කාබනික පොහොර ආනයනය කිරිමේ තීරණය අත්හිටුවීම පිළිබඳව මේ වනවිට අවධානය යොමුව ඇතැයි කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පැවසීය.
එම පොහොර ගෙන්වීමේදී ඒ සමග එන ක්ෂුද්‍ර ජීවීන් සහ පළිබෝධ සම්බන්ධයෙන් පවතින අවදානම හේතුවෙන් මේ පිළිබඳ අවධානය යොමු කිරීමට සිදු වූ බවත් ඊට අමතරව දේශීයව කාබනික පොහොර නිෂ්පාදනයේ විශාල උද්‍යෝගයක් දක්නට ලැබෙන බැවින් රට තුළ කාබනික පොහොර නිෂ්පාදනයේ වර්ධනයක් අපේක්ෂා කරන තත්ත්වයක් තුළ මෙම තීරණය අත්හිටුවීම අත්හිටුවීම පිළිබඳ අවධානය යොමු ඇතැයි ද ආචාර්ය වීරකෝන් මහතා තවදුරටත් සඳහන් කළේය .
පසුගිය කාලයේ රජයේ රසායනික පොහොර ගැනීම අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසු මෙරට පොහොර අවශ්‍යතාව සඳහා කාබනික පොහොර විදේශවලින් ගෙන්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබිණි.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කෘෂි විශේෂඥයන් විරෝධය දැක්වූ අතර පරිසරවේදීන් කාබනික පොහොර ආනයනය පවතින අවදානම් තත්වය පිළිබඳව සංවාදයක් ට මතුවූ බැවින් එම තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම තීරණය අත්හිටුවීම පිළිබඳව සලකා බලා ඇත.
අදාළ තීරණය කෘෂිකර්ම මත ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.