බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල් පහත් දේශපාලනයක් කරන ගිහියෙක්! – තිලංග සුමතිපාල…

by editor
මාර්තු 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මොන ආගමක මොන තනතුරක් දැරුව ද කාදිනල් තුමා පැවිද්දෙක් නොව ගිහියෙක් බව තිලංග සුමතිපාල අද පැවසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොලඹ දිසා සමුලුවේ දී ඔහු කීවේ ලෝකය වටේ කේලාම් කියමින් ගොස් කාදිනල් තුමා පහත් දේශපාලනයක් කරන බවය. ඔහු තරම් පහත් ලෙස කිසිම ආගමික නායකයෙක් ත්‍රස්වාදීන් ආරක්ෂා නොකළ බවත් තිලංග සුමතිපාල කීවේය.

ඔහු කීවේ ජය ශ්‍රී මහා බෝධිය, දළදා මැදුර ප්‍රහාරයට ලක් කළ, අරන්තලාව ඝාතනය සිදුකළ ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ කාදිනල්ලා ලෝකයට කේලාම් නොකී බවය. කාදිනල්තුමා හදන්නේ තමන්ගේ නායකයා වන මෛත්‍රීපාල සිරිසේනට නඩුවක් දමා විත්තිකරුවෙක් කිරීමට බවය.

බුකි කරුවෙක් ලෙස සමාජයේ ප්‍රකට තිලංග සුමතිපාල පසුගිය මැතිවරණයෙන් පරාජයට පත් වූ අයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිසා සමුළුව අමතමින් මෙසේ ද කීවේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“ජය ශ්‍රී මහා බොධියට ගැහුවා, දළදා මාලිගාවට ගැහුවා. අරන්තලාවට ගැහුවා.  අවුරුදු විස්සක් තිහක් තිස්සෙ ගහපු එකම වෙලාවක හෝ එමානුවෙල්ලවත් කාදිනල්ලාවත් ලෝකෙට ගිහින් කේලම් කිව්වෙ නෑ.“

“මගෙ නිවස ගාව ඉන්න කාදිනල් තුමා ගැන කණගාටු වෙනවා. දුක් වෙනවා. ලෝකෙට ගිහින් කේලාම්  කියනවා. නමුත් මැරිච්ච මිනිස්සු වෙනුවෙන් මුදල් ටිකක් ගන්න හදන්නෙ නෑ. එල්ලලා මරන්න කියනවා පූජිත් ජයසුන්දරව. හේමසිරි ප්‍රනාන්දුව. එහෙම නැතිනම් අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට නඩුවක් දාලා චූදිතයෙක් කරන්න.“

“එතුමා බොහොම පහත් විදිහට දේශපානය කරනවා තමන්ගෙ ඉලක්කයක් සඳහා. අපේ කිසිම ආගමික නායකයෙක් මේ විදිහට ත්‍රස්තවාදීන්  රැක ගත්තෙ නෑ.  චන්ද්‍රිකා මැතිණියගෙ කාලෙ,  ජේ.ආර්. ජයවර්ධනගෙ කාලෙ, ප්‍රේමදාසගෙ කාලෙ කොච්චර බෝම්බ තිබ්බද, කී දාහක් මැරුණ ද?“

“9/11 ප්‍රහාරයෙදි බුෂ් ජනාධිපති මුළු ඇමරිකාවම බිම දැම්මා. කවදාවත් ජන නායකයෙකුට අත තිබ්බෙ නෑ. ඒ නිසා අපි බොහොම ඕනෑකමින් කියා සිටිනවා කාදිනල් තුමාට. එතුමා ඉස්සරවෙලාම මඩකලපුව පල්ලියට ගියෙ නෑ. ඒක බෝන් අගේන් නිව් චර්ච් නිසා. ඒක කතෝලික නෙමෙයි. එතුමාට ඉස්සරවෙලාම ක්‍රිස්තියානි ආගමේ අය එකතු කරගන්න කියන්න.“

එතුමා එක කොටුවක පිරිසක් අමතන ආගමික නායකයෙක්. ඉස්සරවෙලා තමන්ගේ කොටස තේරුම් ගන්න ඕන. එතුමා මොන ආගමකින් මොන තත්වයකට ලඟා වුනත් අපට ඔහු ගිහියෙක්. පැවිද්දෙක් නෙමෙයි. පැවිදි කෙනෙක් සහ ගිහියෙක් අතර වෙනස අපි තේරුම් ගන්න ඕන. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව හැර නොයන බවට ශ්‍රී.ල.නි.ප ය කියයි!

Next Post

විපක්ෂය කියන දේ අහන්න ගිහින් තෙල් මිල වැඩි වුණා… බලශක්ති ඇමති ලොකුගේ…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.