බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඳාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියගේ අනියම් සැමියා අතින් ඇයගේ දියණිය  අපයෝජනය වෙලා…

දියණියට සිදුවූ අපරාධය සැඟවීමට තැත් කළ නිලධාරිණියට එරෙහිවත් පරීක්ෂණයක්....

by editor
නොවැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ   ස්ථානාධිපතිනියගේ  වයස අවුරුදු 12ක දියණිය එම පොලිස් නිලධාරිණියගේඅනියම් සැමියා විසින් බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි වාර්තා වේ.

මේ සිද්ධිය  සම්බන්ධව පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයකින් පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශ හරහා පුළුල් විමර්ශනයක් ඊයේ (20) ආරම්භ කර තිබේ.

කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ධූරය දරන්නේ පොලිස් පරික්ෂකවරියකි. ඇයගේ සැමියා බන්ධනාගාර ජේලර්වරයෙකි.  මත්කුඩු ජාවාරමක් සම්බන්ධ චෝදනාවක් මත ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ. සැමියා බන්ධනාගාරගත වීමෙන් පසු ඇය ව්‍යාපාරිකයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබේ.

ඇය මෙම ව්‍යාපාරික අනියම් සැමියාත්, දරු දෙදෙනාත් සමග ජාඇල ශ්‍රමදාන මාවතේ පිහිටි නිවසක එකට ජීවත්වෙමින් සිට ඇත.  ව්‍යාපාරික අනියම් සැමියා අතින් දැරිය අපයෝජනයට ලක් වී ඇත්තේ එම නිවස තුළදීය.   මෙම පුද්ගලයා  කලක සිට මේ 12 හැවිරිදි කුඩා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි විමර්ශන අංශ කියයි.

විමර්ශකයින් හෙලි කරගෙන ඇති ආකාරයට  තමන්ට කළ අපරාධය සම්බන්ධව එම දියණිය පොලිස් පරීක්ෂක මවට දැන්වූ විට ඇය කර ඇත්තේ සිය සල්ලාල අනියම් සැමියාට එරෙහිව නීතිමය පියවර ගන්නවා වෙනුවට අපයෝජනයට ලක් වුන දැරියත්, ඇයගේ අනෙක් දරුවාත් දුම්මලසූරිය පදිංචි සිය මවගේ නිවසේ නතර කිරීමය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ අතර පොලිස් නිලධාරිනියකගේ දියණියක් ලිංගික අපයෝජනයට ලක් වී ඇති බව දුම්මලසූරිය පොලිසියට පෙරේදා (19) දුරකථනයෙන් පැමිණිල්ලක් ලැබී තිබේ. එම ඇමතුම අනුව දුම්මලසූරිය පොලිසියේ කණ්ඩායමක් එම නිවසට ගොස් දැරිය මුණගැසී ඇත. පොලිසිය කළ කරුණු විමසීමේ දී දැරිය තමන්ට සිදුවූ අපරාධය මුල සිටම විස්තර කර තිබේ.

ඒ අනුව එම දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

මූලික විමර්ශනවල දී හෙළි වූ කරුණු අනුව මෙම අපරාධය කළ පොලිස් නිලධාරිණියගේ අනියම් සැමියාට මෙන්ම සිය දියණියට සිදුවූ ලිංගික අපරාධය සැඟවීමට තැත් කළ පොලිස් නිලධාරිණියට ද නීතිමය පියවර ගැනීමට සිදුවනු ඇති බව විමර්ශන අංශ සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

William Angliss ආයතනයට වැඩි දියුණු කළ සියලු පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක්

Next Post

කැනඩා බලධාරීන් චීන ඔත්තුකරුවකු අත් අඩංගුවට ගනී

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.