සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලා ඔය බස් රථ සිද්ධිය…  ජීවිත 68ක් අනතුරේ දමා 02ක ගේ ජීවිත අහිමි කළ   බස් රථ  රියදුරාට මිනී මැරුම් චෝදනා ගොනු වෙයි!

ශ්‍රී ලංකා මාර්ග අනතුරු පිළිබඳ නඩු ඉතිහාසයේ විශේෂ අවස්ථාවක්...

by editor
ජනවාරි 14, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිට්වා සුළි කුණාටුව  සමග ඇතිවූ අධික වර්ෂාව නිසා පිටාර ගලන කලා ඔය පාලම මතින් බස් රථයක් ධාවනය කරමින් මගීන් දෙදෙනෙකුට මරු කැඳවා මහාධිකරණ විනිසුරුවරයෙක් ඇතුළු මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ දැමූ බස් රථයේ රියදුරු මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා  යටතේ රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය අද (14) ප්‍රකාශ කළේය. 

පොලිසිය පවසන්නේ මේ රියදුරු අනතුරුදායක තත්ත්වය සම්බන්ධ පොලිස් නියෝග සහ නැවත නැවතත් නිකුත කළ මහජන අනතුරු ඇඟවීම් නොතකා මෙම අනතුරු දායක පියවර ගෙන තිබුණු බවය.  පොලිසිය විසින් දණ්ඩනීති සංග්‍රහයේ 269 සහ 300 වගන්ති යටතේ මිනී මැරිම සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා රියදුරෙකුට  ගොනු කිරීම මාර්ග අනතුරු නඩු සඳහා ලංකාවේදී  ගත් අසාමාන්‍ය දැඩි පියවරක් ලෙස වාර්තා වී තිබේ.

බලගොල්ලාගම, සාලියවැව ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක කුමාරසිංහ ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකාර රියදුරු මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා මත ජනවාරි 21 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය අද (14)  නියෝග කර තිබේ.

සුළි කුණාටු ආශ්‍රිත ගංවතුර අතරතුර පාලම හරහා ගමන් කිරීමෙන් රියදුරු දැනුවත්ව මගීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බව තඹුත්තේගම  සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට දන්වා සිටියේය.  එබැවින් මේ තැනැත්තා මිනී මැරීමක් සහ මිනී මැරීමට තැත් කිරීමක් සිදුකර ඇති බවද පොලිසිය අධිකරණයට පැහැදිලි කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තර්ක කළේ මිනී මැරීමට හෝ ජීවිත අනතුරේ හෙළීමට  කිසිදු අදහසක් මේ රියදුරාට නොමැති බවත්, මිනීමැරුම් චෝදනා  ප්‍රමාණය ඉක්මවා යෑමක් බවත්ය. ඒ අනුව සැකකරුට එරෙහිව මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කිරීම යුක්ති සහගත සහ සාධාරණ නොවන බවද ප්‍රකාශ කල නීතිඥයින් සැකකරුට එරෙහිව එල්ල කර ඇති ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ඉවත් කර සැකකරු ඔනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා  නීතිඥවරුන්ගේ එම ඉල්ලීම්  ප්‍රතික්ෂේප කර  මිනී මැරුම් සහ මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා යටතේ මෙම නඩුව සැකකරුට එරෙහිව පවත්වා ගෙන යාමට තීන්දු  කරනු ලැබුවේය. මෙම අවස්ථාවේදී චෝදනා ඉල්ලා අස්කර ගත නොහැකි බවත්, ඕනෑම ඇප අයදුම්පතක් මහාධිකරණයට   ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා  සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම පවතින බව පොලිසිය පැවසීය.  පැමිණිල්ල වෙනුවෙන් රාජාංගනය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහගේ උපදෙස් මත සැරයන්වරුන් වන (28004) තිලක් සහ (71992) දිසානායක පෙනී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොමාන්ඩෝ සෙබලුන් දෙදෙනෙක් සමග අත් අඩංගුවට ගත් ස්නයිපර් ගිනි අවිය අපරාධ සඳහා භාවිතා කළා දැයි පරීක්ෂා කරන්න… අධිකරණය නියෝග කරයි.

Next Post

ආනයනික කිරි පිටි මිල අඩුවෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.