අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරුණාකරලා වැඩේ හරියට කරන්න… මට තීරණයක් ගන්න ඉඩ තියන්න එපා… ජනපති මහින්දානන්දට දන්වයි!

කාබනික පොහොර නාඩගම කෙළවර මහින්දානන්ද හොඳටෝම නා ගත් හැටි පුවත්පත් හෙළි කරයි!

by editor
ඔක්තෝබර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කාබනික පොහොර පිළිබඳව මේ වනවිට රට තුළ ඇතිවී තිබෙන අප්‍රසාදය භාර ගන්නා ලෙසත් යමක්   හරියට කරන්නට බැරිනම්  ඒ බැරිකම පිළිබදව තීරණයක් ගන්නට  සිදුවන බවත්   තමන්ට යළිත් මේ පිළිබඳව කියන්නට ඉඩ නොතබන ලෙසත්    ජනපති ගෝඨාභය රාජපක්ෂ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේට දන්වා ඇතැයි අරුණ දිනපතා පොලිටික්ස් වාර්තා කරයි.

එම වාර්තාවේ මෙසේ දැක්වේ.

ඇල්ලේ හිමියන් බැහැදැක පැමිණි විගස ජනාධිපති ගෝඨාභය කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට දුරකථනයෙන් අමතා ඇත. ආරංචි මාර්ග පවසන පරිදි කාබනික පොහොර පිළිබඳ මේ වන විට සමාජයේ ඇති වී ඇති අප්‍රසාදය පිළිබඳ වගකීම භාරගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම ඇමැතිවරයාට දොස් පවරා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ ජෙනරාල් සුමේධ පෙරේරා එම ධුරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම ඇමැතිවරයාට තිබුණු තදියම පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහිදී දැඩි සේ වි‍වේචනය කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජෙනරාල් සුමේධ පෙරේරා යනු යාපනේ කොටුව කොටි ග්‍රහණයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම හා සරසාලේ යුද මෙහෙයුම දියත් කළ රණ විරුවා වේ. ඒ හැමටම වඩා සුමේද පෙරේරා කෘෂිකර්මාන්ත පිළිබඳ හසල දැනුමක් ඇති මහා ගොවියකු ලෙසද ප්‍රචලිතය.

දුම්බර මිටියාවතේ ඔහු විසින් වගා කර ඇති මහා කෙත් යාය ඊට කදිම උදාහරණ සපයයි. නමුත් මහින්දානන්ද දිගින් දිගටම පසු ගිය කාලේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ “සුමේධ එක්ක මේ කාබනික පොහොර ව්‍යාපෘතිය කරන්න බෑ. එයට තමන්ගේ මිනිහෙක් දාගන්න ඕන“ කියාය.

අවසානයෙදී ජනාධිපතිවරයා මහින්දානන්දගේ වදෙන් ගැලවෙන්න බැරි තැන සුමේධ ඉවත් කර මහින්දානන්දට අවශ්‍ය කෙනා දා ගැනීමට ඉඩ සැලසීය. පත් වූ වහාම මහින්දානන්දගේ ලේකම් කාබනික පොහොර ගැන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ‘‘It’s a simple thing, sir’’ කියායි. රටට අවශ්‍ය කාබනික පොහොර සියයට සීයම රට තුළ නිෂ්පාදනය කළ හැකි බවට ඔවුහු පම්පෝරි ගැසූහ.

නමුත් දිගින් දිගටම දිග්ගැස්සෙන පෝර අර්බුදය හමුවේ ගොවි උද්ඝෝෂණ දිනෙන් දින වැඩි වන විට මහින්දානන්ද හා ඔහුගේ ලේකම් කියා සිටියේ රටේ පෝර අවශ්‍යතාවෙන් සියයට 25ක ප්‍රමාණයක් පමණක් ඔවුනට නිපදවිය හැකි බවයි.

මේ සියලු දේ බලා සිටි ජනාධිපතිවරයා අවසානයේ මහින්දානන්දව ඇමතීය.

‘‘මහින්දානන්ද, ඔයා මට කිව්වනේ සුමේධ එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා. එතුමා අයින් කරලා දෙන්න කියලා. කෝ දැන් එතුමා නැති වුණාම ඔයා වැඩේ හරියට කළාද?. මම ඔයාට කිව්වනේ මේ වැඩේ ගැන දැනුම් තේරුම් තියෙන මිනිස්සු ටිකක් දාගෙන මේ වැඩේ පටන් ගන්න කියලා. නමුත් ඔයාට තාමත් මේ වැඩේ කරන්න බැරි වුණා. මේ වැඩේ කරන්න පුළුවන් මිනිහාවත් ඔයා අයින් කර ගත්තා. මේ ගැන මට ආයිත් වතාවක් කතා කරන්න තියන්න එපා. කරුණා කරලා මේ වැඩේ හරියට කරන්න. නැත්නම් මට තීරණයක් ගන්න වෙනවා’’ යැයි කියමින් ජනාධිපතිවරයා දුරකථනය විසන්ධි කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෆේස්බුක් නම වෙනස් කරන්න සැරසෙයි

Next Post

තොරොම්බල් කර රටට ගෙනා “නැනෝ නයිටජ්‍රන්“ ගැන මෙතෙක් කිසිවෙක් නොකී ඇත්තම ඇත්ත….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.