විදුලිය ගාස්තු වැඩි කිරීම නොවැළැක්විය හැකි වනු ඇති බවත් එම තීරණය අකැමැත්තෙන් වුවද ගන්නට සිදුවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී (08) පැවසීය. අයවැය විවාදයට එක්වෙමින් මේ පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා මේ වනවිට විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 450ක පමණ ණය බරක් පවතින බවත් එය ගෙවන්නට නම් එක්කෝ වැට් බද්ද වැඩි කිරීමට සිදුවන බවත් නොඑසේ නම් විදුලිය බිල වැඩි කරන්නට සිදුවන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා අනාගතය පිළිබඳ ව සලකා බලා මෙවැනි ජනප්‍රිය නොවන තීන්දු ගන්නට සිදුවන බවද සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා “ අපට පසුගියදා ගාස්තු වැඩි කරන්නට සිදුවුණා. ඒක නොකෙරුවා නම් මේ අවුරද්දේ අගොස්තු වැඩි කළා. ඒක මදි අපට රුපියල් බිලියන 152ක අලාබයක් ලැබෙන්නට තිබෙනවා. සම්පූර්ණ අලාභය 2013 බිලියන 300ක්. ඒ අනුව බිලියන 300ක් අපට සොයන්න තිපෙනවා. ඒ එක්කම අපි එන අවුරද්දේ නියගයක් සමහර විට ඇති වෙන්න පුළුන්ත නියගයක් ආවොත් බිලියන 420ක් සොයන්න වෙනවා. වැස්ස ආවොත් බිලියන 352ක් අවශ්‍ය වෙනවා. ගංවතුර තෙක් වැස්සොත් වැඩිවුණොත් බිලියන 295ක් අවශ්‍යයි. ආණ්ඩුවට ආදායමක් නෑ. මුදල් මුද්‍රණය කරන්නද? වැට් වැඩි කරන්නද? වැට් වැඩිකරල වැඩි කරල අන්තිමට බඩු භාණ්ඩ වැඩි කරන්න වෙනවා. නමුත් ඒක කරන්න බෑ. මම දන්නවා මේකට තිනෙ ප්‍රශ්න.ජනවාරි පෙබරවාරි මාසවල ඒ ලෙවල් විභාගෙ එනවාත. මම කැමති නෑ ඒ කායේ විදුලිය කපන්න. කවුරුවත් කැමති නෑ මේක වැඩි කරන්න ජනතාවට තියෙන බරත් අපි දන්නවා. මොකක්ද තියෙන විකල්පය. අමරුවෙන් අල්ලගෙන දැන් චීනය සමඟ සාකච්ඡා අවසන් වනවිට ඊළඟ පියවරට යන්න පුළුවන්. මේ අදායම් ගේන් බැරිනම් පිටින් ආධාර එන්නේ නෑ. අපි හුඟක් කණගාටුවෙන් අකැමැත්කෙන් හරි මේක වැඩි කරන්න වෙනවා මේ ජනප්‍රිය නොවන තීන්දුව ගන්න වෙනවා. එහෙම වුණොත් අනාගතය හොඳ වෙනවා. ජනප්‍රිය තීන්දුව නොගත්තොත් මේක වෙනවා. අපි මෙතන ඉන්නේ ඇත්ත වශයෙන් මේ අමාරු තීරණ ගත්තා. අපෙන් අහනවා මොකක්ද කරන්නේ කියල. බිලියන 400ක් ණයත් එක්ක අපි මොකද කරනනේ? කාටහරි . කෑ ගහන්න පුළුවන්. අපි හැමෝම මේකට වගකියන්න ඕන