සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩාවට පනින්න ගොස් වියට්නාමය හරහා යළි ලංකාවට පැමිණි 151ක ගේ කතාව…

තවත් 152ක් රටට එන්න බෑ කියා වියට්නාමයේ නැවතිලා..

by editor
දෙසැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වියට්නාම් මුහුදේ දී මුදාගෙන රඳවා සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 151 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යළි මෙරටට පිටුවහල් කර තිබිණි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කළමනාකාරවරයා පැවසුවේ, ඊයේ (27) රාත්‍රියේ මෙම පිරිස විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි බව ය.

එම පිරිසේ එක් එක් පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර ඉදිරි විමර්ශන සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රටින් පිටවී යෑම සඳයා යොදාගත් යාත්‍රාව යාන්ත්‍රික දෝෂයකට ලක්ව මහ මුහුදේ ගසාගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 303ක් වියට්නාම් මුහුදේ දී  මෙසේ බේරා ගැනුණි.

ඔවුන්ගෙන් 151 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වීමෙන් පසු වියට්නාමයෙන් පිටුවහල් කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මහ මුහුදේ දී ගලවාගත් අතීත කතාව

පසුයි නොවැම්බර් මස 07 වැනිදා LADY R3 නම් ධීවර යාත්‍රාවක් මුහුදේදී අනතුරකට ලක්වී Vung Tau කේප් ප්‍රදේශයේ ගිනිකොන දෙසින් නාවික සැතපුම් 258ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේ විපතට පත්ව ඇති බවට එම නාවික යාත්‍රාවෙන් නිකුත් වූ පණිවියක් ශ්‍රීලංකාවේ සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලැබිණි.

ඔවුන් මේ තත්ත්වය පිළිබඳව වියට්නාමයේ සමුද්‍ර ගලවා ගැනීමේ මධ්‍යස්ථානය දැනුම්වත් කළේය.

ප්‍රවෘත්ති ලැබීමෙන් පසු, වියට්නාමයේ සමුද්‍ර ගලවාගැනීමේ මධ්‍යස්ථානය සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ජාත්‍යන්තර ගලවා ගැනීමේ ආයතන සමඟ තොරතුරු තහවුරු කරගැනීමට සහ උපකාර සඳහා ජාත්‍යන්තර නැව් ඇමතීමට සමීපව කටයුතු කළේය.

ජපානයේ හීලියෝස් ලීඩර් නෞකාව ඒ ආසන්නයේ ගමන් කරන බව සොයා ගත් මධ්‍යස්ථානය නෞකාවේ දිශාව කඩිනමින් වෙනස් කර LADY R3 යාත්‍රාවේ සිටි පුද්ගලයින් බේරා ගැනීමට සහය වන ලෙස ඉල්ලා සිටියේය.

තම කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිට මියන්මාරයට ගොස් එතැන් සිට මුහුදු මාර්ගයෙන් කැනඩාවට යාමට LADY R3 බෝට්ටුවට ගොඩ වූ බව ශ්‍රී ලාංකිකයෙකු පවසා තිබිණි.

ශ්‍රී ලාංකිකයන් 303 දෙනාම මියන්මාරයට ගිය ආකාරය සම්බන්ධව තවමත් අනාවරණය වී නැත.

නොවැම්බර් 8 වැනිදා පස්වරුවේ හීලියෝස් ලීඩර් නෞකාව මගින් ශ්‍රී ලාංකික පුරවැසියන් 303 දෙනා බේරා ගනු ලැබූ අතර, ඔවුන් ගමන් කළ LADY R3 යාත්‍රාව පැය 40කට ආසන්න කාලයක් ගමනාගමනයට නොහැකිව නතර වී නිදහසේ පාවෙමින් තිබී ඇත.

නොවැම්බර් 8 වැනිදා පස්වරුවේ වියට්නාම වෙරළාරක්ෂක බළකායේ SAR 413 නෞකාව හීලියෝස් ලීඩර් නෞකාවේ සිට ශ්‍රී ලාංකිකයන් 303 දෙනා රැගෙන යෑමට පැමිණියේය. නෞකාවෙන් පුද්ගලයින් සිව් දෙනෙක් පමණක් බැස්සහ. නමුත් අනේක පුද්ගලයින් කරන ලද පැහැදිලිකිරීම් නොසලකා ජපන් නෞකාවෙන් බැසීම ප්‍රතික්ෂේප කළහ. ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයාට මෙම පුද්ගලයින් පිරිස ජපන් නෞකාවෙන් ඉවත් කරගැනීම සඳහා පුරා පැයක් තිස්සේ මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බව වාර්තා විය.

ඉන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් 303 දෙනාම කණ්ඩායම් වශයෙන් හීලියෝස් ලීඩර් නෞකාවෙන් ගොඩට ගෙන එනු ලැබුවේය.
මානුෂීය හේතූන් මත, ස්වභාවික විපත් වැළැක්වීම සහ පාලනය කිරීම සහ සෙවීම් සහ මුදාගැනීම සඳහා වන Ba Ria – Vung Tau පළාත් අණදෙන නිලධාරින් විසින් ශ්‍රී ලාංකිකයන් 303 දෙනා ඉඩකඩ සහිත පහසුකම් ඇති ස්ථාන තුනක නවාතැන් ගැන්වීමට කටයුතු කළේය. පිරිස අතර පිරිමින් 264 ක්, කාන්තාවන් 19 ක් සහ ළමුන් 20 ක් වූහ. .

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නයිනමඩමේ දී තරුණයෙකුට කැඩුණු බෝතලයකින් ඇන බරපතල තුවාල කළ අයි.පී. සහ පාතාලයා තවමත් නිදැල්ලේ!

Next Post

භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ තුළ සැඟවී රුමේනියා – හංගේරියා දේශසිමාව තරණය කිරීමට ගිය ලාංකිකයන් ඇතුළු 27ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.