සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් අද (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.
ප්‍රාඩෝ ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ වාහන 225ක් ගෙන්වීමට වූ යෝජනව අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් වී තිබිණි.
අමාත්‍ය මණ්ඩල හමුව ද අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් රැස් වී ඇත. එහි දී වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු කරමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පෙන්වා දී ඇත.
ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මෙයට පෙර පැවති යෝජනාව කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි එම නිවේදනයේ දැක්වේ.