ශ්‍රියානි විජේසිංහ –
වී ගොවීන්ට කාබනික හා කොම්පෝස්ට් පොහොර අවශ්‍ය නැති නම් ඒ සඳහා ලබා දුන් සහනාධාර මුදල තේ හා එළවළු වගාවට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි.
අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ කොම්පෝස්ට් පොහොර යැයි කියමින් තමන්ට වැව්වලින් කපා ගත් පස් හා දහයියා ලබා දුන් බවට ගොවි ජනතාව පැවසීමත් සමගය .
කාබනික පොහොර සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කමිටුවේ නිර්දේශය වී ඇත්තේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා කොම්පෝස්ට් පොහොර ඇතැම් සමාගම් විසින් සැපයීම හේතුවෙන් ගොවිජනතාවගේ විශ්වාසය බිදී ඇති බවය.
එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද මෙරට ගොවීන්ට සපයන ලද ඇතැම් කාබනික පොහොර හා කොම්පෝස්ට් පොහොර සඳහා නිර්දේශයන් ලබා දී නැත.
එවැනි තත්ත්වයක් තුළ තවදුරටත් තමන්ට මෙම ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර හා ඇතැම් කාබනික පොහොර ද අවශ්‍ය නොවන බව ගොවි නියෝජිතයෝ පවසා ඇත.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.