ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැටයම් නැති වැඩකාරයෙක් බවත් කලිසම පොඩ්ඩක් පහත් වෙනකොට උස්සාගෙන හරි වැඩේ හරියටම කරන බවත් රාජ්‍ය ඇමති චාමර සම්පත් අද පැවසුවේය.
රනිල් වික්‍රමසිංහට හැර වෙන කිසිම අයෙකුට රට ගොඩ දැමිමේ කටයුත්ත කළ නොහැකි බව තහවුරු කිරිම සඳහා ඔහු මේ ප්‍රකාශය කළේ අද බණ්ඩාරවෙල පැවති ජන රැළියක් අමතමිනි.
චාමර සම්පත් කීවේ මෙවැන්නකි.
ජනාධිපති තුමා මාත් එක්ක තරහා වෙයි ද දන්නේ නෑ. මම සාමාන්‍යයෙන් විහිළුවක් කරනවාමයි. තරහා නෑනේ ජනාධිපති තුමා.
ජනාධිපති තුමා කොහොමත් මම කල්පනා කරකර ඉන්නේ… මම මෙච්චර මැරෙනවා… ජනාධිපති තුමා තාම අහලා නෑ චාමර ඔයා වැඩද මට කියලා. ඒ ජනාධිපති තුමාගේ විදිහ. කරන්න දෙයක් නෑ… කැටයම් නෑ… මෝස්තර නෑ… මෝස්තර නැති කැටයම් නැති කෙනෙක් තමයි අපට ඕන.
කලිසම පොඩ්ඩක් පල්ලෙහාට යනකොට උස්ස උස්ස හරි වැඩේ කරනවා. වැඩේ ගානට කරනවා ලොක්කා… රාජ්‍ය ඇමති චාමර සම්පත් පැවසුවේය.







