සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබ් රථ 1775ක් ගෙන්වීමේ රජයේ ටෙන්ඩර් ක්‍රියාවලිය නීති විරෝධීයී… ටෙන්ඩරය අවලංගු කර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂය කියයි!

by editor
නොවැම්බර් 8, 2025
in පුවත්
cab
Share on FacebookShare on Twitter
  • සීනි බදු වංචාවට, ඊ වීසා මගඩියට, කන්ටේනර් 323 සිද්ධියට මොකද වුනේ… පරීක්ෂණ නැත්තේ ඇයිදැයි විපක්ෂය අසයි…

රජය විසින් මිලදී ගන්නට නියමිත කැබ් රථ 1775ක ප්‍රමාණය සම්බන්ධ ටෙන්ඩර කැඳවීම ප්‍රසම්පාදන ක්‍රියාවලියට මුලුමනින්ම එරෙහි බවත් එම ටෙඩන්ඩරය අවලංගු කර වහාම මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්විය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ ප්‍රසම්පාදන පිළිවෙත අනුව මෙවැනි ටෙන්ඩරයක් කැඳවීමට දින 42 කාලයක් ලබා දිය යුතු නමුත් ඉලක්ක ගත ආයතනයක් වෙනුවෙන් ටෙන්ඩරය ලබා දීම සඳහා එය දින 12කට සීමා කළා දැයි බරපතල ප්‍රශ්නයක් පැන නැගී ඇති බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

අලුත්ම කතාබහ තමයි මේ ඩබල් කැබ් වැඩේ.  1775 ඩබල් කැබ් ගන්න. අඩු දින ගණනක් දීලා ඩෙන්ඩර් බෙන්ඩර් එකක් කරලා වැඩේ කරන්න යනවා කියලා තමයි අපට ආරංචි වෙන්නේ.

ඊයේ ජනාධිපති තුමා වැඩේ ෂේප් කරන්න හැදුවා. මන්ත්‍රීලා 225ට පාවිච්චි කරන්න මේ වාහන  දෙනවා කියලා කියනවා. ඒ කියන අතරෙදි මේ ඊ ප්‍රොකියුමන්ට් එක ගැන කතා කරනවා. දූෂණය ගැන කතා කරනවා.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

නමුත් ප්‍රොකියුමන්ට් ගයිඩ් ලයින්වල මොනවද තියෙන්නේ.  දින 42ක් දෙන්න ඕන ටෙන්ඩර් එක වහන්න කලින්. නමුත්  දුන්නේ දින 12යි. ආයතන කීපයකට අයිති වාසිකමක් තියෙන්න ඕන ටෙන්ඩර් එකකට ඉදිරිපත් වෙන්න. නමුත්  ඉතාම පටු කොන්දේසි නිසා  කොම්පැනි එකක් හෝ දෙක්ක විතරයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.

තව ප්‍රශ්න ගණනාවක් තියනවා. මගේ මතය නම්  මේ ටෙන්ඩර් එක සස්පේන්ඩ් කරන්න. මේක ඉන්වෙස්ටිගේට් කරන්න.  පගා දීලා විපක්ෂයටත් 159ටත් කැබ් දෙනවා කියලා මේ වැඩේ ෂේප් කරගන්න අපි සූදානම් නෑ කියලා ඉතාම ඕනකමින් මම කියන්න කැමතියි.

එමෙන්ම මන්ත්‍රීවරයා සීනි බදු වංචාව, කන්ටේනර් 323 සිද්ධිය  සහ   ඊ වීසා අපරාධය සම්බන්ධව මේ වනවිට රජය සිදුකර ඇත්තේ කුමක් දැයි ප්‍රශ්න කළේය. මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දූෂණ විරෝධී ක්‍රියාවලිය දේශපාලන පළිගැනීමකට ලඝු කළ යුතු නැති බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

මේ වැඩේ දේශපාලන පළි ගැනීමක් නොවිය යුතුයි. අපි කතා කළා සීනි ගනුදෙනුව ගැන. වෙච්චි දෙයක් නෑ. ඊ වීසා ගනුදෙනුව. මාස තුන හමාරක කාලයක දී ඇමරිකානු ඩොලර් මිලියන 1.8ක් එකතු කරලා වැට් එක සහ එස්එස්සීඑල් එක හැටියට… ඒ බදු රජයට ගෙවලා  නෑ කියලා ඔඩිටර් ජෙනරාල්ගේ ඔඩිට් රිපෝට් එකේ තියනවා. මුදල් අමාත්‍යාංශය මේ ගනුදෙනුව කරන්න එපා කියලා තියෙද්දි අන් සොලිසිටඩ් බ්‍රිඩ් එකක් හරහා ගනුදෙනුව කළා කියලා කියනවා.

කොච්චර අපහසු තාවයක් මත ද පීඩනයක් මත ද අපි මුදල් කමිටුවෙන් පිටු 665ක වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කියලා.

කන්ටේනර් 323 වාර්තාවට මොකද වුනේ. අඩුම ගානේ කතානායක තුමා ඒ වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කළා ද?, නෑ. ඩී.එස්.ඩී සෙනවිරත්නගේ නායකත්වයෙන් යුතු ඒ කමිටුව ප්‍රධාන වශයෙන් කියනවා රතු කන්ටේනර් අනිවාර්යයෙන්ම භෞතික පරීක්ෂාවෙන් තොරව පිට කිරීම වැරදියි කියලා.

රේගුවේ දැවැන්ත තදබදයක් තිබුණා කියලා මේ කන්ටේනර් නිදහස් කළේ ඒ නිසා කියලා කියන කතාව පිළිගන්න බෑ කියනවා. මේ ගනුදෙනුවට සම්බන්ධ අය නම් කරලා ඒකට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න කියලා ඒකේ කියනවා.  නමුත් ඔබලාගේ රජය ඒ වෙනුවට ඒ නිලධාරීන්ට ප්‍රමෝෂන් එකක් දුන්න බව තමයි අපට ආරංචි වෙන්නේ.” මන්ත්‍රීවරයා පැවසුවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් අසලින් මිනිස් කළලයක කොටස් හමුවෙයි… පේරාදෙණිය පොලිසියෙන් විශේෂ විමර්ශනයක්!

Next Post

දෙස් විදෙස් පතල කන්දේගම සාගරමතී පිරිවෙණට වන අලි ප්‍රහාරයක්…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.