විසි අට හැවිරිදි කාන්තාවක් හා වයස අවුරුදු දහයක දරුවෙක් ඝාතනය කර ඝාතකයා ගෙල වැල ලා ගෙන ඇති පුවතක් ගල්ගමුව නල්ලන්චිය, නාන්නේරිය ප්රදේශයෙන් වාර්තා වේ.
ඊයේ ( 6 ) අලුයම මේ ඝාතනය සිදුවි ඇතැයි නාන්නේරිය පොලිසිය සැක පල කරයි.
මෙසේ ඝාතනය ට ලක්ව ඇත්තේ 28 හැවිරිදි ඉන්දිකා ශාන්ති යන අය හා දස හැවිරිදි සෙනිත ලක්විඳු ය. ඝාතකයා යැයි සැක කරන අයද එම නිවස අසලම ගෙල වැල ලා ගෙන ඇත.
එම නිවසේ වයස අවුරුදු 4ක දරුවා පාන්දර නින්දෙන් ඇහැරී මවත් , සහෝදරයා ත් කතා නොකරන නිසා අසල නිවසට ගොස් එම නිවැසියන්ට මේ බව දැනුම් දී ඇත.
මිය ගිය කාන්තාවගේ සැමියා වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරයි. යම් පුද්ගලික ආරවුලක් නිසා මෙම ඝාතනය සිදුවි ඇති බවට නාන්නේරිය පොලිසිය සැක පල කරයි.
නාන්නේරිය පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.