ශ්‍රියානි විජේසිංහ –
කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කරයි.
මෙම දරු උපත පසුගිය 10වෙනිදා සිදුව ඇති අතර මෙම දැරියන් දෙදෙනාගේ මව පන්නල ප්‍රදේශයේ පදිංචි 29හැවිරිදි කාන්තාවක් බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.
එක් දැරියකගේ උපත් බර කිලෝ 2යි ග්රෑම් 200ක් වන අතර දරු දෙදෙනා කිලෝ 4 ග්රෑම් 400කින් යුතු නිරෝගිව ඉපදී ඇතැයි වෛද්‍ය දන්තනාරායන පැවසුවේය.
උදරයෙන් එකට යාවී ඇති මෙම දැරියන් දෙදෙනාව වෙන්කිරීමේ සැත්කම රිජ්වේ ආර්යා ළමා රෝහල තුළදි මාස තුනකින් පසුව සිදුකිරීමට නියමිත බවද හෙතෙම කීය.
සිසේරියන් සැත්කමකින් ලබා ගත් මෙම දැරියන් දෙදෙනා සිය නිවෙස් වෙත ගෙනයාමෙන් අනතුරුව මාස 3 ක් ඉක්ම ගිය පසුව රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරිමට නියමිත බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.
දෙබිඩි දරු උපත් කාසල් රෝහල තුළ සිදුව ඇති නමුත් කලාන්තරයකට පසුව මෙම සිදුවීම සිදුවීමද විශේෂත්වයක බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.







