ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල්තැබුණි.
මෙම පෙත්සම තුන්වන දිනයට අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට කැඳවනු ලැබූවේය.
අතර එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක කරුණු ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම හෙට දින තෙක් කල් තැබුණි.
පසුගිය දින දෙකක කාලයක් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව පෙත්සමේ ප්‍රධාන පාර්ශවවන පෙත්සම්කාර පාර්ශවය සහ ප්‍රධාන වග උත්තර කරු ලෙස නම් කර තිබෙන ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් මේ වනවිට නීතිඥවරුන් කරුණු දක්වා නිමා කර තිබේ.
අද දිනයේ සිදුවුයේ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා සහ අන්තර් පාලන කමිටුව වෙනුවෙන් නීතිඥවරුන් කරුණු දැක්වීමය.
එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක කරුණු ඉදිරිපත් කළේය.







