-
කැබිනට් එකට ඉදිරිපත් කළ ක්‍රීඩා පනත විමසන්න ජනපති සාගලගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළා… ඒ කමිටුව කී විදිහට පනත හැදුවා නම් හොරු හොරකම් කරන්නේ බලටි ගහගෙන… ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ….
පනතේ කෙටුම්ප අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම පනත් කෙටුම්පත තව දුරටත් සලකා බලන ලෙස දජනාධිපතිවරයා විසින් සාගල රත්නායකගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ නිර්දේශ සහිතව ක්‍රීඩා පනත ඉදිරිපත් කළා නම් හොරු හොරකම් කරන්නේ බලටි ගසමින් බවත් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ක්‍රීඩා නිතිය සංශෝධණය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් නොකර ප්‍රමාද කරන්නේ කුමක් නිසාදැයි විමසූ අවස්ථාවේදී ය.
ඒ සම්බන්ධව ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවට මෙසේ පැවසුවේය.
“ මා ක්‍රීඩා ඇමතිවරයා ලෙස ක්‍රීඩා පනත ගේන්න ගෙනත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ පනත යළි විමසන්න සාගල රත්නායකගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරනවා. ඒකේ පළවෙනි රැස්වීමට මමත් ගියා. කමිටුව රැස් වුනේ නෑ. එතනින් එහාට කිසිම සාකච්ඡාවක් තිබ්බෙත් නෑ. .”
“ ටික දවසකට පස්සේ මට සාගල රත්නායක ගේ අත්සනින් එවනවා ලිපියක් මෙන්න මේ ටික ඇතුළත් කරලා පනත සකස් කරලා එවන්න කියලා.”
“මම මේ පාර්ලිමේන්තුවට කියන්නේ… ඒක දැක්කම ඒකෙ කරුණු ගත්තම දැන් හොරකම් කරන විදිහට නෙමෙයි, මීට වඩා ඇතුලට ගිහින් හොරකම කරන්න පුලුවන් විදිහට ඒකේ කරුණු තියෙන්නේ. ක්‍රීඩා සංගම් එක්ක පෙරළි පෙරළි හොරකම් කරන්න පුලුවන් විදිහට ඒ කරුණු ගොනු කරලා තියෙන්නේ.”
මම ඒක පැත්තකින් තියලා යළිත් පනත සකස් කළා. අලුතින් හදපු ඒ පනතත් කැබිනට් මණ්ඩලයට ගෙනිච්චා. අනුමැතියට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ දි මේක පාස් කරගන්න බලාපොරොත්තු වුන.
“ඒත් එතනින් එහාට යන්නේ නෑ.”
ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේ දී නැගී සිටි විමල් විරවංශ මන්ත්‍රීවරයා කළේ එය මොන ආකාරයේ කමිටුවක්දැයි විමසා සිටියේය.
සාගල රත්නායක ක්‍රීඩා විශේෂඥයෙක් වෙන්න කළේ කුමණ ක්‍රීඩාවදැයි තමා නොදන්නා බව කි මන්ත්‍රිවරයා පැවසුවේ සාගල රත්නායක සමග දමන මේ ආකාරයේ කමිටුවලින් සිදුවන්නේ අමාත්‍ය මණ්ඩලයට අවමානයට ලක් කිරීමක් බවය.
“ඒ කියන්නේ සාගල රත්නායක ඉන්නෙ අමාත්‍යාංශය උඩින් හෝ අමාත්‍යාංශය මට්ටමින් කියලා හිතලා ගත්ත තීන්දුවක් මේක.”
මන්ත්‍රීවරයා කීවේය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම සහ මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධව හෙට දීර්ඝ ප්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.