රුපියල් කෝටි නවසීයක බදු ආදායමක් රජය අහිමි කරගත් බවත් එක් කිරිපිටි කිලෝවකට පනවා තිබූ පරිභෝජන බද්ද රුපියල් 225 සිට රුපියල් 2 තෙක් අඩු කිරීම ඇතුළු මේ අවිචාරවත් බදු නිදහස් කිරීමේ තීන්දු ගෙන තිබුණේ ලෝක වෙළෙඳපලේ කිරිපිටි මිල කැපී පෙනෙන ලෙස අඩුව තිබූ අවස්ථාවක බවත් ජාතික සංවිධාන එකමුතුවේ  කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ලිඛිතව දන්වා තිබේ.

සියලුම බදු සහන ලබා දෙමින් රටේ විදේශ විනිමය පිටරටට පටවන්නේ  අත්‍යාවශ්‍ය නොවන අතිරේක ආහාරයකට වීමත්, දේශීය කිරිපිටි කර්මාන්තය බිඳ දමන ආකාරයේ  මෙම බදු සහන උක්ත සමාගම්වලට ලබා දී ඇත්තේ නිසි පුරෝකථනයකින් තොරව බවත් එහි දක්වා තිබේ.

ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය වෙත යැවූ ලිපිය පහත දැක්වේ.

කිරිපිටි ආනයනය කරන සමාගම්වල තර්ජනවලට බිය වී අසීමිත බදු සහන ලබාදීම පිළිබඳව

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

උක්ත කරුණට අදාළව අප සංවිධානය විසින් සිදුකළ අධ්‍යයනයන්ට අනුව වෙළඳපළ තුළ  සිදුවී ඇති දේ, සමාගම් විසින් ඉල්ලන ලද දේ, ආණ්ඩුව විසින් සිදුකළ දේ සහ සැබවින්ම ආණ්ඩුව විසින් කළයුතුව තිබූ දේ මෙසේ ඔබතුමාගේ අවධානය සඳහා සංක්ෂිප්තව ඉදිරිපත් කරමු. විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාවක මෙන්ම රාජ්‍ය ආදායම අඩු වී ඇති අවස්ථාවක සහ පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා මහජනයා පෙළඹවිය යුතු වකවානුවක මෙම කරුණු සැළකිල්ලට ගැනීම මගින් වැරදි නිවැරදි කර හැකි වනු ඇතැයි අපි අවංකවම කල්පනා කරමු.

1) වෙළඳපළ තුළ සිදුවී ඇති දේ –

  1. මීට දින 30කට පමණ පෙර කොළඹ වරායට කිරිපිටි මෙ.ටො. 28 බැගින් වූ බහාලුම් 50ක කිරිපිටි තොගයක් ගොඩබෑම සිදුකොට ඇත. (කි.ග්රෑ ම් මිලියන 1.4ක්) නමුත් එම තොග වරායෙන් නිදහස් කරගැනීම සඳහා අදාළ සමාගම් උනන්දු වී නැත.
  2. ඉන්පසුව පසුගිය සති 2ක කාලය තුළ තවත් මෙ.ටො. 28ක් අඩංගු බහාලුම් 50 බැගින් අවස්ථා දෙකකදී බහාලුම් 100ක අඩංගු කිරිපිට තොග වරායට ගොඩබෑම සිදුකොට ඇත. ඒ අනුව ආනයනය කරන ලද සමස්ත කිරිපිටි තොගය මෙ.ටො 4200ක් හෙවත් කි.ග්රෑ. මිලියන 4.2කි.

III. එම කිරිපිටි තොග නිදහස් කර ගැනීම පමා කිරීම නිසා අදාළ සමාගම් විසින් වරායට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තුව සහ අනෙකුත් ගාස්තු රු. මිලියන 50කට ආසන්න බව වාර්තා වේ.

  1. එම කාලය තුළ අදාළ ආනයන සමාගම් විසින් රජයෙන් මිල වැඩිකිරීමක් ලබාගැනීම සඳහා බලපෑම් සිදුකළ අතර එය නොලැබෙන්නේනම් ආනයනය නතර කරන බවට ජනමාධ්‍ය මගින් ඍජුව සහ වක්‍රව ආණ්ඩුවට අවධාරණය කරනු ලැබීය.
  2. ඒ අතර එම කාලයේදී විවිධ මාධ්‍ය ආයතන මගින් රටේ කිරිපිට හිඟයක් ඇතිවිය හැකි බවට ප්‍රවෘත්ති සහ මහජන අදහස් ඉදිරිපත් කරනු ලැබීය
  3. නමුත් එම කාලය තුළ අප සංවිධානය විසින් ආයතන 10ක නියැදියක් පරීක්ෂා කිරීමේදී රාක්ක පිරි යන ආකාරයට දේශීයව ඇසුරුම් කරන ආනයනික කිරිපිටි ගබඩා කර තිබෙන ආකාරය පිළිබඳ සාක්ෂි ලැබිණි. ඊට අදාළ ඡායාරූප අප සතුව ඇත.

VII. මෙම පරස්පරය පිළිබඳ කරුණු විමසීමේදී අදාළ වෙළඳසැල් හිමියන් ඉතා සතුටින් සඳහන් කළේ හිඟයක් ඇතිවිය හැකි බවට ප්‍රචාවන බැවින් විශාල තොග ප්‍රමාණයක් විකිණිය හැකි වූ බවය. ඊට අමතරව අනාගතයේදී රජය විසින් බදු සහනයක් ලබාදෙන බව සහ ඒ අනුව කිරිපිටි මිල අඩුකළ හැකි බව සහ වෙළඳුන්ගේ කොමිස් වැඩිකළ හැකි බවට අදාළ සමාගම්වල වෙළඳ නියෝජිතයන් තමාට දැන්වූ බවද එම වෙළඳුන් විසින් සඳහන් කරනු ලැබීය. (මෙම තොරතුරු අනුව පැහැදිළි වන්නේ මෙම සමස්ත ක්‍රියාවලිය සමාගම් සහ රජයේ යම් පාර්ශ්වයක් අතර එකඟතාව මත රගදැක්වෙන නාට්‍යයක් බවය. බදු සහන ලබාගැනීමෙන් පසුව වරායේ තිබෙන කිරිපිටි තොග බදු සහන යටතේ නිදහස් කර ගන්නා බව ඉතා පැහැදිළිය. දැන් බදු සහන ලබාගැනීමෙන් පසුව මිල වැඩිකිරීමක් ද ඉල්ලා සිටීමට අදාළ සමාගම් ධෛර්යවත් වී ඇත.)

2) සමාගම් විසින් ඉල්ලන ලද දේ –

  1. මිල වැඩිවීමක් ලබාදෙන ලෙස බලකිරීම සහ එසේ නොවන්නේනම් කිරිපිටි ආනයනය නතර කරන බවට අනතුරු ඇඟවීම.
  2. නමුත් මිල වැඩිකිරීමක් ඉල්ලීමට හේතුව සහ එසේ ඉල්ලා සිටින වැඩිවීමේ ප්‍රමාණය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමක් සිදු නොවීය.

III. බදු සහනයක් ලබාදීම පමණක් විකල්පයක් නොවන බවට ද ආනයනකරුවන්ගේ සංගමය විසින් අදහස් දක්වන ලද අතර බදු අඩු කිරීම මගින් තමාට ලැබෙන සහනය රු. 100ක් පමණක් බැවින් තවත් රු. 100 මිල වැඩීවීමක් ලැබිය යුතු බව ප්‍රකාශයට පත්විය

  1. නමුත් සමාගම් විසින් එසේ තමාට කි.ග්‍රෑම් 1කට රු. 200ක පාඩුවක් සිදුවන බැවින් කිරිපිටි ආනයනය නතර කරන බව පැවසුවද එම පාඩුව සිදුවන්නේ කෙසේදැයි පැහැදිලි නොවීය. (උදාහරණයක් ලෙස පසුගිය මාසයක කාලය තුළ ජාත්‍යාන්තරව කිරිපිටි මිල මෙ.ටො. 1කට ඩොලර් 4200 සිට ඩොලර් 3600 දක්වා පහත බැසීමක් මිස මිල ඉහළ යාමක් සිදුවී නැත.)

3) ආණ්ඩුව විසින් සිදුකළ දේ (සහ නොකළ දේ)  –

  1. පරිභෝගික අධිකාරි පනතේ බලය යොදාගනිමින් වරායේ පවතින කිරිපිටි තොග වහාම වෙළඳපළට නිදහස් කරන ලෙසට සමාගම්වලට බලපෑම් නොකිරීම.
  2. වෙළඳපළ තුළ කෘතිම හිඟයක් මවා පානවාද යන්න සහ කිරිපිටි තොග සඟවා තබනවාද යන්න පිළිබඳ සොයා බැලීම් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සක්රීකය භූමිකාවක් ඉටුකරන බවක් මහජනයාට නොපෙනුනි.

III. මෙම ජාතික අපදා අවස්ථාවේදී මිල වැඩිවීමක් සඳහා ඉල්ලීම් නොකරන ලෙස හෝ එය කල් දමන ලෙස රජයේ පැත්තෙන් සමාගම්වලට ඉල්ලීමක් ඉදිරිපත් නොවීය. (විශේෂයෙන්ම ජාත්ය න්තරව මිල වැඩිවීමක් වෙනුවට අඩුවීමක් සිදුවී ඇති තත්වය යටතේ එම ඉල්ලීම වඩා සාධාරණ වේ.)

  1. නැව් ගාස්තු වැඩිවීමක් සිදුවී ඇතිනම් ඒ පිළිබඳව සාධාරණව සළකා බැලීම සඳහා එම වැඩිවීමේ ප්රිමාණය පිළිබඳව විවෘත සාකච්ඡාවක් සිදු නොවූ අතර එය ගණනය කිරීම සඳහා මිල සූත්රියක් හඳුන්වාදීම පිළිබඳව ද සමාජ කථිකාවක් සිදු නොවීය.
  2. අමාත්යි මණ්ඩලයට පවා මිල වැඩිකිරීමේ ප්‍රමාණය පිළිබඳ කරුණු දැන්වීමක් සිදු නොවූ අතර ඊට විකල්පයක් ලෙස ලබාදිය යුතු බදු සහනය කොපමණද, යන්න පිළිබඳවද අදහස් ඉදිරිපත් නොවූ බව ද වාර්තා වේ
  3. නමුත් බදු අඩුකිරීම පිළිබඳ තීරණයක් ගන්නා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අමාත්‍ය මණ්ඩලය විසින් බලය පවරා ඇති බව වාර්තා විය.

VII. එසේ වුවත් අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයන් විසින් සඳහන් කරනු ලැබුවේ ආනයනික කිරිපිටි සඳහා අය කරන බදු සියල්ල ඉවත් කිරීම සඳහා තීන්දුවක් ගනු ලැබූ බවය

4) ආණ්ඩුව විසින් සැබැවින්ම කළ යුතු දේ –

  1. පවතින ජාතික ආපදා අවස්ථාවේදී මිල වැඩිවීමක් සිදුනොකරන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටීම මෙන්ම තොග සැඟවීමක් සිදුකරනවාද යන්න සහ වරායේ රදවාගෙන සිටින කිරිපිටි නිදහස් කර නොගන්නේ කුමක් නිසාදැයි සොයා බැලීම.
  2. කිරිපිටි සිල්ලර මිලට අදාළව දේශීය නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව මිල සූත්‍රයක් හඳුන්වාදීම සහ ඊට අනුව ආනයනික මිලට වඩා 5% කින් ඉහළ මට්ටමකින් ආනයනික කිරිපිටි මිල පවතින ලෙස ආනයන බදු තීරණය කිරීම මෙන්ම ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීම.

III. බදු සහන ලබාදීම මගින් මෙම දුෂ්කර අවස්ථාවේදී රජයට ලැබිය යුතු බදු ආදායම අහිමි වන බැවින් ඒ වෙනුවට නැව් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව යම් සාධාරණ මිල වැඩිවීමක් ලබාදීම. (දේශිය කිරිපිටි සමාගම් 2 මගින් නිපදවන කිරිපිටි මිල වැඩි නොකෙරෙන බැවින් ඒවා සතොස මගින් බෙදාහැරීම හරහා අඩු ආදායම්ලාභීන්ට යම් සහනයක් ලැබේ. මේ වන විට දේශිය කිරිපිටි නිෂ්පාදනය වාර්ෂිකව මෙ.ටො. 20,000ක පමණ ඉහළ මට්ටමක පවතී.)

  1. සමාගම්වල බලපෑම්වලට යටත් නොවන බව සහ සතොස මගින් කිරිපිටි ආනයනය කොට රජයට අයත් මිල්කෝ සමාගම මගින් පැකට්කර වෙළඳපොළට ඉදිරිපත් කරන බවට ප්‍රකාශයක් කිරීම. (එම සමාගම දැනට වඩා ලාභදායී වෙනත් නිෂ්පාදන වැඩිකිරීම සඳහා කිරිපිටි නිෂ්පාදනය අඩුකර ඇති බව ද වාර්තාවේ.)
  2. අසීමිත බදු සහනයක් ලබාදීම, එනම් බදු සියල්ල ඉවත් කිරීම මගින් රජයට ලැබෙන ආදායම් අඩුවන නිසා එම තත්වය වෙනත් සේවා ලබාදීමේදී ගැටලුවක් බවට පත්වන බව මහජනයාට පැහැදිළි කිරීම සහ දැනට අය කරන බදු වර්ග සහ ප්‍රමාණය පිළිබඳව මහජනයා දැනුවත් කිරීම (රටට හෙවත් මහජනයාට ලැබිය යුතු බදු යම්කිසි සමාගමකට බදු සහනයක් ලෙස ලබාදීමේදී එම ප්රිමාණය කොපමණද යන්න සහ ඒ මගින් මිල අඩුවීමක් ලෙස තමාට ලැබෙන සහනය කොපමණද යන්න දැන ගැනීමේ අයිතියක් මහජනයාට ඇත.
  3. රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමිකර ගනිමින් මහජනයාගේ අත්‍යවශ්‍ය නොවන පරිභෝජන රටාවන් දිරිමත් කිරීම වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස මහජනයාට පැහැදිළි කිරීම සහ ඒ මගින් විවිධ භාණ්ඩ ආනයනය කරන සමාගම් විසින් රජයට බලපෑම් කොට බදු සහන ඉල්ලීමේ ප්‍රවණතාවක් රටේ ඇතිවිය හැකි බව පෙන්වාදීම. (ඛණිජ තෙල් බදු අඩු කිරීම මගින් ඒවා පරිභෝජනය වැඩිවන බව සහ විදේශ විනිමය පිටතට ඇදීයෑම වැඩිවන බව ඉතා නිවැරදි ලෙස මහජනයාට පැහැදිළි කෙරුන ද කිරිපිටිවලට අදාළව එවැන්නක් සිදුනොවීය. ඛණිජ තෙල් යනු ආයෝජන සහ එදිනෙදා ආර්ථික කටයුතු සඳහා ඉතා තීරණාත්මක සාධකයක් වුවත් කිරිපිටි යනු අතුරු ආහාරයක් මිස අත්‍යාවශ්‍ය  ආහාරයක් නොවේ. (කෙසේවෙතත් ආයෝජන දිරිගැන්වීම සඳහා බදු සහන ලබාදීම නිවැරදි ප්‍රතිපත්තියක් විය හැක.

VII. පසුගිය රජය විසින් කිරිපිටි කිලෝ ග්‍රෑම් එකකට අයකළ විශේෂ පරිභෝජන බද්ද කිලෝ ග්‍රෑම් 1ට රු. 225 සිට රු. 2 දක්වා රු. 223කින් අඩු කිරීම නිසා රජයට වාර්ෂිකව අහිමි වූ බදු ආදායම රු. මිලියන 20,000ක් පමණ විය. මෙවර වැට් බදු, තොටුපල බදු, සහ රේගු බදු සියල්ල ඉවත්කළ විට සමාගම්වලට කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 100කට ආසන්න බදු සහනයක් ලැබෙන අතර ඒ මගින් රජයට වාර්ෂිකව දළ වශයෙන් රු. මිලියන 9,000ක පමණ අදායමක් අහිමි වේ.

මෙම තොරතුරු දැනගැනීමේ අයිතියක් මහජනයාට ඇති බැවින් ඊට අදාළ නිවැරදි දත්ත මහජනයාට ඉදිරිපත් කළ යුතුය. (කිරිපිටි ආනයනය කරන සමාගම් දිගින් දිගටම මිල වැඩිකිරීම් ඉල්ලා සිටිමින් කිරිපිටිවල බදු ඉවත් කර ගැනීම සඳහා ඉතා සූක්ෂ්ම  ක්‍රියාවලියක් දියත් කළ බව රටට රහසක් නොවේ.

VIII. මේ වන විට දේශියව කිරිපිටි නිපදවන පුද්ගලික සමාගම් විසින් කිරි ගොවියාට ලීටරයට රු. 100ක පමණ ඉහළ මිලක් ගොවන බැවින් ආනයනික කිරිපිටිවලදී බදු සහන ලබාදී ඒවා ප්‍රචලිත කිරීම මගින් එම ක්‍රියාවලිය පවත්වාගෙන යාමට නොහැකි වන බව මහජනයාට පැහැදිළි කිරීම සහ සැබෑ ලෙසම කිරිපිටි මිල දීර්ඝකාලීනව අඩු කළ හැක්කේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම මගින් වන බැවින් ඊට අහිතකර තීන්දු ගැනීම ආර්ථික උපායමාර්ගික වරදක් බව මහජනයාට පෙන්වාදීම. (මේ වන විට රජයට අයත් සහ පුද්ගලික දේශීය කිරිපිටි සමාගම් දෙකක් විසින් වාර්ෂිකව රුපියල් මිලියන 10,000ක් පමණ කිරි ගොවීන්ට සහ කිරි එකතු කරන්නන්ට ගෙවනු ලබයි. මේ මගින් ග්‍රාමීය ආර්ථිකය ද උද්දීපනය වන බව ඉතා පැහැදිළි කරුණකි.)

  1. පසුගිය කාලය තුළ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ රජය විසින් ආනයනික කිරිපිටිවලට කි.ග්රෑ 1කට රු. 225ක් දක්වා විශේෂ පරිභෝජන බදු පැනවීම මගින් ආනයනික කිරිපිටි අධෛර්යවත් කිරීම සහ දේශීය කිරි නිෂ්පාදනය ධෛර්යවත් කිරීම සඳහා පියවරගත් බැවින් දේශීය කිරිපිටි නිෂ්පාදනය 4 ගුණයකින් පමණ ඉහළ ගිය බව මෙන්ම ඒ මගින් කිරි ගොවියාට කිරි ලීටරයට ලැබෙන මිල රු. 100ක් දක්වා වැඩි වූ බැවින් කිරි ගොවියා නිෂ්පාදනය වැඩි කිරීමට උනන්දු වූ බව සහ ඒ මගින් ගොවි පවුල් ලක්ෂ 5කට සෙත සැලසුණු බව මහජනයාට පෙන්වා දීම.

 

ඔබතුමන්ලාට තෙරුවන් සරණයි

මේ වගට,

ආචාර්ය ගුණදාස අමරසේකර
කැදවුම්කරු, ජාතික සංවිධාන එකමුතුව

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෛනික කොවිඩ් මරණ 150 ඉක්මවයි… සමස්ථ මරණ 5500 පනී…

Next Post

හෙට දුම්රිය ධාවනය නෑ… වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පැමිණි දුම්රිය ස්ථානාධිපතිවරු මගීන්ට කියති.

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.