අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කොල්ලකරුවන් 03ක් කෝටි ගණන් මුදල් කොල්ල කාලා….

by editor
නොවැම්බර් 14, 2022
in පුවත්

Share on FacebookShare on Twitter

ඉන්දියාව සමග ව්‍යාපාරික ගනුදෙනු කළ  කාන්තාවක් අතුළු තිදෙනෙක් පැහැරගෙන ගොස් කෝටි ගණනින් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා සැඟවී සිටින කැලණිය  කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක්, විවිධ  ව්‍යාජ වටලීම් සංවිධානය කර සිදු කළ කොල්ලකෑම් රැසක  තොරතුරු විමර්ශනවලින් හෙළිවෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙකුගෙන් සමන් විත මෙම කොල්ලකල්ලිය පුද්ගලික වෑන් රථයකින් ගොස් මෙම කොල්ලකෑම්  සිදුකර ඇති බව පොලීසිය කියයි.

මෙම පොලිස්  කොල්ලකරුවන් හෙළිදරවු වන්නේ   ඉන්දියාවට ගොස්  රෙදි පිළි රැගෙන පැමිණෙමින් සිටි ඉහත කී  කාන්තාව ඇතුළු තිදෙනා පැහැරගෙන යෑමෙන් අනතුරුවය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලත් පෑලියගොඩ වනවාසලත් අතර කොටසේදී පසුගිය 10 වෙනිදා අලුයම් කාලයේ ව්‍යාජ පරීක්ෂාවක් කර සිදුකර මෙම කොල්ලකෑම සිදුකර තිබිණි.

මෙම කාන්තාව ඇතුළු පුද්ගලයින් තිදෙනා ගුවන් තොටුපොලේ සිට ගමන් කරමින් සිටි වෑන් රථය මග හරස්කර ඔවුන්ව පොලිස් නිලධාරීන් සිටි  වෑන් රථයට නන්වාගෙන ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස  රත්තරන් රැගෙන පැමිණ ඇතැයි පවසමින් පොලිස් කොල්ලකරුවන් විසින් ඔවුන් සතුව  තිබුණු රන් භාණ්ඩ සහ මුදල් ඇතුළු වත්කම්  සිය භාරයට ගෙන තිබේ.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

අනතුරුව මෙම කොල්ලකාර පොලිස් නිලධාරීන් අලුයම් කාලයේ දී මෙම තිදෙනා පෑලියගොඩ පොලිස් ස්ථානයටද    රැගෙන ගොස්  ඇත.   පසුව රන් භාණ්ඩ හා දේපොල කොල්ලකාගෙන ඔවුන්ව  මුදාහැර තිබේ.

මේ  සම්බන්ධව  බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට ලද පැමිණිල්ලකට අනුව   විමර්ශන  ආරම්භ වී තිබේ.

එම විමර්ශනවලදී හෙළි දරවු වී ඇත්තේ  නීති විරෝධී ජාවාරම්වල නිරතව සිටින පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ව කොල්ල කෑම මෙම පොලිස් කණ්ඩායම විසින් සංවිධානාත්මකව සිදුකර ඇති බවය.

මොවුන්ගේ කොල්ල කෑමට ඉලක්ක වී ඇත්තේ පිට රටවල්වල සිට නීති විරෝධීව මෙරට රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග රැගෙන එන ජාවාරම්කරුවන්, උණ්ඩියල් ඡාවාරම්කරුවන්, පුරා විද්‍යාත්මක ද්‍රව්‍ය සහ ගජමුතු ජාවාරම්කරුවන් වැනි පුද්ගලයින්ය.

මෙම පොලිස් කණ්ඩායම විසින් ව්‍යාජ වැටලීම් මගින් මේ පිරිස්  අත්අඩංගුවට ගෙන ඔවුන් සතු මුදල් හා දේපොල කොල්ලා ඇතැයි හෙළි වී තිබේ.

මෙම පොලිස් කොල්ලකරුවන්  අමෙරිකානු ඩොලර් 3800ක්,  විස්කි බෝතල් 09ක් සහ පවුම් 56.25ක රන් භාණ්ඩ තොගයක්  ඇතුළු  කොල්ලකෑ දේපල වල මුළු වටිනාකම  රුපියල් එක්කෝටි දෙලක්ෂ තිස්පන්දහස් හාරසියයක් ලෙස ගණනය කර තිබේ. .

ආරම්භ කර ඇති  විමර්ශනයත් සමඟ පොලිස් නිලධාරීන් සිව් දෙනා පළාගොස් ඇත. මේ වනවිට ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට    පියවර ගෙන තිබේ.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාව හෙළි කළ බේරුවල ව්‍යාපාරිකයා පාස්කු ප්‍රහාරකයින් සමගත් සම්බන්ධ අයෙක්!

Next Post

ගෝඨාගේ කාබනික හීනයේ ප්‍රතිඵලය මහබැංකුව කියයි!  අවුරුදු පහකින් පසු ලැබුණු අඩුම වී ඇස්වැන්න පහුගිය මහ කන්නයේ…

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.