මනම්පිටිය නිමල් ජයරත්න –
වැලිකන්ද කාලිංග විල අලිමංකඩේ මවගෙන් තනිවූ අලි පැටියකු වැලිකන්ද වනජීවි නිලධාරීහු කර මතින් රැගෙන ගියහ.
මේ මවගෙන් තනිවු අලි පැටියාගේ වයස දින හතක් පමණ බව වාර්තා විය. ඌ පිරිමි සතෙකි. මේ අලි සිඟිත්තා වැටී සිටියේය සිහි සුන්වය. 
මෙසේ කිලෝමීටර් තුනක් පමණ දුරක් එම අලි පැටියා කර මතින් රැගෙන එන්නට වනජීවී නිලධාරීන්ට සිදුවිය.
අලි පැටියාට ප්‍රතිකාර දීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාල භාරදුන් බව වැලිකන්ද වන අඩවි සහකාර කේ ඩී ජනක ලංකාසරට කීවේය.







