ලොව විශාලතම සමාජ ජාල මාධ්‍ය වෙබ් අඩවියට හිමිකම් කියන ෆේස් බුක් සමාගම ඉදිරි සතියක කාලය තුලදී සිය සමාගමේ නම වෙනස් කිරීමට නියමිත බව වාර්තාවේ.
තාක්ෂණික ලෝකය පිළිබඳ නවතවම තොරතුරු අනාවරණය කරන වර්ජ් වෙබ් අඩවියට අනුව ෆේස් බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග විසින් එළැමෙන 28 වැනිදා පැවැත්වෙන සමාගමේ වාර්ෂික සමුළුවේදී සමාගමේ නම වෙනස් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
ෆේස් බුක් සමාගම මගින් සිය මෙහෙයුම් කටයුතු සමාජ ජාල මාධ්‍ය වලින් ඔබ්බට යමින් පුළුල් තාක්ෂණික සමාගමක් බවට පත්වීමට මෙලෙස සිය සමාගම් නාමය වෙනස් කිරීමට හේතුව බවද වර්ජ් වෙබ් අඩවිය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම නව තීරණය සම්බන්ධනේ ෆේස් බුක් සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.
ෆේස් බුක් සමාගමේ හිටපු සේවිකාවක් විසින් තරුණ ප්‍රජාවට අයහපත් වන අයුරුන් කටුයතු කර ඇති බවට අනාවරණය කිරීමත් සමඟ මේවන විට මාක් සකර්බර්ග් හට දැඩි අප්‍රසාදයක් එල්ලවී ඇත අතර අදාල සේවිකාව ඇමරිකාවේ කොන්ග්‍රසය ඉදිරියේදීද සාක්ෂි ලබාදීමක් සිදු කළාය.