සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඳුකරයේ ද්‍රවිඩ නායකයින්ට ජනාධිපතිගෙන් ආරාධනයක්!

by editor
ඔක්තෝබර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කඳුකරයේ ජීවත්වන දෙමළ සම්භවයක් ඇති ජනතාවට රටේ අනෙකුත් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට හිමි වරප්‍රසාද ලබාදීමට රජය ඉදිරිගාමීව කටයුතු කරන බවත්,     මෙම වැඩපිළිවෙළ සමග එක්වන ලෙස කඳුකරයේ දෙමළ නායකයන්ගෙන්  තමන් ඉල්ලා සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

කඳුරට ජීවත් වෙමින් සිටින ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන  බව කී ජනාධිපතිවරයා සමාජ ඒකාබද්ධවීමේ ක්‍රියාවලියේ  දී අසාර්ථක වී ඇති පිරිසට සහාය වීමට කටයුතු කරන බවටද පොරොන්දු වුනේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මේ බව සඳහන් කළේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් කරන  ලද ඉල්ලීමකට අනුව ඉන්දියාවේ පොන්ඩිචෙරි යූනියන් බලප්‍රදේශය සහ ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ තොගයක් භාරගැනීමේ අවස්ථාවට අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

වසර 23 කට පෙර අභාවප්‍රාප්ත වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන්  සිහිපත් කිරීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ  මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්   විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  වෙත භාර දෙනු ලැබීය.

ඖෂධ භාර දුන් අවස්ථාව…

වතුකරයේ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන අතරම  වතුකරයේ පාසල්වල සංවර්ධනය සහතික කිරීමට තමන් කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙහිදී සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කඳුකරයේ ජීවත්වන දෙමළ සම්භවයක් ඇති ජනතාවට ඉඩම් ලබාදීමට සහ ඒවායේ නිවාස ඉදිකිරීම් කටයුතු සාර්ථකව සිදුකරගෙන යාමට රජයේ සහාය ලබා දෙනුයේ අනෙකුත් ජන කණ්ඩායම්වලට මෙන්ම ඔවුන්ටද තමන්ගේම නිවසක ජීවත්වීමට අවස්ථාව ලැබිය යුතු නිසා බව ජනාධිපතිවරයා පැවසීය.

අධ්‍යාපන කටයුතු අවසන්විමෙන් පසු තරුණ තරුණියන් වතුකරය හැර යාමේ ප්‍රවණතාවයක් මතුව ඇති අතර ඉන් අවදානමට ලක්ව ඇති වතු ආර්ථිකය නැවත  ගොඩගැනීමට  පියවර ගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   වතුකරයේ තරුණ තරුණියන්ට මෙන්ම රටේ සියලු තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරදීමට රජය කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

වතුකරයේ ජීවත්වන ජනතාවගේ අනාගතය සහ වතු ආර්ථිකය නඟාසිටුවීම පිළිබඳ රජය  තවදුරටත් සොයා බැලිය යුතු වන්නේ වතු ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගනිමින් ආර්ථික වශයෙන් නඟා සිටුවීමට බව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අභාවප්‍රාප්ත සෞම්‍යමූර්ති තොණ්ඩමන්   කඳුකරයේ ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ශ්‍රීමා-ශාස්ත්‍රී ගිවිසුමෙන් පසු නැවතී සිටි ඉන්දීය සම්භවයක් ඇති සියලුම ජනතාවට අවිහිංසාව තුළින් පුරවැසිභාවය ලබා දුන් නිසා එතුමා 20 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම නායකයකු බවට පත්ව ඇති බව  ප්‍රකාශ කළේය.

ශ්‍රීමා -ශාස්ත්‍රී ගිවිසුම යටතේ රටින් යා යුතුව තිබූ නමුත් ශ්‍රී ලංකාවේ නැවතී සිටීමට තීරණය කළ පුද්ගලයන්ටත්  පුරවැසිභාවය ලැබුණු බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක,   සෙන්දිල් තොණ්ඩමන්   ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනීමරුවෙකුගේ වෙඩි පහරට ලක්ව යක්කලමුල්ලේ කුරුඳුවාඩියක  මිය ගිය දරුපැටියා ගැන දරුවාගේ  සීයා කියන කතාව!

Next Post

ඉන්දියාව පරදියි…. දකුණු අප්‍රිකාවට කඩුළු 05ක ජයක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.