ශ්‍රී ලංකාවේ විදේශ විනියම සංචිත 2019 සිට 2021 දක්වා 79% කින් පහත වැටී ඇති බව PublicFinance.lk වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රාජ්‍ය මූල්‍ය වේදිකාවන් පෙන්වා දී ඇත්තේ කලාපීය මිතුරු රටවල් මේ වකවානුව තුළ විදෙස් සංචිතයන්හි වර්ධනයක් අත්පත් කරගනිද්දී මෙම බරපතල හායනය නිරීක්ෂණය වී ඇති බවයි.
ඒ අනුව විදෙස් සංචිතවල පහත වැටීමට වසංගතය පමණක් හේතුවක් ලෙස ආරෝපණය කළ නොහැකි බව එම නිරීක්ෂණ වාර්තාව සඳහන් කරයි.
එය එසේ වූවා නම්, අනෙකුත් කලාපීය සගයන් ද එම පරිහානිය අත්විඳිය යුතුව තිබූ බව ශ්‍රී ලංකාවේ පුරෝගාමී රාජ්‍ය මූල්‍ය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත.







