මේ වනවිට ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන කැබිනට් අමාත්‍යවරුනගේ රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තා වේ.
මේ තත්වයට හේතු වී ඇත්තේ අග්‍රමාත්‍යවරයා ඉවත්වීම මේ අවස්ථාවේ ගත හැකි යහපත්ම තීන්දුව බව රමේෂ් පතිරණ දීර්ඝ පැහැදිලි කිරීමකින් පසු ප්‍රකාශ කර තිබේ.
මෙම කැබිනට් රැස්වීමට කැබිනට් ඇමතිවරයෙක් නොවන මහින්දානන්ද අලුත්ගමගේ ද සහභාගී වී සිටී. එය විශේෂත්වයකි.
රමේෂ් පතිරණ ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව මහින්දානන්ද අලුත්ගමගේත්, ප්‍රසන්න රණතුංගත් කරුණු දැක්වීමෙන් අනතුරුව විමලවීර දිසානායක පවසා ඇත්තේ අගමැතිවරයා ඉවත්වීම කිසිම තර්කාන්විත තීන්දුවක් නොවන බවය.
ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ ආණ්ඩුවටම ඇති තිබෙන විරෝධයට අගමැතිවරයා පමණක් බිලිදීම දේශපාලනිකව සුදුසු නැති කටයුත්තක් බව විමලවීර දිසානායක දැඩිව පවසා තිබේ.
ඒ අවස්ථාවේ දී ජනාධිපතිවරයා විමලවීර දිසානයක ඇමතිවරයාගේ කතාවට පටහැනිව සිය කරුණු දැක්වීම ඉදිරිපත් කර ඇති අතර අගමැතිවරයා ඉල්ලා අස්වීම මේ මොහොතේ සුදුසුම ක්‍රියා මාර්ගය බව දන්වා ඇති බව වාර්තා වේ .
මේ තත්ත්වය තුළ ඉල්ලා අසවන බවත්, යළිත් ඉල්ලා අස්නොවන බවත්, යළිත් කෙසේවත් ඉල්ලා අස්වන්නේ නැති බවත් කී අගමැති මහින්ද රාජපක්ෂ යළිත් ඉල්ලා අස්වීමට තීරණය කර සිය ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
මෙම තීරණය අද ගන්නවා ද නැද්ද එසේත් නැතිනම් පසුගිය අවස්ථාවල මෙන් එවැනි දෙයක් කතා වූයේ නැතැයි මග අරිනවා ද යන්න තවම පැහැදිලි නැත.
Discussion about this post