ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර නායකත්වය දරන දෙවැනි පරපුර දේශපාලන ව්‍යාපාරය හා එක්ව මෙවර මහ මැතිවරණයට තරග වැදීමට ප්‍රවීන නළු කමල් අද්දරආරච්චි එම පක්ෂය සමග ගිවිසුම්ගතව තිබේ.
කමල් අද්දරආරච්චි සමග තවත් පාර්ශව කීපයක් උවිඳු විජේවීරගේ දෙවැනි පරපුර හා එක් වී තරග කිරීමට නියමිතව ඇත.
කමල් අද්දරආරච්චි ජාතික ජන බලවේගයට සහයෝගය දැක්වූ දේශපාලනයක ජනාධිපතිවරණයේ දි නිරත වූයේය. ඔහු මෙන්ම ජනප්‍රිය නළු රන්ජන් රාමනායක ද ජාතික ජන බලවේගයට හිතවාදී දේශපාලනයක් කරමින් සිටියේය. එහෙත් මේ වනවිට නව දේශපාලන පක්ෂ දෙකකින් කමල් අද්දරආරචිච් සහ රන්ජන් රාමනායක තරගවදිමින් ඇත.
මේ අවස්ථාව පිළිබද අදහස් දක්වමින් කමල් අද්දරආරච්චි පවසා ඇත්තේ අනුර කුමාර දිසානායකට බහුතර මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පත්වන බව තමන් විශ්වාස කරන බැවින් නිවැරදි ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ ඇතිකරගැනීමට තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවය.







