බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප අවුරුදු 33කට පසු ලෝඩ්ස් පිටියේ බිහිසුණු පරාජයක් අභියස ද?

by editor
අගෝස්තු 31, 2024 - Updated on සැප්තැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තුන්වැනි දිනය අවසානය. ශ්‍රි ලංකා කණ්ඩායම කිසිසේත් පහසු තැනක නොවේ. අවුරුදු 33කට පසු අප ලෝඩ්ස් පිටියේ දැවැන්ත පරාජයක් අභියසය.

අපි මින් පෙර ලෝඩ්ස් පිටියේ තරග 08ක් ක්‍රීඩා කර ඇත්තෙමු. මේ 09 වැනි තරගය ය. මින් පෙර පැවති තරග 08න් 2ක් පරාදය. ඉතිරි 06ම ජය පරාජයෙන් තොරය.

මින් පෙර අවසන් වරට අප ලෝඩ්ස් පිටියේ දි එංගලන්ත කණ්ඩායම අභිමුව පරාජය වන්නේ 1991 දී අරවින්ද සිල්වාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරමිනි. මංගල ටෙස්ට් තරගයේ සිට ක්‍රීඩා කළ අර්ජුන රණතුංග එම කණ්ඩායමේ ක්‍රීඩා කළේ නැත. දෙවන ඉනිමේ දී අපට හිමිවන්නේ ලකුණු 423ක ඉලක්කයකි. අප ලකුණු 137කින් පරාජය වූයේය. එම තරයේ දී රොමේෂ් රත්නායක ඉනිමක දී ලකුනණු 69ට කඩුළු 05ක් සහ ලකුණු 52ක් සහිතව තරගේ සම වීරයා වූයේය.

අද ලෝඩ්ස් පිටියේ දි අප අත් විඳින තත්ත්වය 1991 වටපිටාවටත් වඩා බොහෝ සෙයින් භයානකය. දෙවැනි ඉනිමේ දි අපට ලැබි තිබුණේ ලකුණු 483ක ඉලක්කයකි. තරගයේ තුන් වැනි දිනය අවසන් වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 53කට කඩුළු 02ක් දැවී ගොස්ය. ජයග්‍රහණයට තවත් ලකුණු 430ක් ලබා ගත යුතුය. දින දෙකක් එහෙම පිටින්ම ඉතිරිය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අද තරගය

මුල් ඉනිමේ ලකුණු 427ක් ලබා ගත් එංගලන්ත කණ්ඩායට පිළිතුර දෙන්නට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවැනි දිනයේ දී ඕවර 55.3ක් තුළ ලකුණු 196කට දැවී ගියේය. එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිම ආරම්භ කරන්නේ ලකුනු 231ක් ඉදිරියෙන් සිටය. ඊයේ තරගය නිමා කරන විට එංගලන්ත පිතිකරුවන් එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබා සිටියේය. එංගලන්ත අංක 2 පිතිකරු ඩෑන් ලෝරන්ස්ගේ කඩුල්ල ලහිරු කුමාර විසින් බිඳ දැම්මේය.

අද ඔවුන් තරගය ආරම්භ කරන්නේ ලකුණු 256ක් ඉදිරියෙන් සිටිමිනි. බෙන් ඩකට් ලකුණු 15ක් සහ නායක ඔලේ පිලිප් ලකුණු 2ක් සහිතව පිතිකරණය ආරම්භ කළේය.

අද තරගය පිතිකරුවන්ට පහසු වූයේ නැත. ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ ලකුණු 251කට එංගලන්ත දෙවැනි ඉනිම සීමා කළහ. බෙන් ඩකට් ලකුණු 24කට දැවී ගියේය. නායක ඔලේ පෝප ලකුණු 17කි. හැරී බෲකර් ලකුණු 37කි. කඩුළු රකින ජෙමී ස්මිත් ලකුණු 26කි. මුල් ඉනිමේ ශතක ලාභී ගස් එට්කින්සන් ලකුණු 14කි. ජෝ රූට් දෙවැනි ඉනිමේත් ශතකයකි. ඔහු ලකුණු 103ක් ලැබුවේය.

පන්දු යැවීමේ දි අසිත ප්‍රනාන්දු ලකුණු 52කට කඩුළු 3ක්, ලහිරු කුමාර ලකුණු 53කට කඩුළු 3ක්, මිලාන් රත්නායක ලකුණු 36කට කඩුළු 2ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 105කට කඩුලු 2ක් ලැබුවේය.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා එංගලන්තය ලබා දුන් ඉලක්කය ලකුණු 483ක දැවැන්ත ඉලක්කයකි.

ජෝ රූට්

මේ මුළු ඉනිමම ගොඩනගනු ලැබුවේ එංගලන්ත විශ්මිත පිතිකරුවා ජෝ රූට් විසිනි. මේ විශිෂ්ට ක්‍රීඩකයා මේ තරගයේ දි ඉනිම දෙකේදිම ශතක ලැබුවේය. මුල් ඉනිමේ ලකුණු 143ක් රැස් කළ රූට් දෙවැනි ඉනිමේ ලකුණු 103කි. එංගලන්ත අංක 04 ක්‍රීඩකයා අද කළ ක්‍රිකට් වික්‍රමය හැදෑරිය යුතු තරම් විචිත්‍රය. අවශ්‍ය වෙලාවේ වගකීම් සහිත ක්‍රීඩාවක යෙදෙන ආකාරය ඔහු පෙන්වා දුන්නේය.
අද ඔහු ලබා ගත්තේ සිය 34 වැනි ටෙස්ට් ශතකය ය. ඔහු එය ලබා ගන්නේ ශ්‍රි ලංකාවට එරෙහි මුල් ඉනිමේ මෙන්ම දෙවැනි ඉනිමේත් වාර්තා කළ ශතක දෙක සමගය. එංගලන්ත ක්‍රිඩකයෙක් මෙතෙක් ලබාගෙන සිටි වැඩිම ටෙස්ට් ශතක ගණන රූට්ස් පසු කළේය. මින් පෙර එම වාර්තාව සතුව සිටියේ ඇලෙස්ටයාර් කුක් විසින්. ඔහු ටෙස්ට් ශතක 33ක් රැස් කරගෙන සිටියේය.

ටෙස්ට් ඉතිහාසයේ ජෝ රූට්ට වඩා ටෙස්ට් ශතක ලබාගත් පිතිකරුවන් 5කි. – සචින් තෙන්ඩුල්කාර් (51), ජැක් කලිස් (45), රිකී පොන්ටින් (41), කුමාර් සංගක්කාර (38) සහ රාහුල් ඩ්‍රාවිඩ් (36) ඔහුට ඉදිරියෙනි. දැන් රූට් සිටින්නේ ටෙස්ට් ශතක 34 ක් ලබාගෙන සිටින සුනිල් ගවස්කාර්, බ්‍රයන් ලාරා, මහේල ජයවර්ධන සහ යුනිස් ඛාන් සමඟ සම මට්ටමේය.

ලොඩ්ස් පිටියේ මෙතෙක් ඉනිම දෙකේම ශතක ලබා ගත් ක්‍රීඩකයින් සිවු දෙනෙකි. ජෝර්ජ් හෙඩ්ලි 1939 දී එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ද , ග්‍රැහැම් ගූච් 1990 දී ඉන්දියාවට එරෙහිව ද, මයිකල් වෝන් 2004 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ද, මින් පෙර ශතක ලබාගෙන තිබිණි. සිවු වෙනියා බවට අද ජෝ රූට් පත් වුනේය. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ශතක වාර්තා කරමිනි.

විශේෂත්වය වන්නේ ලෝඩ්ස්හිදී අද කරන වික්‍රමය ජෝ රූට් ක්‍රිකට් දිවියේ කරන්නේ මුල් අවස්ථාවයට. මේ ඔහු ඉනිම දෙකේදීම ශතක ලබා ගත් පළමු අවස්ථාවය. ඔහු අද දෙවැනි ඉනිමේ දී ලබා ගත් ශතකය සිය ටෙස්ට් ශතක 34 තුළ ලබා ගත් වේගවත්ම ශතකය විය. ඔහු ශතකය රැස් කරගන්නේ පන්දු 111 දී ය. මින් පෙර ඔහු පන්දු 116ක දී නවසීලන්තයට එරෙහිව රැස් කළ ශතකය ඔහුගේ වේගවත්ම ශතකය විය.

අපේ දෙවැනි ඉනිමේ තත්ත්වය

තත්ත්වය අසාධ්‍යය. ආශ්චර්යයක් අවශ්‍යය. යළිත් වරක් ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක මෙන්ම අංක 03 සඳහා කුසල් මෙන්ඩිස් බංකුවේ තබා ගෙනා පැතුම් නිශ්ශංක අසමත්ය. නිශාන් මධුෂ්ක පන්දු 25ක් තුළ ලකුණු 13ක් පමණක් ලබා දැවී ගියේය. ඒ ගස් එට්කින්සන්ගේ පන්දුවකට ජෝ රූට් වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි.

පැතුම් නිශ්ශංක ලබන්නේ ලකුණු 14කි. පන්දු 24කට ඔහු මුහුණ දෙන්නේය. හතරේ පහර තුනක් එල්ල කරන්නේය. ඔලේ ස්ටොන්ගේ පන්දුවකට යළිත් ජෝ රූට් අතට උඩපන්දුවක් දී දැවී යන්නේය.

මේ දැවී යාමත් සමග නයිට් වොච්මන් ලෙස පිටියට එන ප්‍රභාත් ජයසූරිය සමග හිටපු නායක දිමුත් කරුණාරත්න නොදැවී ක්‍රීඩා කරමින් ඉන්නේය. දිමුත් නොදැවී ලකුණු 23කි. ප්‍රභාත් නොදැවී ලකුණු 03කි.

 දරාගැනීම. අත් නොහැරීම සහ විශාල ආත්ම විශ්වාසයක් සහිත ක්‍රීඩාවක් දැන් අපට අවශ්‍යය. අත්දැකීම වැදගත් වන්නේ මේ මොහොතේය. දිමුත් මැතිව්ස්, චන්දිමාල් , ධනංජය, මෙන්ම අපේ ටෙස්ට් ක්‍රීඩාවේ තරු බලාපොරොත්තුව වූ කමිඳු මේ තරගයේ අපේ පරාජයේ ස්වරූපය හෝ සිහින ජයග්‍රහණයක උත්කර්ෂය තීරණය කරනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් හැර සියලුම ඉන්ධනවල මිල අඩු වෙයි!

Next Post

කලිසම හැලුනත් උස්ස උස්ස හරි ලොක්කා ගානට වැඩේ දෙනවා… චාමර සම්පත් රනිල් ගැන කියයි….

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.